(රංජන් කස්තුරි)

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රොෂේන් චානක ඝාතනය වීමේ සිද්ධියට අදාළ මහානාම තිලකරත්න වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කොට ඔහුගේ ඥාතීන්ට සාධාරණයක් ඉටුකරන බව කැබිනට් සම ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

රොෂේන් චානක ඝාතනය වී වසර 6ක් ගතවනතුරුත් එම වාර්තාව එළි දැක්වීමට නොහැකි වූයේ ඇතැම් නිලධාරීන් එය යටගසා තිබූ නිසා බවද ඇමැතිවරයා කියා සිටියේ අද(19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.