(ටී.කේ.ජී.කපිල)
තමන් පැළද සිටින පාවහන් තුළ සගවා ගෙන රත්තරන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 31 හැවිරිදි කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද අලුයම ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9W256 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එයින් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔහු සතුව තිබු ග්රෑම් 100 බැගින් වූ රත්තරන් බිස්කට් 02 ක් තිබූ අතර , එහි මුළු බර ග්රෑම් 200 කි. ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් බව රේගුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්රන් වලට මාර ඩිමාන්ඩ් එකක්නේ තියෙන්නේ. දැන් දවසකට රත්රන් කේස් එකක් දෙකක් රේගුවෙන් අල්ලනවා. රටේ ආර්ථිකය ටිප් ටොප් එකට තියනවනම් තමයි රත්රන් වලට ඉල්ලුම වැඩි වෙන්නේ. මට නම් හරිම සන්තෝෂයි.