IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ලංකාවෙ නිෂ්පාදනවලට රුසියාවෙන් තාවකාලික තහනමක්

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ.
 
ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන ලද තේ තොගයක තිබී කුරුමිණියකු හමු වීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව එම පියවර ගෙන තිබේ. මේ අනුව ලබන සඳුඳා සිට ශ්‍රී ලංකාවෙන් තේ සහ අනෙකුත් වැවිලි නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට රුසියානු සමූහාණ්ඩුව තීරණය කර ඇත. 
 
මෙරටින් යවන ලද තේ තොගයක තිබී ‘ට්‍රෝගෝඩර්මා ග්‍රානේරියම්’ යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිණි විශේෂය හමුවීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව අදාළ පියවර ගෙන තිබේ. මෙම කුරුමිණි විශේෂය ගබඩා කරන ලද ධාන්‍ය වර්ගවල බහුලව සිටින අතර ලොව සිටින වඩාත් හානිකර කෘමි විශේෂයක් ලෙස ද හැඳින්වේ. 
 
මෙම කුරුමිණි විශේෂය සහල් ඇතුළු ධාන්‍ය වර්ග ගබඩා කරන ස්ථානවල සාමාන්‍යයෙන් සිටින බව පවසන ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි. කිසිදු අවස්ථාවකදී මෙරටින් යවන ලද තේ තොගවල එම කුරුමිණි විශේෂය සිටි බවට තොරතුරු වාර්තා නොවන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
 
කෘමීන් හමු වූ තේ තොගය සහිත බහාලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත්තක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
 
රුසියාව මෙරටින් ආනයනය කරන වැවිලි නිෂ්පාදන මත මෙම තහනම පනවා ඇත්තේ තාවකාලික පදනම මත බවත් ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් අදාළ කරුණු පැහැදිලි කරගත් පසු එම තහනම ඉවත් කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම අර්බුදය විසඳීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් සැලසුණු විගස රුසියාවේ සංචාරය කරන බව ද එම නිවේදනයේ දැක්වේ. 
 
මෙම අර්බුදකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ දෙපාර්තමේන්තුව ආදී ඊට සම්බන්ධිත සියලු අංශ යුහුසුළුව කටයුතු කරන බව ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 
රුසියාව යනු ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළක් වන අතර වාර්ෂිකව රුසියාවට අපනයන තේ තොග ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 50කට ආසන්න වේ. එය සමස්ත තේ අපනයනවලින් සියයට 17කට ආසන්න ප්‍රමාණයකි. රුසියානු තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තේවලට හිමි ප්‍රතිශතය සියයට 23කි.

මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුසියාව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 436ක වටිනාකමින් යුත් තේ ටොන් 141,300ක් ආනයනය කරන ලද බව ද දත්ත වාර්තා සඳහන් කරයි. 



අදහස් (42)

ලංකාවෙ නිෂ්පාදනවලට රුසියාවෙන් තාවකාලික තහනමක්

Bamunuarachchi Friday, 15 December 2017 02:02 PM

එතැනත් කෙලවා ගත්තා නේද? මුළු රටේම ප්‍රමිතියක් නැතිව තිබෙන විට තේ වලට ප්‍රමිතියක් තිබේවිද? පුලුවනිනම් නැවත රත්තරන් බන්දේසියක තියලා තේ වතු ටික සුද්දාට දෙන්න. ඉන්දියන් කාරයා සහ සිංහලයා තේ වතු පාලනයට හෝ එ් සම්බන්ධ වැඩට සුදුසු අය නොවෙයි. ඒ ගොල්ලෝ හොඳ තේ වතුවල කුලී වැඩටය. පලවෙනවා නම් රටේ ප්‍රමිතිය ගැන කෝටියක් දේ ලියන්නම්. හම්බයෝ නම් ලෝකෙටම කසල තේ පටවනවා. අපි බොන තේ එකට කසල තේ කවලම් කරනවා. අපේ මේ කාලකන්නි කමට මූලික හේතුව ලංකාව ඉන්දියාවට ලඟින් පිහිටීමයි.

