(ටී.කේ.ජී.කපිල )
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්තරන් බිස්කට් දෙකක් කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින 55 වියේ පසුවන්නෙකි.
ඔහුගේ කළිසමේ සාක්කුවක වූ මුදල් පසුම්බියේත් , පැළඳ සිටි පාවහන් තුළත් මෙම ග්‍රෑම් 100 බැගින් වූ රත්තරන් බිස්කට් දෙක සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ඒවායේ මුළු බර ග්‍රෑම් 200 ක් වූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd