බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පොත් පත් කියවීමට හුරුකර කියවු පොත් සම්බන්ධයෙන් යම් අකාරයක විචාරයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව සලසා දී ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදි අධිකරණ අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ අද (26) පුස්තකාලය සහ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියද සහභාගි විය.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පොත් පත් කියවීමට හුරුකර කියවු පොත් සම්බන්ධයෙන් යම් අකාරයක විචාරයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව සලසා දී ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළ ඉතාම කාලෝචිත ක්‍රියාවකි. වීරකතා වලට වඩා මිනිසාගේ මනස දියුණු කිරීමට සහ නිවීමට අවශ්‍යකර පොත්පත් ලබාදීම වැදගත්වේ. එය කෙසේවෙතත් පළකර තිබෙන ඡායාරූප නැරඹීමේදී බන්ධනාගාරය තුල ඉංග්‍රීසි පොත්වලට වැඩි ඉල්ලුමත් තිබෙන බව පෙනීයයි. ඉංග්‍රීසි දැනුම ලබාදීම ඉතා හොඳය. නමුත් සිංහල සහ ද්‍රවිඩ පොතපතත් එකතු කිරීමට වගබලා ගන්න.
ලංකාවේ අපරාධ වැඩිවෙන එක අහන්නත් දෙයක්ද?
රැඳිවියන්ට වැඩිපුර මෝබයිල් භාවිතයට හුරු කරවීමේ වැඩ පිළිවෙලකුත් පටන් ගත්තා නම් ගොඩක් වටිනවා!
අනුරගේ යෝජනාව ඉතා කාලෝචිතයි. බන්ධනාගාර කොමසාරිස් මේකටනම් පැනල කැමැත්ත දෙයි.
ෂා මටත් ආසයි හිරේ වැටෙන්න තුන්වේල කාල පොතක් පතක් කියවලා සවසට එක්සයිස් පාරක් දාලා නිවාඩු පාඩුවේ ඉන්න පුළුවනි.