:       53       952

erdiFriday, 15 December 2017 05:40 PM

බමුණුආරච්චි මහතා. කවදත් තේ වතු රබර් වතුවල වැඩ කලේ ඉන්දියානු දෙමළ අය ඒ මිනිස්සු මේ ජරා වැඩ කරන අය නෙවෙයි වැඩ කරනව පඩියට.සුදදගෙන් වතු පාලනය අපේ ඇම්බැට්ටයෝ ගත්තට පස්සෙ කොහුබත් තමා ඩයි දාල තමන්ගේ ජාතියට පොවන්නෙත්.මුන් මේකම ලෝක වෙළඳ පොළටත් යවනවා දුෂිත නිලධාරිත් මේවට සම්බන්ධයි.ලෝකේ එකම ජාතිය හාල්වලට වැලි කලවම් කරන.මේක අදක ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයි කාලයක සිට වෙන දෙයක්.මොනව කරන්නද අපි ආණ්ඩු හදන්නේ උන්ට හැදෙන්න රට හදන්න නෙවෙයි..

:       0       27

SanjaySaturday, 16 December 2017 02:34 AM

හැබැයි ලංකාවේ අය කට ඇරියොත් 2500 ප්‍රෞඩ ඉතිහාසය ගැන පම්පෝරි ගහයි.

:       3       138

aseSaturday, 16 December 2017 06:29 AM

ඔබත් නියම සිංහලයෙක්, අනුන් තමයි හැමදේටම වැරදි, එක්කෝ ආණ්ඩුව, නැත්නම් වෙනත් ජාතිකයෝ, ඇයි මේ? නරකද වෙනසකට අපි අපේම වැරදි සොයලා හරිගස්ස ගත්තා නම්? එහෙම බැහැනේ? එතකොට අඳෝනාව බැහැනේ නේද?

:       0       49

Dmd Friday, 15 December 2017 02:03 PM

ඇයි බහාලුම් පිළිබඳව මේ තරම් නොසැලකිල්ලක්?

:       0       139

Bamunuarachchi Friday, 15 December 2017 02:20 PM

අර වැට් 69 විස්කි කතාව වගේ කුරුමිණියා සමග තේ බීවොත් හැමදාම ඒ ෆැක්ටරියේ තේම ඉල්ලයි. එතකොට අපිට හැම තේ පැකැට්ටුවකටම කුරුමිනියෙක් දාන්න වේවි.

:       35       11

ChanakaSaturday, 16 December 2017 03:11 AM

බමුණුආරච්චි මහත්තයට තියන්නේ මාර මොලයක් නේද ?

:       0       82

[email protected] Friday, 15 December 2017 03:20 PM

බමුණු අාරච්චිගේ මතය හරි. මේ මුළු රටේම ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතිය කියන එක මේ අය දන්නේ වත් නැහැ. කාගේ හරි බෙල්ලක් මිරිකලා සල්ලි ටිකක් හොයා ගන්න තමයි හැමෝම දඟලන්නේ. පරිපාලනය කියන එක ගෑවිලාවත් නැහැ.

:       3       188

BamunuarachchiSaturday, 16 December 2017 02:58 PM

මහත්තයෝ හොඳ පරිපාලනයක් අපට ලැබුනේ කොහෙන්ද කියා කියන්න. හුදී ජනයාගේ දැන ගැනීම පිණිසවත්....

:       0       12

BamunuarachchiSaturday, 16 December 2017 05:26 PM

එ්ක ලැබුනේ වෙනකාගෙන් වත් නොවෙයි සුද්දාගෙනි.

:       15       28

arnol Friday, 15 December 2017 03:40 PM

මේවට ඉතින් නිලධාරිනුත් වගකියන්න ඕනෑ. බහලුම් පරීක්ෂා කරලා තමයි ඒවාට තේ ටික පටවන්න ඕනෑ. සමහර රටවල් මේක නිසා තමයි තර්ඩ් පාර්ටි ඉන්ස්පෙක්ෂන් එකක් අත්‍යාවශ්‍ය කරලා තියෙන්නේ. උදාහරණයකට බංගලිදේශයට අපනයන කරනකොට බියුරෝ වෙරිටස් කියන තුන්වෙනි පාර්ශවයක් බහලුම පරීක්ෂා කරලා හරි.... කියන කන් බහලුම වහන්න බැහැ. දෙයියන්ගේ නාමෙන් කවුරු කවුරුත් එකතුවෙලා මේක හදා ගන්න.

