(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
රුපියල වැටුණත් ආර්ථිකයේ කඩාවැටීමක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය.
මුදල් ඇමැතිවරයා මෙසේ පැවැසුවේ මුදල් පනත් හතරක් පිළිබඳ විවාදයේදීය.
මංගල සමරවීර මහතා මෙසේ ද කීය. “රුපියලේ කඩාවැටීම ආර්ථිකයේ කඩාවැටීමක් බව පෙන්වීමට විපක්ෂය උත්සාහ දරනවා. ආර්ථිකයේ කඩාවැටීමක් නැහැ. ආසියාවේ අනෙකුත් රටවල් දෙස බැලුවාම අපේ රටේ රුපියල අඩුවී තිබෙන්නේ ඉතාම අඩුවෙන්. සියයට 7.4කින් අඩුවී තිබෙනවා. රුපියල අවප්‍රමාණය වුණේ ගෝලීය ආර්ථික තත්ත්වය නිසයි. අප උද්ධමනය සියයට 3.4කට පාලනය කර ගත්තා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වොත් ගොන් කතාවක්ම තමා...........
වැටෙන්න රටේ ආර්ථිකයක් තියෙන්න එපාය........
අනේ මන්දා....මොනවද මේ කතා කරන්නේ කියල....
හිනාවෙන්න එපා. මෙහෙම කෙනෙක් මුදල් ඇමති වුනහම ඔහොම තමයි. රෑට රෑට ආර්ථික විද්‍යා පන්තියකට යැව්වොත් හොදයි වගේ.
ආර්ථිකේ ගැන දැනුමක් තියෙන උගත්කමක් තියෙන කෙනෙක්ද මේ කියන්නේ ? පිටරටින් ගෙනෙන හැම භාණ්ඩයකටම දැන් වැඩියෙන් ගෙවන්නැ ඕනේ. අපිටත් පිටරටවලින් ඩොලර් ලැබෙනවානම් ඔන්න හරි. එහෙනනත්නම් අපිට වැටුප් ලැබෙන්න ඕනේ ඩොලර් වලින් .
මෙයත් ආසියාවේ හොඳම මුදල් ඇමැති පට්ටම ගන්න උත්සාහ කරනවා වගේ. මොකද ඔය වගේ කතා කිව්වම තමා ඔය පට්ටම් ලැබෙන්නේ...
මෙතුමා ආයෙමත් ස්කෝලේ යවන්න වෙයි.
ඒක වැටුනෙ නැහැ... වට්ටලා තියෙන්නේ ආණ්ඩුවක්...
2015 ට කලින් කියපුව අමතක වෙලා........ දවසින් දවස බඩු මිල ඉහළ යන්නේ ආර්ථිකය දියුණු වෙන නිසා වෙන්නැති. තාම හිතන්නේ 2015 ට කලින් වගේ බොරු කියල ඉන්න පුළුවන් කියල
අනේ අපි නම් හතර ගාතෙන් වැටිලා ඉන්නේ,පාන් කියාගන්න බැරියෝ , ඔහෙලට ඕව තේරෙන්නේ නෑ, මොකද ඔහෙලා යන්නේ අපේ බදුවලින් ගන්න ඩියුටි ෆ්‍රී වාහන වලින්නේ . කන්නේ ලොකු ලොකු හෝටල් වලින්, යන්නේ ලොකු ලොකු රටවල් වල කියන්නේ ලොකු ලොකු කෙරුම් , එන්නකෝ තව ටික දොහකින් ඡන්දෙ ඉල්ලන් , දෙන්නම් ඔහෙලට බඩ කට පිරිලා ඉස්මුරුත්තාව හැදෙන්නම
පසුගිය ආණ්ඩුවයි, මේ ආණ්ඩුවයි දෙකම එකතුවෙලා රටේ ආර්ථිකය කඩා වට්ටලා ඉවරයි. දැන් ආයෙත් කඩා වැටෙන්න අර්ථිකයක් නැහැ...
ඩොලර් එක 170 වත් පැන්නුවා...
ඔයාලගේ ආර්ථිකය නම් වැටෙන්නේ නැහැ... අපේ ආර්ථිකය තමා වැටිලා තියෙන්නේ...
තව එනවා අපිව අන්දන්න...
වැටෙන්න තරම් ආර්ථිකයක් තිබුණෙත් නෑ.
ඔව්. දැන් අපි වැටිලා ඉන්නේ පැදුරෙන්. එකෙන් වැටුනොත් තමා බරපතල. අපිට ආඩමිබරයි රවී ආසියාවේ හොඳම මුදල් ඇමති. මෙයාට පුළුවන් වේවි ලෝකේ හොඳම මුදල් ඇමති වෙන්න.
