IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


රවී අධිකරණයට පැමිණෙයි

 (නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ )
 
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  ඇතුළු   පස්  දෙනකු  මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත්  අධිකරණයට පැමිණියේය.

මහබැංකු බැඳුම්කර වංචා  සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස  වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට  කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන්  අද උදෑසන  නියෝග කෙරිණි.

ඒ අනුව , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂිස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන,චිත්ත රංජන් හුළුගල්ල  යන පිරිස මේ වන විට නීතීඥයින්  සමග අධිකරණයට පැමිණ සිටිති.

 ( ළහිරු හර්ෂණ - ඡායාරූප) 

 



අදහස් (33)

රවී අධිකරණයට පැමිණෙයි

rama Friday, 13 March 2020 10:08 AM

ආවා නම් හිර කූඩුවට දාලා බල්ලෝ බැඳලා තියන්න..

:       65       155

RaveendraFriday, 13 March 2020 10:59 AM

ඇත්තෙන්ම මොනතරම් අවාසනාවක්ද, මෙවන් තක්කඩි මූසලයින්ට නිසිලෙස නීතිය ක්‍රියාත්මක නොවීම... එහි හොඳම අවස්ථාව තමයි මෙවන් මහා හොරකමක් කරලත් සිනාව රඳවාගෙන නීති දෙව්දුවටත් පිටින් යමින් මොවුන් උසාවියට එන විදිය....

:       10       74

Mahee Friday, 13 March 2020 10:09 AM

ඔව් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නොව, අතවත් තියන්න එපා කියලා මහේස්ත්‍රාත්වරය‍ාට නියෝග දීලානේ එවල‍ා තියෙන්නේ...

:       2       131

chan wijesundera Friday, 13 March 2020 10:09 AM

ඉක්මණටම ටිකට් එක ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... රටට කරලා තියන අපරාධ වලට....!!!

:       49       128

Kuma Friday, 13 March 2020 10:10 AM

කොහෙද හිටියේ.? නයෙක් ගැහුවද?

:       0       37

karuFriday, 13 March 2020 10:33 AM

මහින්ද රාජපක්ෂගේ ගෙදර....

:       348       376

sampathFriday, 13 March 2020 10:58 AM

මහින්ද කියන්නේ රනිල් වගේ කෙනෙක් නෙමෙයි.

:       166       156

mihiraFriday, 13 March 2020 10:52 AM

මහින්ද රාජපක්ෂගේ ගේද...? මැද මුල්ලනේ...

:       39       34

karuFriday, 13 March 2020 11:30 AM

නැහැ.. කොළඹ ගෙදර....!!!

:       41       69

WCA Friday, 13 March 2020 10:11 AM

කොහෙද හිටියේ...? මම බය වෙලා හිටියේ..

:       0       78

RaveendraFriday, 13 March 2020 11:02 AM

ලෝක හොරුන්ගෙන් තවක් ලෝක හොර නඩයක් ගෙදර ලිප්බෝක්කේ හැංගිලා ඉඳලා අළු ගසලා දාලා කෝට් කබා ඇදගෙන එන විදිය...

:       1       27

kumara Friday, 13 March 2020 10:12 AM

අපෝ අපි බයේ හිටියේ නිරෝධනය වෙනවා කියලා...

:       0       34

mp Friday, 13 March 2020 10:21 AM

කිරිසප්පයා හිටියේ කිරි බොමින්ද?

:       0       32

RaveendraFriday, 13 March 2020 11:45 AM

තාම කිරෙන් ඇරිලා නැහැ. ඇස් ඇරලත් නැහැ. ඒකනේ කනවැල අල්ලාගෙන එන්නේ...

:       0       3

Hafeel Friday, 13 March 2020 10:24 AM

වරන්තුවකට බයවෙන මේ බයගුල්ලෝ කොහොමද රට පාලනය කරන්නේ?

:       25       54

sunilFriday, 13 March 2020 10:35 AM

ඇයි දැන් රට පාලනය කරන ලොක්කාත් කළේ ඕකමනේ...මාව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලීසියට කියන්න..." කියලා උසාවියට කි වරක් ඔය ලොක්කා බැගෑපත් වෙලා තියෙනවාද...ඔක්කොම හොරු.

:       177       234

Hafeel Friday, 13 March 2020 01:40 PM

එ්ක තමයි සුනිල්... දෙගොල්ලෝම හොරු. ජනතාවත් මේ හොරුන්ට ඡන්දෙ දෙනවා.

:       0       17

Buddika Friday, 13 March 2020 10:34 AM

හොඳට ඇඳගෙන ආවට රටම දන්නවා මෙයා ගැන. මෙයා හැංගිලා ඉන්නේ මේ ආණ්ඩුවේම උදව්වෙන්. ආණ්ඩුවේ මහ මිනිස්සුන්ගේ ගෙවල් වල. ළඟ එන ඡන්දෙදි ජනතාව රවී ගැන බලාගනියි.

