බිඟුන් මේනක ගමගේ
ළමයින් යොදාගෙන සංවිධානය කරන ඇතැම් රූපවාහිනී රියැලිටි තරගවලදී වක්‍රාකාරයෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් හා ළමයින් අපහරණය වීමක් වන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය චෝදනා කරයි.
ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන ඇති ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නෛතික එකඟතා රැසක් උල්ලංඝණය වන තැනට මෙම රියැලිටි ෂෝ තරග ගමන් කර ඇතැයි ද එම නිසා අදාළ රූපවාහිනී වැඩසටහන් සංවිධානය සම්බන්ධයෙන් ප්‍රමිතින් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන්නේ යැයි එහි සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.
අදාළ රියැලිටි තරගවල පුහුණු කටයුතුවලදී මෙන්ම විනිශ්චය ලබාදීම් වලදී මෙම අයිතිවාසිකම් උල්ලංඝණය වීම් වන්නේ යැයි චෝදනා කළ හෙතෙම වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගනිමින් උපක්‍රමශීලී ලෙස නීතියෙන් රිංගා යාමක් එහිදී සිදුවන්නේ යැයි අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඇතැම් තරගවලදී ගැහැණු දරුවන්ගේ ශරීර විවිධ පුද්ගලයන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමක් සිදුවන්නේ යැයි ද එය ප්‍රශ්න නොකර අත්පොලසන් දීමෙන් සිදුවන්නේ සමාජීය වශයෙන් නිහඬ අනුමැතියක් දීම යැයි අබේරත්න මහතා කීවේය.
ඇතැම් විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන්ගේ ප්‍රකාශ නිසා දරුවන් චිත්ත වේගාත්මක වශයෙන් අපයෝජනය වීමක් සිදුවන්නේ යැයි ද එය දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනයට ඉමහත් බලපෑමක් කරන්නේ යැයි ද සභාපතිවරයා පැවැසීය.
චිත්ත වේගාත්මක අපයෝජනය ඇතැම් විට ශාරීරික අපයෝජනයකට ද වඩා දරුණු විය හැකි යැයි ද එම නිසා මෙම තත්ත්ව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන්නේ යැයි ද නීතිඥ අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොද තීරණයක්. දැන් තියෙන රියලිටි ෂෝ දැක්කම බඩ දඟලනවා. සියල්ලම වාණිජකරණය කරලා අපේ දරු පරපුරත් විනාශකරනවා මේ ර්යලිටි ෂෝ . කිසිම වැදගත් කමක් නැහැ
මෙය ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. ළමයා යනු කුඩා වැඩිහිටියෙකු නොවේ. පොඩි කාලෙම ළමයි වැඩිහිටියෝ කරන්න ගියාම ඒ ළමයින්ට කෝ ළමා වියක්? හැකි නම් මයිකල් ජැක්සන් තමන්ගේ ළමා විය ගැන කරපු සුප්‍රකට දේශනයේ පිටපතක් අරන් මේ ළමයින්ගේ දෙමව්පියන්ට කියවන්න දෙන්න ඕන. මේ ළමා රියැලිටි වසංගතය ඉන්දියාවෙන් ලංකාවට බෝ වෙලා ආවට දැන් ඉන්දියාවෙත් මේවා ප්‍රශ්න කරමින් සිනමා පට පවා නිර්මාණය වෙනවා.
පැරදෙද්දී අම්මලා, අක්කලා, සීයලා ඔක්කොම එකතුවෙලා අඬන්නේ කවුරු හරි මැරුණු ගානට, දින්නහම උඩ පනින්නේ මේ ලෝකේ තියෙන එකම ජය මෙතන කියලා හිතාගෙන. බලන මිනිස්සු ඉතින් ඕව ම කරන්න යනවා. රියලිටි වල තියෙන හිනාවෙන ,අඬන කිසිම දෙයක් රියල් නැහැ . මිනිස්සුන්ගේ මනස ලාමක කරන ඒවා තියෙන්නේ.
මුළු රටම ඉදිරියේ තමන්ගේ තරුණ වියට පත්වෙන්න ආසන්න දුවණිය අනවශ්‍ය පිරිමි ස්පර්ශයට ලක්වෙන එක බලල ආඩම්බරවෙන අම්මලාට මඬුවලිගෙන් ගහන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ.
ඉතාම නිවැරදියි.
