පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේ දී විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙන්නේ ව්ලැඞ්මීර් පුටින් මහතා ලබාගත් මෙම විශිෂ්ඨ ජයග‍්‍රහණය නායකත්වය සහ දේශපාලන පරිනතභාවය පිළිබඳ රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවයි.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සබඳතා වඩාත් ප‍්‍රගතිශීලි සහ ශක්තිමත් සබඳතාවයක් බවට පත්කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දෙරටේ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටට හැකියාව ලැබෙනු ඇති බවද සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
435
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියා ජනපති පුටීන්ට ජනපති මෛත්‍රිපාලගෙන් සුබ පැතුම්
Lusenaa Tuesday, 20 March 2018 03:34 PM
අන්න ආදර්ශයක් ගන්නවානම් නියම කොන්දක් ඇති රටට ආදරේ නායකයෝ