:       3       22

perera Friday, 13 March 2020 10:39 AM

මම දන්නා විදියට රවී කරුණානායක මෑත කාලයේ හිටපු හොඳම මුදල් ඇමති. රේගු අාදායම ඉතා හොඳින් වැඩිකළ අතර අාදායම් පිටත යෑම වැළැක්වීම සඳහා පියවර ගත්තා. මත් බීම බෝතල් සඳහා ස්ටිකර් හඳුන්වාදීම ඔහුගේ හොඳ යෝජනාවකි. මෙවැනි වෘත්තිකයින්ගෙන් වැඩක් නොගැනීම රටේ කරුමයක්... මොහු බැඳුම්කර මගඩියට සම්බන්ධ නොවීය...

:       1121       128

saniFriday, 13 March 2020 11:32 AM

බැඳුම්කර හොරු එයාගේ නෝනාට දුන්න ගෙදර ගැන එයාට මතක නැහැ කීවා "මතකද..?

:       0       75

Pradeep Friday, 13 March 2020 10:42 AM

කොහෙද අප්පා හැංගිලා හිටියේ.. මැදමුලනේ වත්ද..?

:       54       9

Shan Friday, 13 March 2020 10:45 AM

දවස් 14 ක් වැලිකඩ...............

:       9       9

Perera Friday, 13 March 2020 10:47 AM

මේක මාර සෙල්ලමක්නේ... පොලිසියට අල්ලාගන්න බැරි අය නිකම්ම මතුවෙනවා. ටිකක් අවුල් වගේ. කොහේහරි මොකක් හරි වැරැද්දක් තියනවා. මේවා ලංකාවටම හොඳයි. වෙන රටවල්වල නම් මෙහෙම වෙන්නේ නැහැ. අපි හිතුවේ ගෝඨාභය ජනාධිපති වුණාම මේ සෙල්ලන් ඔක්කොම ඉවරයි කියලා... බැලින්නම් තාම තියනවනේ...

:       0       97

RaveendraFriday, 13 March 2020 11:36 AM

රත්මලානේ අන්ධ, ගොළු, බිහිරි පාසලේ අධ්‍යපානය ලැබූ වැඩිම පිරිසක් ශ්‍රී ලංකා පොලිසියේ සිඅයිඩී අංශයේ සිටීම රට මොනතරම් ආඩම්බරයක්ද?

:       0       38

Namal Friday, 13 March 2020 10:51 AM

ඔක්කොම හොරු තමයි.

:       0       22

සනත් ඉතාලිය Friday, 13 March 2020 10:53 AM

බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා... රන්ජා නෙමේ නියම වන් ශොට් කෙනෙක්ගේ අවශ්‍යතාවය රටටම දැනෙන මොහොතක්...

:       18       8

මහසෙන් Friday, 13 March 2020 10:58 AM

මොහු නීතියට පිටුපා ඇත..

:       0       27

විපරමා Friday, 13 March 2020 10:58 AM

මේවා කොහොමටත් දේශපාලුවන්ගේ බොරු රඟපෑම්... අපි ඔය දේවල් මීට කලිනුත් දැකලා තියෙනවා...

:       0       8

de silva Friday, 13 March 2020 11:32 AM

එළියේ ඉඳගෙන හොරකම් කරමින් එජාපෙ විනාශ කරන රවී වැනි පුද්ගලයෙක් ඇතුලට දමන්න... පොහොට්ටු නායකයින් කැමතිද?

:       0       36

Samitha Senaka Aluthgamage.(Japura University.) Friday, 13 March 2020 11:39 AM

මේ රටේ නීතියේ දෙව්දුව දැඩි නින්දේ. ඒ නිසා මොවුන් නිදැල්ලේ. මොවුන් නීතියට බය නෑ. ගමේ නූගත්, අසරණ මිනිස්සු වරදක් කළොත් ඔහුටනම් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙවන් රටක කුමකටදෝ නීතිය හා විනිසුරන්............

:       100       102

Rohana Friday, 13 March 2020 03:25 PM

උසාවියෙන් ප්‍රශ්න කළාම මට මතක නෑ. මම දන්නේ නෑ කියලා යසට බේරිලා යයි..

:       0       27

Sanath w A Wednesday, 18 March 2020 10:01 AM

අඩුම තරමින් උසාවිය මගහැරිය කියලා වත් රිමාන්ඩ් කරන් නැද්ද?

:       0       13

හිටං Wednesday, 18 March 2020 10:39 AM

හැංගිලා හිටපූ තැන කියන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

වීඩියෝ දර්ශන



කම්කරු නි.ඇමති හර්ෂට ගීයකින් පිළිතුරු දෙයි
2025 පෙබරවාරි මස 18 2336 6

හර්ෂගෙ පාර්ලිමේන්තු කතාව ඇහුණු විට තමාට පණ්ඩිත් අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා යන සින්දුව මතක් වූ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍


කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි
2025 පෙබරවාරි මස 18 6336 2

ඇමෙරිකාවේ සිට කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය.




මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 337 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 150 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1010 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site