:       10       408

BamunuarachchiSaturday, 16 December 2017 02:33 AM

ප්‍රශ්නය තිබෙන්නේ කුරුමිණියා සිටියේ බහලුමේද, නැතිනම් බීමට සූදානම් කල තේ කොළ එකේද කියලා? බොහෝ දුරට ඉන්න ඇත්තේ බීමට සූදානම් කල තේ කොළ එකේ.

:       0       5

kavantissa Friday, 15 December 2017 07:24 PM

අපේ ජාතික පුරුද්ද කොච්චර වතුරෙන් අතපය සොදාගත්තත් අත ඉඹලා බලාලා සරමෙන් පිහ දැමීමයි. කුරුමිනියෙක් වෙනකෙනෙකුගේ බත් පතේ හිටියොත් ඌ වත් අරගෙන කනවා ඉතින් තේ පොඩ්ඩේ කුරුමිනියෙක් හිටියාට මොකද ඔච්චර රෙකුලාසි කතාකරන්නේ

:       1       8

කුන්ඩුමණී Friday, 15 December 2017 11:04 PM

ලංකාවේ තේ පාලන මණ්ඩලය, අපනයන දෙපාර්තමේන්තුව වැනි ආයතන බොහෝ තිබෙත්දි කසල තේ යැවීම නවත්වන්න බැරිනම් ආයතන වසා දැමිය යුතුයි. ( මෙම අර්බුදය විසඳීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් සැලසුණු විගස රුසියාවේ සංචාරය කරන බව ද එම නිවේදනයේ දැක්වේ) ඇයි,රැසියාවේ ශ්‍රී ලංකා තානාපති කෙනෙක් නැත්ද? මේ පිළිබදව අගමැතිතුමාගේ “විශේෂ ප්‍රකාශය“ ඉතා ඉක්මනින් නිකුත්කරන තුරැ බලාපොරොත්තුවෙන් සිටිමු

:       1       11

ලුම්බිණි Friday, 15 December 2017 11:40 PM

අර යුද නැව ගන්න එක ඉක්මන් කළා නම් ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා.

:       0       2

අචලා Saturday, 16 December 2017 01:21 AM

ඉතින් මොකක්ද ඕකේ ප්‍රශ්නය. එක කුරුමිණියෙක් හිටියා කියලා මුලු බහාලුමම විසිකරාම හරියනවද? අපි කවදාවත් එක කූඹියෙක් හිටියා කියලා මුලු සීනි බෝතලයම විසිකරලා තියෙනවද?. අනික රුසියානුවන් දෙවැනි ලෝක යුද්ධය දවස් වල මිනීමස් හිටන් කාලා තියෙනවා කන්න දේවල් නැතුව.... ඉතින් කුරුමිණියෙක් හිටියා කියලා මැරෙනවැයි. මේකට වැඩිම වුණොත් අවවාදයක් නිකුත් කරලා ඒ බහාලුමට විතරක් සල්ලි නොදි හිටියා නම් ඒක වඩාත් ගැලපෙනවා. ඔච්චර මිලියන 50 ස් ගණනක තේ දෙන නිසා, එක කුරුමිණියාට මුළු තේ ඕඩරයම තහනම් කරන එක හරි අසාධාරණයි. අනෙක් බහාලුම් වල කුරුමිනියෝ ඉඳලා නෑනේ.

