( කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ලංකා ගමානාගමන මණ්ඩලයට අයත් බසයක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
පුද්ගලයින් 25 දෙනාගෙන් සිව් දෙනකු තත්ත්වය බරපතල බවද පොලීසිය සඳහන් කරයි.
ඇතුළත් කළ රෝගීන් අතර කාන්තාවන් 8දෙනෙකු, පිරිමි පුද්ගලයින් 17දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු වන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.







( ඡායාරූප - කාංචන කුමාර ආරියදාස )
COMMENTS
සැමට ඉක්මන් සුවය පතමි
රුප රාමු දැකීමේදී අති පණ්ඩිත රියදුරන්ගේ නම් කිසිදු වැරද්දක් නොමැත.පාර අයිනේ තමන්ගේ පාඩුවේ බොහොම සිමින් ගමන්ගත් රථ දෙක රියදුරු මහෝෂද පඬිතයන්ටත් නොදැනම සිප වැළදගෙන ඇතිබවක් පෙනෙන බැවින් රියදුරු උන්නාන්සේලාට දොස් පැවරීම නොකළ යුතුය. නිදහසට කරුණුද අවශ්‍ය නැත.
දෙවන සහ පස්වන රුප රාමු දැකීමේදී අපගේ සිත්වලට ඇතිවන්නේමහත් දුකකි.මේ අපේ අනාගත දුදරුවන්ය. ඔවුන්ගේ මුනුවල බියකරු බව, තැතිගැනීම කවදා තුරන් කල හැකිද...රියදුරු " මහත්තයලාට " දරුවන් නොමැති නිසා මෙම දරුවන්ගේ බියමුසුබව ඔවුනට අදාළ නැත. " නිතිය අකුරටම ඉටුකරන " නිතරම තම සාක්කු හිස් පොලිස් රාල"හාමි"ලාට ද දරුවන් නොමැති බැවින් ඔවුනට ද දරුවන් කෙරෙහි හැගීමක් නැත.මෙහි සම්පුර්ණ වැරැද්ද ඇත්තේ මෙම රථවල ගමන්ගත් නොවැදගත් මිනිසුන්ය. ඔවුන් මෙම අහිංසක රියදුරු මහත්තයලාගේ ඔලුවට පිස්තෝල තියා ඉදිරියේ එන වාහනයට හප්පපිය කියන්නට ඇත. මරණ බය නිසා රියදුරු මහත්තයලා දෙදෙනාම ගැහි ගැහි එසේ කරන්නට ඇත.ලගපාත කැලේ කැමරාව සගවා සිටි රාල"හාමි"ලා ටික දඩ ලියන පොත රැගෙන දුවගෙන එනවිට සියලුම මගින් සිනහමුසු මුහුණින් අහිංසක රාල"හාමි"ලාට උසුළුවිසුළු කල නිසා කෝපයට පත් අපේ "පොලිෂ් "රාල"හාමි"ලා සිනාසුනු මිනිසුන්ට දඩ කොළ නිකුත් කළේය.
රටේ සියලුම වාහන වලට ඩ්‍රයිව් වීඩියෝ රෙකෝඩර් අනිවාර්ය කරන්න. එවිට අනතුරකදී වරද කාගේද කියා සොයාගැනීමට වෙනත් අයගේ සාක්කි අවශ්‍ය වෙන්නේ නැහැ . ඒ වගේම සියලුම රියදුරන් එවිට පරික්ෂාකාරී වෙයි . මෙම රෙකෝඩර් නැති වාහන වලට අනතුරකදී වන්දි ලබාගැනීමේ හැකියාව නැති කලොත් සියල්ලෝම මෙය පාවිච්චි කිරීමට පුරුදු වෙයි . අලියෙක් ගන්න පුලුවන්නම් හෙණ්ඩුවක් ගන්න බැරි වෙන්න විදියක් නැහැනේ . හැබැයි දේශපාලකයොයි , VIP කට්ටියයි නම් සියලුම වාහන වල මේවා නැතිනම් හොඳයි කියල හිතුවොත් මේ වැඩේ වෙන්නේ නැහැ .
මේ ආණ්ඩුව කිසිවත් නොකර සිටියා කියමින් අඩවැඩියා තියන අයට කියාදෙන පාඩමක් පින්තුරයේ ඇත. රටේ කොහේ හෝ රිය අනතුරක 1990 එතන.
මාලිංග ඔබ වගේ ඈත්ත ඇතිසැටීයේන් දකින අය අදහස් පලකරනවා අඩුයි.
මාලිංග ඔබ වගේ ඈත්ත ඇතිසැටීයේන් දකින අය අදහස් පලකරනවා අඩුයි. රාඡපෂය පවුලටම කඩේ යන අය තමයි වැඩිපුරම ඉන්නේ.
පොහොට්ටුවේ අපි නම් ඔය ඉන්දියන් ගිලන්රථ වල යන්නේ නැ. ඒවා එවලා තියෙන්නේ අපේ ඔත්තු බලන්න. විමල් සර් කිව්වේ...