ඔහේගේ ආර්ථිකය කඩාවැටිලා නැතුව ඇති එත්අපේ ආර්ථිකය ගන්නදෙයක්නැහැ.......දැන් තමයි මේ විකට ආණ්ඩුවේ ප්‍රතිඵල පෙන්නේ, ඔබට සතුටුයිද?දැන්?
වැඩි ඈතක යන්න අවශ්‍ය නැහැ ඇමතිතුමා, පසුගිය දින තිහ ඇතුළත දකුණු ආසියාතික රටවල් වන බංගලාදේශය, පකිස්ථානය, මාලදිවයින වගේ රටවල්වල මුදල් එකක දශමයකින්වත් පහල වැටිලා නැහැ. තවත් බොරුවෙන්, වංචාවෙන් මහජනයව රවට්ටන්න එපා. ඔබ හිතනවට වඩා ලාංකිකයෝ දැන් උගත්.
කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු...
අම්මේ මෙයා දන්න වචන ගොඩ ...!
මෙයා දන්න ආර්ථික විද්‍යාවක් නැහැ. මුදල් ඇමැතිකම කරන්න ඕනෑ ආර්ථික කළමනාකරණයට සුදුසුකම් තියෙන දක්ෂ කෙනෙක් මිසක් ස්ත්‍රී පක්ෂයේ ඇඳුම් මැහීමට සුදුසුකම් තියෙන කෙනෙක් නෙවෙයි. අනේ අපේ රටට ගිය කලක්...
හැමදේම දවසෙන් දවස ගණන් යනවා. අපි මේ ඔක්කොම ගේන්නෙ ඇමරිකාවෙන්ද?
මේ පුද්ගලයා මොනවද මේ කියන්නේ? රුපියල කඩාවැටුණු නිසා පාන් රුපියල් 10 කින්, ඒ ගොල්ලෝම කියන විදිහට තෙල් මිල, පිටරටින් ගෙන්වන සෑම භාණ්ඩයකම මිල ඉහළ ගියා. මෙයා කියනවා ආර්ථිකය කඩාවැටුනේ නැහැ කියලා. කොටින්ම රුපියලේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගියා. ඉතින් එය ආර්ථිකය කඩා වැටීමක් නොවේද? ඇඳුම් මහන්නෙක් කොහොමද ආර්ථික විශේෂඥයෙක් වෙන්නේ...?
මුදල් ඇමැතිගේ ආර්ථිකය වැටෙන්නේ නැත. වැටෙන්නේ මේ අයට ඡන්දෙ දීපු අපේ ආර්ථිකයයි. අපිට හෙන ගැහුවත් මේ අයට කමක් නැහැ. ලෙඩා මලත් බඩ සුද්ද වුණා කිව්ව වෙදා වගේ තමයි මේ උදවියත්...
රුපියල කඩා වැටුණා ආර්ථිකය කඩා වැටුණේ නැහැලු. එතකොට ගෑස් , සිනි බස් ගාස්තු. ඉහළ ගියේ කොහොමද? අන්තිමට බස් එකේ ගියේ කවදද ගෑස් සිලින්ඩරය ඉවර වුනාම ගෙදරට අලුත් එක අරන් එන්නේ ඔබ තුමාද? එක ඇමති කෙනෙක් කිව්වා 2,500 න් ජිවත් වෙන්න පුළුවන් කියලා. ඒ කාලේ මේ ඇමතිලා උදේට කඩ මණ්ඩියේ රවුමක් යන්න බදු ගහන්න කලින් අනිත් රටවල් සමග අපේ රට සසදන්න යන්න එපා අපේ රට අන්තිම දුගී රටක් නිත්‍ය ක්‍රියාත්මක නැති දුප්පතාගේ දේ පෝසතා හොරෙන් කන. රටක් අනිත් රටවල් මේවගේ...... නැහැ බදු රහිත වාහන ගේන්නේ ලංකාවේ මැති ඇමැතින් පමණයි ඒ බදු ජනතාවගේ පිටට දමනවා මේ සේරම කරන්නේ ඔබගේ බලයෙන් බව මතක තියා ගන්න අපේ රට තව ටික කලකින් ඉතියෝපියාව වගේ පිගාන අරන් පොල්මේ ඉඳියි. මිනිස්සු එදාට වැහි නැති හෙන වදීයි
තමන්ගේ පක්ෂයයි පාටයි අමතක කරලා ජනතාව ගැන හිතන්න. මේ මිනිස්සු කන්න නැතිව බඩගින්නේ ජිවත් වෙනවා.