:       82       48

BamunuarachchiSaturday, 16 December 2017 01:23 PM

ඒ අපිනේ මීයෙක් වැටිලා හිටියත් කටින්ම ඌ අරන් පැත්තකට දාලා බොන දේ බොන්නේ. අනික් රටවල කන්නෙත් හැඳි ගෑරුප්පු වලින් සහ චොප් ස්ටික්ස් වලින්. අපට තේ බීම පුරුදු කල සුද්දගේත් තේ බීමේ එටිකට්ස් කියා දෙයක් තිබෙනවා. එහි තේ කෝප්පය අල්ලන හැටි පවා කියා දී තිබෙනවා. නිකමට වාගේ අන්තර්ජාලයේ බ්‍රිටිෂ් ටී එටිකට් කියවා බලන්න.

:       0       3

BamunuarachchiSaturday, 16 December 2017 01:32 PM

කොහොමද කනකොට පරිප්පු එකේ හූනෙක් හිටියොත්? පිඟානේ තිබෙන පරිප්පු ටික අහක දාල ඒ ඇතිලියෙන් තව බෙදා ගන්නවාද.

:       0       0

අචලා Saturday, 16 December 2017 01:31 AM

තහනම් කරනවා නම් තහනම් කරන්න ඕනේ... රුසියාවෙන් ගෙන්වන කිසිම වැඩකට නැති දේවල්. රුසියාවෙන් අපි ගෙන්වනවා මිලියන 10.4 වටිනා ඇස්බැස්ටොස්, මිලියන 1.52ක් වටිනා සින්තටික් රබර්, මිලියන 35.6 වටින තිරිඟු. මේ කිසිම අපනයනයක තේරුමක් නෑ. ඇස්බැටොස් ලංකාව වගේ රස්නේ රටකට ඕනේ නෑ. අනික ඒක දැන් ලෝකයේ ගොඩක් රටවල තහනම්, ඇස්බැස්ටෝස් වහලවල්වලට දැම්මම ගේ රත් වෙනවා පෝරණුවක් වගේ. මිලියන ගණන් ගෙවලා සින්තටික් රබර් ගෙන්වන්නේ ඇයි රටේ ඕන තරම් රබර් තියෙනකොට? තිරිඟු ගෙන්වන්නේ පාන්, බනිස් කෑම හදන්නේ... ඒවා තහනම් කරලා, රටේ තියෙන සහල් පිටිකරලා පාන් බනිස් හදනවා නම් ඒක වඩාත් ගැලපෙනවා.

:       0       38

BamunuarachchiSaturday, 16 December 2017 01:12 PM

කොහොමද අම්මපා ටිකිරි මොලේ? කියලා වැඩක් නැහැ.

:       0       2

BamunuarachchiSaturday, 16 December 2017 02:48 PM

අචලා රුසියාවෙන් ඔය ගෙනෙන ඒවා ඔක්කොම කරදියාන හෝ මීතොටමුල්ල කුණු කන්දට යනවාද? අපි රුසියාවෙන් ගන්න බඩු නැවත්තුවොත් ඒ ගොල්ලෝ අපෙන් ගන්න බඩු නවත්වාවී එතකොට අපේ නිෂ්පාදනවලට මොකද වෙන්නේ?

:       0       42

BamunuarachchiWednesday, 20 December 2017 12:29 AM

අචල අැස්බැස්ටෝස් තහනම් කරන්න ගිහින් ආණ්ඩුව අනාගත්තා නේද? ප්‍රශ්නවල එකවර නොපෙනෙන හේතු සාධකත් තිබෙනවා.

:       0       0

sisira Saturday, 16 December 2017 02:53 AM

කියන්න දෙයක් නැහැ... ලංකාවනේ...

:       0       0

abaran Saturday, 16 December 2017 05:03 AM

මම හිතන්නේ වැවිලි කර්මාන්ත ඇමැතිට රුසියාවට යන්නට මාර්ගයක් හදාගත්තා කියලයි...

:       38       95

shafik Saturday, 16 December 2017 06:52 AM

අලි මදිවට හරක් කිව්වලු...

