IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ලංකාව ගැන තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම්‘

( තිළිණි ද සිල්වා )
 
මේ මස අගදී  ජිනිවාහී එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාර්ෂික සැසිවාරයට ශ‍්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍යය සැලසුම් කරමින් සිටින බව  තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන මෙම නව යෝජනාව හුදෙක් 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක‍්‍රියාවට නැංවීම අවධාරණය කිරීම පමණක් ඉදිරිපත් කරන බවත් , ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බි‍්‍රතාන්‍ය රජය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත.
 
ශ‍්‍රී ලංකාවේ සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්ව ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
2015 වසරේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එක්සත් රාජධානිය ඇතුළු  එම රටවල් මුල් විණි.
 
එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරයේදී චාචික වාර්තාවක්  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.එම සැසි වාරය ලබන 25 වන දා සිට මාර්තු 22 දක්වා පැවැත්වීමට නියමිතය.
 

 



අදහස් (0)

‘ලංකාව ගැන තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site