( නිමන්ති රණසිංහ )
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන රූමි මෙහොමඩ් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් කරුණු විමසුවාය.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කිසිදු පිළිතුරක් ලබා නුදුන්නේය.
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වු දෙදනාට රුපියල් ලක්ෂ 20 ක් ලබා දුන්නැයි කිය සිද්ධියට රූමි මොහොමඩ් මහතා වරදකරු වී සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහෙස්ත්‍රාත්වරිය මෙම කරුණු විමසුවාය.
සිද්ධිය සම්බන්ධ වැඩි දුර නඩු විභාගය අද දහවල් 1 තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නේ වරෙන්තු තිබිලද? මේ විදියට පික්පොකට් කාරයෙක් කොහොමද අත්අඩංගුවට ගන්නේ? වරෙන්තු අරගෙන එනකන් නැවතිලා ඉන්න කියන්නද? අපරාධයක් කරන්න හදන කෙනෙක් කොහොමද අත්අඩංගුවට ගන්නේ? වරෙන්තුව ලැබෙනකොට අපරාධය කරලා තියේවි. මේක ලොකු මිනිසුන් අත්අඩංගුවට ගන්න විතරක් අවශ්‍ය වෙන දෙයක්ද?
දැන් අපිට හිතාගන්න පුළුවන් අහවලාට අැප ලැබුනේ කොහොමද කියලා...
ගරු අධිකරණයේ උත්තරීතරභාවය හා ස්වාධීනත්වයට හිසනමා ගරුකරන අතරම මෙහිදී වැදගත් පැනයක් පැන නගී. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට පත්වූවාසේම රිමාන්ඩ් භාරයට පත්කිරීමේදීද ඉහත කී පැනය ඉදිරිපත් නොවූයේ මන්ද යන්නයි.
පොලිසිය නිකම් මිනිස්සු අත් අඩංගුවට ගත්තත්, අපරාධයක් කළබවට පැමිණිලි කිසිවක් නැතුව අත්අඩංගුවට ගන්න නම් නීතියට අනුව වරෙන්තුවක් ඕනෑ.
අපි නොදන්නා උසාවිය කිව්වලු............
අයියෝ නාගන්නවනේ...
රටේ නීතිය දන්නේ නැතුව පණ්ඩිත වෙන්න එපා. පැමිණිල්ලක් අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඉඩ තිබේ. අනික පක්‍ෂ, පාට කණ්ණාඩියෙන් බලන්න එපා. ආණ්ඩු දෙකම වැරදිකරුවන් සිටියා. හැමදෙනාම කළ වරදට දඬුවම් ලැබිය යුතුයි. පක්‍ෂ භේදයෙන් තොරව මෙම වෙලාවේ එකතුවෙන්න.
මෙයාට බේරන්න නම්, මේක හොඳ තුරුම්පුවක්...