(නිමන්ති රණසිංහ)
ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය අනුගමනය නොකර ‘වන් ශ්‍රී ලංකා’ නාලිකාව මගින් රූපවාහිනි වැඩසටහන් විකාශය කර රුපියල් තිස් හතර ලක්ෂයකට අධික මුදලක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාල රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ හිටපු සභාපතිවරයා එක් අයකුට රුපියල් 25,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (07) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ ජාතික රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දෙල්වක්කඩලියනගේ චන්ද්‍රපාල සහ එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරුන්ය.
COMMENTS
බලාගෙන යද්දී ඔක්කොම වංචා කළ අයද?
ජාතික රූපවාහිනිය ලෝකයටම පෙන්නන එක වරදක්ද? දැන් ඉන්න දේශපාලන පත්වීම් වලින් ආ ලොක්කෝ ලංකාවට වත් පේන්න වැඩසටහන් නිපදවන්නේ නැති නිසා දිනෙන් දින රූපවහිනිය වල පල්ලට යනවා.. දැන් වැටුප් ගෙවන්නත් මුදල් නෑ නේද? වෙනසක අරුම...
දේවාලේ කපුවා හිටගෙන ඉඳිද්දී ගෝලයෝ දුවනවාලු" කියන කතාව මතක් වුණා...
අර ඉස්සර ගුවන්විදුලියේ හිටපු , උදේ පාන්දරම මුළු රටටම අහගන ඉන්න බැරි කුණුහරප කියපු , හඩු සභාපති කෝ දැන් හැබැටම ?
ධීවර අධ්‍යක්ෂක ජනරාල් ගැනත් සොයාබලන්නෝ සොයා බලත්වා!!!.