
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ලිඛිත විභාගය සමත් කර දීමට හා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන බව පවසා හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම මුදල ඉල්ලා එය කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් පැවසුවාය.
එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියල් 5000 ක අල්ලස් ගත් සංවර්ධන නිලධාරී පොලිස් දැලේ
ranjith Thursday, 30 July 2020 03:59 AM
මෙහෙම වංචාකරුවන් අල්ලනවා නම් කොයිතරම් හොඳද? ඒත් මේ සිල්ලර වංචාවන් විතරයි, ලොකු වංචාවන් මෙහෙම කඩිනමින් පොලිස් පොලිස් දැලට අහුවෙන්නේ නැති හැටි මේ රටේ...
Bamunuarachchi Thursday, 30 July 2020 04:01 AM
ජොබ් එක ඉවරයි නේද? අනේ මෙහෙමත් මැට්ටෝ..
Rata Perata Thursday, 30 July 2020 06:15 AM
කෝටි ගණන් ගහපු මිස්ටර් 10% නම් කිසි කරදරයක් නැතිව ඉන්නවා.
BamunuarachchiSaturday, 01 August 2020 01:57 PM
ඉතින් කියවන්නේ නැතිව මේවගේ අල්ලලා දෙන්නකෝ.. එහෙම අල්ලා දෙන්න බයයි නේද?
Faizer Thursday, 30 July 2020 09:56 AM
ලක්ෂ ගණන් පගාව ගන්න කට්ටිය එළියේ... 5000 ගන්න පොඩි අය අල්ලනවා.