:       0       3

paala Saturday, 16 December 2017 06:58 AM

ඇමති බොර වතුරේ මාළු බානවා. මේ කෙලවෙලා තියෙන වෙලාවේ ඒ පිට ගහො සංචාරයක් සෙට් කරගෙන.. අපේ සාක්කුවෙන්ද එකටත් බිල? ඕවට වග කියන්න ඕන නිලධාරියෝ, සේවකයෝ එහෙම අස් කරනවා. වෙන රටවල හෝ වෙන කොම්පැනි වල නම්.... එහෙම දෙයක් වෙලා නැද්ද තවම.. එහෙම වෙන්නේ කොහෙද? ලංකාවේ දේශපාලන බත් බැලයන්ට නේද.....?

:       1       6

sarath Saturday, 16 December 2017 07:22 AM

තේකොළ වල නයි හිටියත් හොයාගන්න බැහැ මම හිතන්නේ. පිටරටින් තේකොළ ගෙනැල්ලා හොරාට කරන වැඩ හින්දා කිසිම ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතියට කරන අයටත් හොඳ නැහැ. ලංකාවට කුරුමිණියා ආවා කියලා හොයාගන්න බැරි වුණේ මොකද?

:       0       8

ravi Saturday, 16 December 2017 07:50 AM

වාසනාවකට අපේ රටේ ලෝකයේ හොඳම තේ පලදරුවත් , එත් අපේ කාලකන්නීන්ට මේක ජීවන මාර්ගයක් කරගෙන තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගෙන මේකෙන් ජීවත් වෙන්න තරම් දැනීමක් , අවබෝදයක් , වාසනාවක් .... නැහැ .

:       0       23

BeretSaturday, 16 December 2017 10:08 AM

ශ්‍රී ලංකාවේ පය තිබුණට ඉන්නේ වෙන රටවල තොප්පි දාගෙන. ඉතින් ශ්‍රී ලංකාව ගැන කැක්කුමක් කොයින්ද? හරියට කාන්තාවන් රට යවන ගලේවෙල අනංගයා වගෙයි.

:       13       1

Nishantha Saturday, 16 December 2017 09:48 AM

රුසියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       0       0

BamunuarachchiSaturday, 16 December 2017 03:04 PM

මොන පිස්සුද රා එකේ ඉන්න මැස්සෝ උඩු රැවුලෙන් පෙරාගෙන බොන අපිට තේ එකේ ඉන්න කුරුමිණි මොන සත්තුද නේද?

:       0       54

Bamunuarachchi Saturday, 16 December 2017 01:09 PM

"කවදත් තේ වතු, රබර් වතුවල වැඩ කලේ ඉන්දියානු දෙමළ අය" එර්ඩි කියන එක තමයි මමත් කීවේ. ඒ ගොල්ලෝ හොඳ කුලී වැඩට සහ කන්කානි වැඩට තේ වතු පාලනයට සිංහලයෝ සහ ඉන්දියානුවෝ හොඳ නැත. 1972 දී මම FAO ප්‍රොජෙක්ට් එකක් සඳහා නුවරඑළිය තේ වතු වලින් 35% පමණ ප්‍රමාණයකට ගොස් ඇත. එහිදී මම දැක්කා තේ වතුවල තත්වය. සුද්දගේ කාලේ වතු සහ දැන් කාලේ වතු වල වෙනස. අහෝ සුද්දානනී ඔබලා විසින් අපිට සරිකර දුන් මේ වතු දායාදය රැක ගැනීමට සිංහලයාට බැරිය. එබැවින් නැවත පැමිණ බාරගෙන වතුටික සහ තේ කර්මාන්තය බේරා දෙන්න. සිංහලයනී ඔබලාගේ වතු සල්ලි සමග දුන්නත් අපිට එපා.

