(ටෝනි කරුණානායක)

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයාට යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනා ලබන 04 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත කන්නංගර මහතා නියෝග කළේය.