තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම  ලබන දෙසැම්බර් 12 වැනිදාට කල් තැබීමටද අභියාචානාධිකරණය අද  (04) තීන්දු කළේය.
 
නඩු තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරයාගේ බිරිය සෂිකලා රවිරාජ් මහත්මිය විසින්  ගොනු කරනු ලැබූ ප්‍රතිශෝධන පෙත්සම අද (04) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.