:       0       0

Pradeep Liyanage Saturday, 16 December 2017 01:12 PM

මෙම තේ තොගය යැවූ බහාලුම ශ්‍රී ලංකාවට අයිති එකක් නොවෙයිලු. ඒක කලින් ධාන්‍ය පටවපු එකක්ලු. එහෙම කියලා අත පිහදාගන්න පුලුවන්ද වගකිවයුතු අමාත්‍යන්ෂයකට? ඕනෑම කෙනෙක් දන්නවා බහාලුමකට බඩු පැටවීමට පෙර එය හොඳින් සෝදා පිරිසිදු කල යුතු බව. විශේෂයෙන්ම ආහාර සඳහා යොදාගන්නා දේවල් පැටවීමේදී. අපේ රටට ඕනෑම කුණු ගොඩක් විදේශ වලින් ගෙන්වන්න පුළුවන් වුණාට අපි පිට රටවල් වලට යවන බඩු භාණ්ඩ ගැන ඒ රටවල අය හොඳ අවධානයෙන් ඉන්නේ. අපි දැන ගන්න ඕන අපේ බඩු භාණ්ඩවල තියන ගුණාත්මක භාවය රැක ගන්න. එච්.ඒ.සී.සී.පී. නම් වූ ආහාර සංරක්ෂණ ක්‍රියාවලියට අනුව රුසියාව කලදේ හරි.

:       0       112

BamunuarachchiSaturday, 16 December 2017 02:43 PM

බහාලුම්වල කුරුමිනියෝ නොවෙයි මීයෝ හිටියත් කමක් නැත. ඔබ තේ පෙට්ටි දැක තිබෙනවාද? තේ පෙට්ටි තුල තිබෙන තේ වලට හුලන් නොවදිනසේ ඇලුමිනියම් ෆොයිල් වලින් ලයිනින්කර තිබේ. ඉතින් කොහොමද පිටින් කුරුමිනියෙක් යන්නේ? තේ ෆැක්ටරිවල ගොස් තිබෙනවාද? මැලවුණු තේ කොළ අඹරා රෝස් කර හලන තේ වැටෙන්නේ සිමෙන්ති බිමටය. තේ වර්ගකර එතනින් සාම්පල් ගත්තාට පසු බර කිරූ තේ යන්නේ කෙලින්ම පෙට්ටියටය. ගත සාම්පල ටී ටෙස්ටර්ලා ටේස්ට් කර වර්ග කරනු ලැබේ. තේ වල රස දැනේනේ දිව අගට, මැදට නොව දිවේ මැද දෙපැත්තටය. ඒ නිසයි ටී ටෙස්ටර්ලා කට විවෘත්ත කර ඉහලට ගන්නේ. කඩේකට ගොස් ප්ලේන්ටී කියා ඉල්ලා තේ එකේ රස විදීමට බැරිය.

:       31       3

Pradeep LiyanageSunday, 17 December 2017 01:09 PM

අන්න ඔය මහත්තයා නියම පාරට ආවා. එච්චරටම ආරක්ෂිතව අසුරන තේ පෙට්ටියකට කුරුමිණියන් අතුල්වෙන්නේ කොහොමද? එතකොට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන් දන්නේ නැද්ද ඔය තේ අසුරන පිළිවෙල. ඒ නිසාද එයාලා කිව්වේ බහලුමේ සිටි කුරුමිණියන් තේ වලට ඇතුල්වෙලා කියලා. එතකොට ඔය මහත්තයා පිළිගන්නවද තේ ටික පෙට්ටි වලට අසුරන්න පෙර කුරුමිණියන් එයට ඇතුල් වූ බව. ඒ කියන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අපනයන මට්ටමේ නෑ කියන එක. මට මතුකරන්නට ඕන වුන අදහසත් එක තමයි. ජාත්‍යන්තර වෙළඳපල ජයගන්න නම් අපේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහල දමා ගත යුතුයි. බහලුමේ කුරුමිනියෝ නෙමෙයි මීයෝ හිටියත් කමක් නෑ කියලා හිතුවොත් වෙන්නේ අපේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපලේ තිබෙන ඉල්ලුම අඩු වීමයි. මමත් අපනයන අංශයේ ඉන්න නිසා දන්නවා. එහි තිබෙන බැරෑරුම් කම, තේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන දන්නේ නැහැ...

