
(*** නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරු රියාජ් බදියුදීන් මහතා මාස පහකට පසු නිදහස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් වීමෙන් පසු ඊයේ (29) සවස 5.00ට පමණ මෙලෙස නිදහස් වූ රියාජ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇතැයි ද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
පුත්තලමේ පිහිටි රියාජ් බදියුදීන් මහතාගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 14 වැනිදාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රියාජ් බදියුදීන් මහතා සමග නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොම්මදු අමීන් මොහොමඩ් අස්මින් නමැති කෝටිපති ව්‍යාපාරිකයා සහ රේගු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විටත් එම දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.
මෙම සැකකරුවන් සියලුදෙනාම පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ ඉකුත් අප්‍රේල් මස 15 වැනිදාය.
2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිෂාඩ්ගේ මල්ලි මාස 5 කට පසු මුදාහරී
Nuwan Wednesday, 30 September 2020 05:56 AM
ඒකනේ කිව්වේ ගනුදෙණු කතාකරගන්නකම් පොඩ්ඩක් ඉන්න කියලා. හිටියට පාඩු නැහැනේ..!!!
විජේ Wednesday, 30 September 2020 06:34 AM
හැමදාම වගේ කොහෙවත් ඉන්න අහිංසකයෙක් එල්ලුම්ගස් යයිද දන්නෑ අන්තිමට...
fairoos Wednesday, 30 September 2020 06:59 AM
රිෂාඩ් පොහොට්ටුවට ගිහිල්ලද?
pradeepa Wednesday, 30 September 2020 07:57 AM
බදූර්දීන් එක්ක ඩීල් එකක් දැම්මද? පුදුමයිනේ.. අන්තිම දවස්වල මෙයා සියලු දේවල් වලට සම්බන්ධ බව ආණ්ඩුවම කීවා නොවැ. ඉතින් කොහොමද නිදහස් වෙන්නේ..?
upul Wednesday, 30 September 2020 08:42 AM
නරිනාටක....
Hafeel Wednesday, 30 September 2020 11:25 AM
එහෙමනම් ආණ්ඩුව විස්සට ඔලුගෙඩි ලෑස්ති කරනවා වගේ. මේක සම්පූර්ණ දේශපාලන රඟපෑමක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මෙයාට සෘජුව සම්බන්ධකම් තිබුණයි කියලා. දැන් නිදහස්.. 69 ලක්ෂයක බලාපොරොත්තු මුකුත් මේ ආණ්ඩුව තුළ නැහැ.
මෝ Wednesday, 30 September 2020 01:34 PM
බදියුදීන් ආණ්ඩුවට යයි වගේ...
kala paluwa Wednesday, 30 September 2020 10:45 PM
ගෝඨාභයගේ කටින් පිටවුණු දේකින්ද? නැත්තම් ඩෝසර්ගේ NGO කියත් මගේ උපදේශයකින්ද?