(ටී.කේ.ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ)
රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (3) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මේවායේ වටිනාකම රුපියල් එක් කෝටි හැට එක් ලක්ෂ හයසිය හතලිස් හයක් (1,61,00,646) ක් වේ.
මොහු 44 හැවිරිදි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි භාෂා පරිවර්තකයෙකි.
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ පුංචි සේප්පුවක ව්‍යාජ පතුලක විශාල රන් බිස්කට් දෙකක් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බල මෙවලමක් තුළ සඟවා ගෙන තිබූ ස්වර්ණාභරණ තොගයක් ද රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබිණි.
ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 514.41 ක් බව රේගුව සඳහන් කරයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd