IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුපියල තවත් බහී

හර්ෂණ තුෂාර සිල්වා
 
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය.
 

ඉකුත් පෙබරවාරි 10 වැනි දා සිට අඛණ්ඩව පහත වැටෙමින්  තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. 
 
මේ වසරේ ජනවාරි 1 වැනි දා ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව 1.3කින් ද අවප්‍රමාණය  වී තිබේ.  
 
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ඉකුත් (11) සඳහන් කළේය. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (4) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 214.95ක් ලෙසත් යුරෝවකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 188.10ක් ලෙසත් දැක්විණි. 
 



අදහස් (5)

රුපියල තවත් බහී

සතයපාල Monday, 04 June 2018 12:59 PM

විමල් වීරවංශ මහත්තයා වගේ ආර්ථික විශ්ලේෂකයෙක් මේ ආණ්ඩුවට නැති පාඩුව දැන් තමයි තේරෙන්නේ. එයා හිටියත් කවදාකවත් රුපියල අවප්‍රමාණය වන එක නවතන්න බැහැ. නමුත් ඒකට හේතු දක්වයි රටේ මිනිස්සුන්ගේ මොරාල් එක නගින විදියට. එතකොට තමයි බටහිර නව යටත් විජිත ලිබරල් ආර්ථික කුමන්ත්‍රණ හා මහා භාණ්ඩාගාරයේ ඉන්න ආර්ථික ඝාතකයෝ වගේ අරාබි නිසොල්ලාසයේ කතා අහන්න පුලුවන් වෙන්නේ...

:       355       51

විකුම් රංගන Monday, 04 June 2018 04:01 PM

ඩොලර් එකට හෝ පවුමකට බෑග් එකක් පිරෙන්න රුපියල් පුරෝ ගන්න සිදුවෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       149

MN Monday, 04 June 2018 05:34 PM

රට රස්සා කරන අයගෙ පවුල් වලට මේක ඉතා හොදයි. හේතුව ඩොලරයට සාපේක්ශව රුපියල අඩු වෙනවා කියන්නෙ ස්ථාවරව පවතින අනෙක් මුදල් ඒකක වලට සාපේක්ශවත් රුපියලේ අගය අඩු වෙනවා කියන එකයි. උදාහරණයක් විදිහට කටාර් ගත්තොත් එහෙ වැඩ කරන කෙනෙක්ට පඩි ලැබෙන්නෙ රියාල් වලින්. මීට වසර තුන හතරකට කලින් රියාල් එකක් රු. 35 ක් විතර වුනේ. එතකොට රියාල් 1000ක් ගන්න කෙනාට ලැබුනෙ රු. 35000 විතර. නමුත් දැන් රුපියල අවප්‍රමානය වු නිසා රියාල් එකක් රු. 43ක් විතර වෙනවා. ඒ කියන්නේ රියාල් 1000 ගන්න කෙනාගෙ දැන් පඩිය රු. 43000.

:       1       2

Cyril Monday, 04 June 2018 06:16 PM

සිම්බාවට වෙච්ච දේමය

:       0       0

Appuhami Monday, 04 June 2018 07:05 PM

අර 62 ට දැන් සතුටුද දන්නේ නෑ................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 694 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site