ඉන්දිකා රාමනායක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හා තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා ඇතුලූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
මාධ්‍ය හමුවකදී භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමක් හා ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරය ගැන තර්ජනාත්වකව කතා කළැයි කියන සිද්ධියක් ගැන ලැබුණු පැමිණිලි අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු කොළඹ සිට යාපනය මුලස්ථාන පොලිසිය වෙත පැමිණ මෙම ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම් කේ සිවාජිලිංගම්, එම් ත්‍යාගරාජා, සහ එස් පසුපතිපිල්ලේ යන මහත්වරුන් අද පෙරවරු 8.00 ට යාපනය මුලස්ථාන පොලිසිය වෙත පැමිණ සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 1.00 දක්වා සිදුකළ බව එම නිලධාරියා කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ලැජ්ජා නැහැ...
වහාම සියලු ජනතාව නිශ්ශබ්ද වී රජය ජනතාව වෙනුවෙන් සාධාරණ වී නැවත රටතුළ වන්නට යන ව්‍යවසනයෙන් රට බේරා ගන්න. යාපනයේ සිංහල ජනතාව රටේ ජනතා ප්‍රතිශතය අනුව පදිංචි කිරීමෙන් රටේ සෞභාග්‍ය උදාවේ...
ප්‍රබාකරන් මැතිතුමා, මිස්ටර් ප්‍රබාකරන් කීව අය මේගැන මොකවත් කීවේ නැද්ද?