( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නොමැති බවත්, පවතින්නේ ජාතිවාදී උගතුන් නිර්මාණය කළ ව්‍යාජ ඉතිහාසය කේන්ද්‍රීය කර ගත් ප‍්‍රශ්නයක් යැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (18) පැවසීය.
එම කවුන්සිලයේ 39 වැනි සැසියේදී ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය නියෝජනය කරමින් වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙම අදහස් දැක්වීය.
එහිදී සැසියේ සාමාජික රටවල් හි නියෝජිතයින් අමතමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇති බවය.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද කීය.
‘‘1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග‍්‍රීසීන් වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප‍්‍රමුඛතාවක් ලබා දුන්හ. 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජන කොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංග‍්‍රීසීන් සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළේය. එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවති රටේ ජාතිය, භාෂාව,සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් සියයට 75 නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200 ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් සියයට 10 වත් නොවූ දෙමළ ජනතාව ව්‍යස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබා දීම කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.
බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමත් සමග මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කර ගත්හ.
මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය වූවා. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදු වීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි.
2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබා දුන් දේශපාලන විසදුම ද වේ. එහෙයින් තවදුරටත් විසඳුමක් ගැන කතා කිරීම අනර්ථකාරීය.ලංකාවේ සැබෑ ඉතිහාසය අධ්‍යනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නැති බව යැයිද වෛද්‍ය චන්න ජයසුමන මහතා කීය.
ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය වෙනුවෙන් මෙවර 39වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට මහාචාර්ය චන්න ජයසුමන , රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න, ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි, ඉන්දික ගුණසේකර, මැනික් මාලියද්ද,ලක්ශ්මන් බාන්ස් සහ දුශාන්ති හපුගොඩ, ඇතුළු විධායක සභිකයින් පිරිසක් සහභාගී වෙති.
මොවූහූ ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ප‍්‍රධාන සමුළුවට හා අතුරු සම්මන්ත‍්‍රණ තුනක් සඳහා සහභාගී වීමට නියමිතය.සැසිය ලබන 28 වැනිදායින් අවසන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.
ඔබලා විසින් දරණ මේ වෑයමට අපගේ ප්‍රණාමය. රජයක් විසින් කල යුතු දෙයක් ඔබලා කරන්නේ.
රටේ ජාතිවාදය අවුස්සන්නේ මේ අය මිස, වෙන කවුද?
ඉටු කොට කල යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුලුවන්නම්, නුබයි මගේ පුතා උතුම්. තරුණ මහාචාර්යතුමාගේ කතාව මසුරන්. රට වෙනුවෙන් කතාකළ සැමටම පින්
ඔබතුමන්ලාට අපේ ගෞරවනීය ප්‍රණාමය. ලංකා පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඔබලා වැනි අයයි
නොදන්නා නිසයි අහන්නේ. මේ සංවිධානය ගොඩක් දේවල් වලට රට වෙනුවෙන් පෙනී සිටිනවා.. පෞද්ගලික සංවිධානයක්ද? මේකට ආණ්ඩුවේ සහයෝගය තියෙනවද? ආණ්ඩුව අපි වෙනුවෙන් නොකරන වැඩ මේගොල්ලෝ කරනවා. මේගොල්ලන්ට සල්ලි කොහෙන්ද? මට හිතෙන්නේ අපි මේ සංවිධානයට සල්ලි එකතු කරලා දෙනාද ඕනේ කියලා. ගිහිල්ලා තියෙන්නේ අට දෙනයි .... කොච්චර වැඩක් කරනවද ....
අනාගතයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මෙවන් පුද්ගලයන් පත්කර ගැනීමට හැකිනම් මෙරට වාසනාවන්තම රට බවට පත්කර ගැනීමට සියලුම පුරවැසියන්ට හැකි වේවා.
මගේ ගෞරවනිය ප්‍රණාමය සියලුදෙනාට!!
