රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ සතුටු බවත් එසේ නමුත් මෙම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු තොරතුරු එළිදරව් විය යුතු බවත් අනෙක් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාතමක විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙය ආණ්ඩුවේවත් විපක්ෂයේවත් ජයග්‍රහණයක් ලෙස කිසිවකුට හෝ සතුටුවිය නොහැකි බවත් ඔහු කීවේය.
‘‘එතුමාගේ අදහස අනුව ඒ පූර්වාදර්ශය හොඳයි. හිටපු මුදල් අමාත්‍යවරයා චෝදනාව දන්නා නිසා මේ ක්‍රියාවලිය විශ්වාස භංගයකින් පරාජය වීම සහතික නිසා කලින්ම ඉල්ලා අස්වීම හොඳයි. නිධානයට බිල්ල වුණේ එතුමා වුණාට තවම නිධානයට මොකද වුණේ එය මංකොල්ල කෑවේ කවුද කියා සොයාගෙන නෑ. එතුමා කටින් මෙතන කිව්වත් ඉල්ලා අස්වීම ආඩම්බරයක් කියලා නමුත් එතුමාගේ හදවත දන්නවා මේක වංචාවක් කියලා. කෝප් කමිටුව ලබාදුන් වාර්තාවේ කොටසක් ලෙස මෙය ජනපති කොමිසම හමුවේ එළිදරව් වූ සාක්කි අනුව මුදල් ඇමැතිවරයාට පසුපෙළ අසුන් ගැනීමට සිදුවුණා. ඒ අනුව ආණ්ඩුව මුහුණ දුන් අර්බුදයට විසඳුමක් ලැබී තිබෙනවා. නමුත් ගැටලුව මේ ක්‍රියාවලියෙන් අපේ ආර්ථිකයට ඇතිවූ පාඩුව රටට සිදුවූ ආර්ථික හානිය විශාලයි‘‘ යැයි ද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
යහපාලනය යනු හොරකම් කර අසුවුණාට පසු ඉල්ලා අස්වීම නොවන බවත් මේ රටේ වංචා දූෂණ ඉතිහාසයක් පුරා සිදුව ඇති බවත් පරණ හොරුන් සහ අලුත් හොරුන් ආරක්ෂා කිරීම ආණ්ඩුව සිදුකරන අතර එහි එක් බිල්ලක් ලෙස පමණක් රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම සිදුවූ බවත් ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පව්කාරයට ගල් ගහලා වැඩේ ඉවර කළා. අනික් ඔක්කොම ශුද්ධවන්තයෝ හැටියට ජාම බේර ගත්තා.
මේ, ඒක නෙමෙයි... අපිටත් හොරකමක් කරලා, ඒක ඉල්ලා අස්කරගෙන නිදහස් වෙන්න පුළුවන්ද?,
හරියට හරි නියම කතාව.
සහතික අැත්ත. දැන් ලොකු හපන් කමක් කළා වගේ යහපාලනේ අය කියවකියවා ඉඳීවි. හැබැයි ජනතා මුදල් හොරා කාපු අය යහතින් ඉදීවි.
දැන් මේ ජවිපෙ මන්ත්‍රීතුමන්ලා පොර ටෝක් දුන්නට මීට කලින් මේ වගේ ඉල්ලා අස්වෙලා නැහැනේ. විශ්වාස භංගයක් ආවත් රවී ඇමතිතුමා පරදවන්නේ නැහැ. අවශ්‍ය නම් ඔය පාර්ලිමේන්තුවේ භාගයක්ම සල්ලි දෙනවා නම් ඕනෑ පැත්තකට ඡන්දෙ දේවි. මේක නව දේශපාලන ආදර්ශයක් වේවි.!!!
ඔබතුමාලට පුළුවන් මේ අවස්ථාවේ පක්ෂ විපක්ෂ නොබලා මෙවැනි දුෂණ සම්බන්ධ පුද්ගලයන්ට විරුධව දෝෂභියෝග ගෙන එන්න, එතකොට කිහිපදෙනෙක් එලියට විසිවේවි
සතුටු වියයුත්තේ රටේ ජනතාව.
සුනිල් හඳුන්නෙත්ති ඔබගේ කතාව හරියටම හරි. ජයවේවා
ඔහු අයින් වුණ එක ඉතා හොඳයි. ඒක යහපාලනයටත් වටිනවා. දැන් ඒ මුදල් ටිකත් කොහොම හරි ගත යුතුයි. ඕක ඔහොම කරන්න කියා කියපු ලොක්කාටත් බඩු ලැබෙනවා නම් හොඳා. දැන් මෙතුමා අස් වුණාට අර්ජුන්, ඇලෝසියස්ලාට නිදහසේ ඉන්න දෙන්න බැහැ. මෙතුමාගේ ඉවත් වීමට ජනපතිතුමා චූටි විදිහට යමක් කරලා තියෙනවා. සමහර විට සති දෙකයිනේ කිව්වද දන්නේ නැහැ.
ජනපතිතුමනි, මේ හොරා හැර තවත් හොරුන් සිටිත්ද?
ඡන්දයෙන් පරාද වෙලත් පාර්ලිමේන්තු එන්න පුළුවන් නම් මොනවා කියන්න බැරිද?
පව් ගම්වල ඉන්න අහිංසක මිනිස්සු මෙයාල පස්සේ යනවා