:       0       52

Pradeep LiyanageSunday, 17 December 2017 01:48 PM

ඔන්න මහත්තයෝ අලුත්ම කතාව, නවීන් දිසානායක මහතා කියනවා ඒ කුරුමිණියා වෙනත් වරායකින් අපේ තේ වලට ඇතුල්වෙලා කියලා. එතකොට ඔබ කියන විදියට අධි සුරක්ෂිතව අසුරන ලද තේ වලට වෙනත් වරායකින් කුරුමිණියෝ ඇතුල් වෙන්නේ කොහොමද? සමහර විට නවීන් මහත්තයටත් තේ කර්මාන්තය ගැන දැනුමක් නැතුව ඇති මට වගේම ඔබට තරම්.

:       0       23

BamunuarachchiSunday, 17 December 2017 02:10 PM

ඒකනේ හලෝ මම කිව්වේ... රෝස් වෙලා එන තේ හලන්නේ සිමෙන්ති බිමට කියලා. නමුත් ඕක අද ඊයේ සිට කෙරෙන දේකුත් නොව තේ කර්මාන්තය පටන්ගත් දින සිටම කෙරෙන දෙයකි.

:       4       0

chamara Saturday, 16 December 2017 02:22 PM

උතුරු කොරියාවට දමපු සම්බාධක වල ප්‍රතිඵලද මේ එන්නේ මහත්වරුනි, කල්පනාවෙන් ඉදිරියට තව තව හිතාගන්න අමාරු , අගක් මුලක් නොතේරෙන ප්‍රශ්න පැන නගීවි.

:       0       2

Hafeel Sunday, 17 December 2017 12:34 AM

අපොයි, මේවා මොන කජ්ජක්ද? අපේ රටේ හාල් මිටිවල පදිංචිවෙන ගුල්ලන් ටික දැක්කා නම් ආයිත් මේ රටට එන්නෙම නැහැ.

:       0       5

Neelaka Sunday, 17 December 2017 04:56 AM

මෙන්න අද සිලෝන් ටී වලට වෙලා තියෙන විනාසේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයම හොර වාර්තා නිකුත් කරලා කසල තේ පිටරට යවලා. පොලිසියටත් කොලේ වහලා. ගම්පොලින් අහුවුණු කසල තේ කිලෝ 175000 ක් තේ මණ්ඩලයම මැදිහත් වෙලා රට පටවලා. මේ ඒ තේ නොවෙන්න පුළුවන්. එ්ත් අද ලෝකප්‍රසිද්ධ සිලෝන් ටී වල තත්වය කසල තේ වෙලා. මේවා කාගේ වුවමනාවට සිදුවෙනවද කියලා ජනතාව තේරුම්ගන්න අවශ්‍යයි.

:       0       119

senewi Sunday, 17 December 2017 06:48 AM

මේවා ආණ්ඩුව බටහිරට ආ වැඩීමේ අනිසි ප්‍රතිඵල තමයි.

:       0       125

Bamunuarachchi Sunday, 17 December 2017 02:19 PM

පෙට්ටිවලට තේ අසුරන්න කලින් තේ පෙට්ටියකට කුරුමිනියෙක් ගියානම් එක ෆැක්ටරියේ වරදක්. මම කියන්නේ තේ අසුරා ඇති පෙට්ටියකට කුරුමිනියෙකුට ඇතුළු වීමට අවකාශ නැහැ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බල්ලාට ඇද්ද විදුලිය තරුණයාට මරු කැඳවයි
2025 පෙබරවාරි මස 07 2 0

නිවස තුලට සුනඛයන් පැමිණිම වැලැක්වීම සඳහා පියා විසින් අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුතා විදුලි සැර වැදී මිය ගොස් ඇතිබව සෙවනගල පොලිසිය පවසය


කොන්දොස්තරට පිහියෙන් ඇනලා
2025 පෙබරවාරි මස 07 13 0

බදුල්ල නගරයේ සේනානායක පිටිය අසල දි පිහියකින් ඇණ බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ රියදුරකු ඝාතනය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .


නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට
2025 පෙබරවාරි මස 07 65 0

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ කරන බව ඩිජිටල


මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි
2025 පෙබරවාරි මස 07 3252 0

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට


රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 704 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 1158 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 805 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 754 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site