IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රෝස් ඉල්ලා අස්වෙයි

(ප්‍රසාද් මුතුකුඩ)

එජාප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය  ඇය විසින් දරනු ලබන සියලු පක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වු බවට සඳහන් ලිපියක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වා  යවා ඇතැයි අද(19) කටාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති  විශේෂ පුවත්පත් සාකච්ජාවක දී පැවසුවාය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හට  කුලී රථ සේවා පහසුකම් සැපයීමේ කවුළුවක් අධිකරණ නියෝගයක් මත නිත්‍යනුකූල ටෙන්ඩරයක් මගින් ලබාදී තිබියදි එයට පරිභාහිරව  සංවාරක බලපත්‍රය නිකුත් කිරිම සදහා ක්‍රිස්තියානි කටයුතු  හා සංචාරක  අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන ආධාරකරුවන් හට ද කුලි වාහන ධාවන බලපත් දෙන කටුනායක ගුවන්තොටුපළ පාළන අධිකාරිය වෙත  බලපෑම් කිරීමත් සමග බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු මෙනවිය  අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතර මතබේදාත්මක හා ගැටුම් කාරි තත්වයක් මතුවන සිදුවීමක් බවට  මෙම ගැටලුව වර්ධනය වී තිබිණි.

පසුගිය දින ඇමතිවරයාගේ මෙම යහපාලන විරෝධි ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්විමට තින්දු කළ බවත් ජනනාධිපතිතුමා සහ අගමැති තුමා මේ සිදුවන යහපාලන විරෝධි ක්‍රියාවට වහා මැදිහත්විම සාධාරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් තම දේශපාලන භූමිකාවේදි කිවෙකුට ණය වී හෝ බයවී නොමැති බවද ඇය කීවාය.



අදහස් (15)

රෝස් ඉල්ලා අස්වෙයි

nisan Wednesday, 19 April 2017 12:53 PM

අපි ඔබතුමිය ගත් ක්‍රියා මාර්ගය ඉතාම අගයකොට සලකනවා.ජය වේවා.

:       24       60

P . De . Silva-Canada Wednesday, 19 April 2017 12:59 PM

කවුරු වුනත් මේ මන්ත්‍රීවරිය කෙලින් ගති ඇති දේශපාලනයෙන් යැපෙන්නේ නැති කෙනෙකු හැටියටයි පෙනෙන්නේ. එවන් අයට ගරු කල යුතුයි. මෙසේ හරියාකාර ලෙස වැඩ නොකිරීම නිසා ඉල්ලා අස්වෙන දේශපාලඥයන් හා උසස් රජයේ නිලධාරීන් අඩුයි. මෙවැනි අය අස් කිරීමෙන් තොරව තබාගෙන අකටයුතුකම් ගැන ක්‍රියාකළ යුතුයි.

:       2       274

saman Wednesday, 19 April 2017 02:29 PM

රනිල් මහත්තය අනේ යන්න එපා කියල වඳී කියලද හිතන් ඉන්නේ? එතුමා එහෙම දෙකට නැවෙන නායකයෙක් නෙවේ . ඊයේ පෙරේදා ඇවිත් තමන් කව්ද කියල නොදැන ඕනවට වැඩ උඩ පනින්න ගිහාම ඔහොම වෙනවා

:       680       504

ප්‍රීති Wednesday, 19 April 2017 02:43 PM

ආ ඕක මොකක්ද මණ්ඩලේ කචල් එකකටනේ ඒ ඉල්ලලා අස්වෙලා තියෙන්නේ? මම හිතුවේ අර මීතොටමුල්ලේ කුණු කන්දේ සිද්ධියට කියලා?? ප්‍රීති

:       339       291

Chanak Los Angeles Wednesday, 19 April 2017 04:23 PM

ඔය පිනට ලැබෙන වරප්‍රසාද වලින් යැපෙනවාට වඩා අත පය සොලවලා ජීවත් වීමට ඔය මඩගොහොරුවෙන් මිදී යන එක වටිනවා .