ඉතාමත් හොඳ වැඩක්
ඉතාම හොදයි............. ඒ වගේම වෙළද දැන්වීම් වලටද ළමයින් යොදා ගැනීම පාලනය කළ යුතුයි.
කාලින අවශ්‍යතාවයක්.
ළමයින්ට රියලිටි තරඟ වලදී වාහන ලැබෙනකොට අම්මලාත් ඒවාට වහ වැටෙනවා. නැටුම් තරඟයක් ජිම්නාස්ටික් තරඟයක් ලෙස අවසාන වූ වැඩ සටහනකදී අපි දැක්කේ ගැහැණු දරුවන්ව, විවිද පිරිමි නැටුම් සහායකයන් ලෙස පෙනී සිටිමින් ස්පර්ශයට ලක් කරන හැටි. ඒ මදිවාට පදක්කම් ලබන කොට සිප ගන්නා හැටි ! බොහොම අවිහිංසක දැරිවියක් ලෙස මුල කාලයේ වේදිකාවේ නටපු දැරියක් ,තරඟයේ අන්තිම කාලයේ , මේකප් තට්ටු උලමින් නළගනකගේ පෙනුමෙන් කරලියට ආවා. ඒමදිවාටඅපේ උඩරට නැටුම් විකුර්ති කොට, ඇඳුම් පවා අංග පසඟ පෙනෙන සේ අන්දවාලා. මමත් උඩරට නැටුම් හදාරා තිබෙනවා. එහෙත් කාන්තා පාර්ශවයට පපු පෙදෙස ගස්සමින් නටන වන්නමක් කවදාවත් ඉගෙන ගෙන නැහැ. අපේ ළමයින් විතරක් නෙවෙයි පිරිසිදු නැටුම් කලාවත් ඉවරයි.
කරුණාකර ඔය අම්මලා වෙන මොනවත් නෙවෙයි , ඔය නැටුම් ගුරාලා සහ විනිසුරුවන්ගේ පුද්ගලික ජීවිතේ වත් වැදගත් විදියට ගෙවනවාද කියලා සොයා බලා දුවරුන්ව ඔය තරඟ වලට යවන්න. අපිට විශ්වාස කටයුතු ආරංචි තිබෙනවා සමහරු තමන්ගේ දරු පවුල් පැත්තකට දාලා නැටුම් පන්තියේ තරුණියන් කිට්ටු කර ගත්තු හැටි. මේ බොහොමයක් දැරියන්ගේ අම්මලා රැකියාවක් නොකරන , සමාජ ආශ්‍රයක් නැති බවලතුන් විය හැකියි. රුපවාහිනියේ රියලිටි නැටුම් තරඟයකදී , නොයෙක් පිරිමි , දැරියන්ගේ අංග පසඟ අල්ලන අවස්ථා අපි දැක්කා. මේවා ගැන මීට වඩා වැඩිදුර යමක් කියන්න බැහැ. ළමයි අපේ නම් ඔබලාට මොකද යනුවෙන් අසන තරමට සමාජය පිරිහිලා.
රියලිටි නැටුම් තරඟයකට තබා ගමේ අවුරුදු උත්සවයකටවත් දරුවෙක්ව යවාගන්න දක්ෂකමක් නැති අම්මලා තාත්තලාගේ ඉරිසියාකාර අදහස් ටිකක් මෙහි බලාගන්න පුළුවන්. ළමයින්ගේ දක්ෂතාවයට ඉරිසියා කරන්න එපා
ඉතාම කාලෝචිත තීරණයක් අනිත් දේ ළමුන් මෙවැනි තරඟ වලට යවන දෙමව්පියනුත් සැලකිලිමත් විය යුතුයි
ඉතා හොඳ තීරණයක්. ඔය ෂෝ වලදී පොඩි අය කියන්නේ පොඩි අයට ගැලපෙන ගීත නෙමෙයි බොහෝ අය මොනම තේරුමක්වත් දන්නේ නැ. ඔහේ කියනවා. සමහර අම්මලාට ඕන තමන්ට නටාගන්න බැරි වුන නැටුම් දරුවන්ට කියලා නටවලා ඒ ගොල්ලෝ සතුටු වෙන්න.
ඒ වගේම දරුවන්ව සංගීත සංදර්ශන වල ගීත ගායනයට යොදාගැනීමත් වහාම නවතන්න ඕනේ.