තියෙනවා.. යුද්දේ ඉවරවුනාට ජනවාර්ගික ප්‍රශ්නය ඉවර වුනේ නැහැ. දෙමල මිනිස්සු අපිට කැමති නැහැ සිංහල අපි වෙනස් වුනෙත් නැහැ. සත්‍ය එසේය..
මහාචාර්යවරයාගේ ඉතාමත් නිරවුල් පැහැදිලි කිරීම ගැන සතුටුයි.
සියලු දේශහිතෛෂී ජනතාව ඔබට ණය ගැතියි. මෙම පුවතට ලැබී ඇති අදහස් ප්‍රමාණය දැක්කම අපේ ජාතිය ගැන දුකක් හිතෙන්නේ.
සැබෑ බෙදුම්වාදය ඇත්තේ දෙමළ, සිංහල අතර හෝ මුස්ලිම්, සිංහල අතර නොවේ. සියළු ජනතාවගේ සිත් තුළය. දේශපාලනය විසින් දේශපාලන පක්ෂ පදනම් කරගනිමින් සියළු ජාතීන් බෙදා වෙන්කර ඇත. ජනතාව දේශපාලනික වශයෙන් නොබෙදෙනා තාක් දුෂිත දේශපාලනයට පැවැත්මක් නැත.
අඩුම තරමේ අපි වෙනුවෙන් අපිවත් සටන්කරනවා දැකීම සතුටක්. ඒ වගේම හොදින් ඉතිහාසය දන්නා මේ වගේ උගතුන් අපි වෙනුවෙන් පෙනී සිට ජාතිවාදීන් කරන බොරුව රටට ලෝකයට පෙන්වාදීමත් ඉතාම හොද දෙයක්. ඔබට අපේ ප්‍රණාමය.
අපගේ ප්‍රණාමය...
මෙතුමාගේ කතාව ශ්‍රී ලාංකික සිංහලයින් සැනසීමට සමත්වුනත් ජාත්‍යන්තරයට පිළිගත හැකි කරුණු ඇතුළත් වී නෑ. දෙමල ජනයාට මහා ජාතිය විසින් දේශපාලනය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් අසාධාරණ සිදුකිරීම 1948 න් ආරම්භ වූවක්. 1956, 1977, 1983 -2009 කාලය තුළ දෙමළ වූ පමණින්ම ඔවුන්ට සිදුවූ කරදර අනන්ත අප්‍රමාණයි. එමගින් ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ගැටළුවක් පවතින බවට දේශීයව හා ජාත්‍යන්තරව පිළිගෙන හමාරයි. තවදුරටත් ශ්‍රී ලංකාව තුළ සුළු ජාතීන්ට අසාධාරණයන් සිදු කරන බව මේ වසරේ දිගන හා මහනුවර සිදුවීම් වලින් තවදුරටත් සනාථ වී තිබෙනවා. එසේ තිබයදී මෙතුමා ලංකාව තුල වාර්ගික ගැටුළුවක් නොමැති බව පැවසීම විහිළුවක්.
දේ්ශ ප්‍රේමීන් උනාට ඇදගෙන ඉන්නේ ටයි කෝටී...............
ජාත්‍යන්තරයට හොඳ අවබෝධය ලබාදීමට ඔබලා දරන උත්සහයට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවනු ඇත......
ලන්ඩන් යනවා නම් ඒ විදිහට අඳින්න ඕනේ කියල තියනව අහල නැද්ද? මේවට රෙද්ද බැනියම්, අමුඩේ ඇඳලා හරියන්නේ නෑ.
ඔබ තුමා හරි. ලංකාවේ තියෙන්නේ දේශපාලකයන්ගේ බළ ලෝබි අරගලයක්. ජනතාව මුලා වෙලා.
ඔබ සැමටම මගේ අවංක ආචාරය " සැබෑ ශ්‍රී ලන්කිකයිනේ "