:       3       80

de silva berlin Wednesday, 19 April 2017 05:50 PM

මේ ගුවන් තොටුපලේ ටැක්සි සංගම් දේශපාලන අතකොලු , ලෝකයේ තිබෙන සෑම ප්‍රධානපෙලේ ගුවන් තොටුපලක ඉඳන්ම , හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබෙනවා කොලමබ ඉඳන් ගුවන් තොටුපලට දුම්රිය මාර්ගයක් තිබෙනවා , අධිවේගී මාර්ගයක් තිබෙනවා , මිගමුව කොළඹ මාර්ගය තිබෙනවා , පොදු ප්‍රවාහන සේවය හිතාමතාම අඩාල කරනවා දේශපාලකයෝ සහ උන්ගේ ගෝලයෝ මේ තත්වය අද ඊයේ ඇති වෙන දෙයක් නොවේ අවුරුදු 30-40 ඉඳන් වෙන දෙයක් , ආණ්ඩුව කතාකරන්නේ මෙගා පොලිස් නගර හදන්න , පොදු ප්‍රවාහන සේවා ප්‍රචලිත කරන්න නමුත් මෙගොල්ලට තිබෙන සම්පත් කලමනාකරණය කරගෙන ගුවන් තොටුපලේ සිට කොටුවට පොදු ප්‍රවාහන සේවයක් හරියට කරගන්න බැහැ

:       0       0

Susil Wednesday, 19 April 2017 08:55 PM

ජෝන් නම් එලොවටත් නැති මෙලොවටත් නැති එකෙක්.. මොකට පක්ෂයේ තියාගෙන ඉන්නවද මන්ද

:       0       7

siri Wednesday, 19 April 2017 11:06 PM

ජෝන් මාම ගිය තැන ගද ගස්සනවා.

:       0       5

පිටිගල මිලානෝ Thursday, 20 April 2017 12:31 AM

අර භාණ්ඩාගාර බිල්පත් හොරාගේ සිට මෙම කතාකරන්න වත් දන්නේ නැති නාකි වැඩකට නැති ඇමතිවරයා රකින පක්ෂයේ සාධාරණ මිනිසුන්ට ඔරවන පක්ෂ නායකයන්ට වෙන්නේ කුමක්ද කියලා ඔවුන්ට මේ ටිකට අමතක වෙලා වගේ. මතකද කලකට පෙර පරාජයේ ලෝක වාර්තා තිබ්බා.

:       0       1

shan saudi Thursday, 20 April 2017 03:26 AM

බලාගන යු අන් පී එක දියවෙලා යයි

:       2       0

sadun Thursday, 20 April 2017 03:49 AM

ජෝන් මහත්තය ඇමති කෙනෙක්. එයා කැමති නම් රජයේ ඔක්කොම ටෙන්ඩර් උනත් එයාගේ හිතවතුන්ට දුන්නට මටනම් කමක් නැහැ. නැත්තන් ඉතින් ඇමති කෙනෙක් වෙලා ඇති වැඩක් තියෙනවද?

:       27       0

heenkenda .. Thursday, 20 April 2017 04:31 AM

ව්යාග්ග්රයා තරහ කරගන්න එපා, බොහොම දරුනුසතෙක්. අන්තිමට " ලංකා"හොස්පිටල් යන්නය් වෙන්නේ.

:       0       2

Mano Thursday, 20 April 2017 05:12 AM

එයාපෝට් එකත් කුණු කන්දක් තමයි.

:       1       4

mahinda Thursday, 20 April 2017 06:02 AM

ඔය කියන කරදර කරන ඇමති තුමා ආණ්ඩු ගණනක වැඩ කරලා හම්බ කරපු හැටි ගමේ කට්ටිය තමා දන්නේ. රෝස් ගත්ත තීරණේ හරි.

:       0       8

Senarath Thursday, 20 April 2017 09:22 AM

මෝඩ ජෝන්ගේ වැඩවලට කාටද පක්ෂයේ ඉන්න පුළුවන් ? රනිල්ට කොන්දට පොල්පිත්තක් බදින්න ඕනේ මේ මෝඩ ජෝන්ගේ වැඩවලට විරුද්ධව යමක් කියන්න පුළුවන් වෙන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 855 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site