මොස්කව්හිදීය (ඒ.එෆ්.පී)
ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. කිසිදු නිශ්චිත වැඩසටහනක් ඉදිරිපත් නොකරමින්, විරුද්ධවාදීන් සමඟ විවාද කිරීම ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපතිවරයා සැරසෙන්නේ නැවත වතාවක් තේරී පත්වීමකට වඩා එහා ගිය යමකට යැයි දේශපාලන විචාරකයෝ පවසති.
හැටපස්වන වියේ පසුවන පුටින් ජනාධිපතිවරයා ලොව බලවත්ම නායකයකු ලෙසින් හැඳින්වෙන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිව්වැනි වරටය. ලබන මස පැවැත්වෙන මැතිවරණයේදීද පුටින් ජනාධිපතිවරයා සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි අපේක්ෂිතය.
පුටින් ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයගන්නා බව පවසන විශ්ලේෂකයෝ එය රුසියාව ‘සෝවියට් යුගයට’ ගෙන යන්නක් බව පවසති.
“කිසිදු පූර්ව වැඩසටහනක් නොමැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එකම අපේක්ෂකයා පුටින්. එය එක්තර ආකාරයක අනතුරු ඇඟවීමක්. එය එක්තරා විදියකින් ජනතාව නොසලකා හැරීමක්” යැයි කානෙගි මොස්කව් මධ්‍යස්ථානයේ ආන්ද්‍රි කොලෙස්නිකොව් පැවැසීය.
අනෙකු-ත් අපේක්ෂකයන් සමඟ පැවැත්වෙන විවාද මග හැරිය ද ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරය ශක්තමත් මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පෙන්වාදීමට හැකිය. “ශක්තිමත් ජනාධිපතිවරයකු ශක්තිමත් රටක් නිර්මාණය කරනව” යන පාඨය සහ පුටින්ගේ රුව දැක්වෙන විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු මොස්කව් නුවර දක්නට තිබේ.
055
2025 නොවැම්බර් මස 04
248
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1598
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරණයට
sirimal Friday, 16 February 2018 02:00 PM
අම්මෝ. ශීර්ශපාඨය දකින කොට අපේ රටේ දැන් පවතින වාතාවරණය ගැන හිත හිතා හිටියේ. පපුව නිකන් ගිඩිස් ගාල ගැස්සුනා.
asanka Friday, 16 February 2018 08:55 PM
නියත ජයග්‍රහණයක්, විලැද්මීර් පුටින් ජනාධිපතිතුමා තම පණ මෙන් රටට ආදරය කරන නායකයෙක්... නියම දේශප්‍රමියෙක්...
pakeer Saturday, 17 February 2018 11:00 AM
අනිවාර්යයෙන් පුටින් ජය ගන්න ඕනේ. රුසියාව වැටිලා තිබුණු ආර්ථික ප්‍රපාතෙන් ගොඩගත්තේ පුටින්, නැතිවෙලා අජපල් වෙලා තිබුණු ජාත්‍යන්තර කීර්තිය නැවත රුසියාවට ගෙනාවේ පුටින්, මේක ලංකාවේ වගේ ඡන්දයක් නෙමෙයි. ලංකාවේ වගේ මී හරක් ඡන්දෙ ඉල්ලන එකකුත් නෙමෙයි.
daham Saturday, 17 February 2018 12:17 PM
අන්න නායකයෝ. තම රට, ජාතිය ගැන හිතන ඇමෙරිකන් බරව කකුල ඉදිරියේ නොසෙල්වෙන ජනතා පුත්‍රයන්. ජය වේවා!!!