IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රන්ජන් රාමනායකට සිතාසි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාස  කර ඇති බවට චෝදනා ලැබ සිටින සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) සිතාසි නිකුත් කළේය.

මෙවැනි ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් නිදහසට කරුණු විමසීම සඳහා ඔහු අධිකරණයට කැඳවන්නැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක මහතා කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස සිතාසි නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි නිකුත් කරන ලදී.

මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ‍්‍රාමික හමුදා නිලධාරීයකු වන සුනිල් පෙරේරා යන අය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම් කර ඇත.

රාමනායක මහතා විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බව චෝදනා කරමින් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ මේවැනි ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටිති.
 



අදහස් (13)

රන්ජන් රාමනායකට සිතාසි

jayampathi Thursday, 12 October 2017 11:23 AM

රන්ජන් රාමනායක කියල තියෙන්නේ ඇත්තනේ. ඔහු විතරක් නොවෙයි රටේ බහුතරයක් දන්නවා සමහර විනිසුරුවරුන් සහ නීතීඥවරුන් දුෂිත බව

:       820       842

upali Thursday, 12 October 2017 11:25 AM

මගේ හොද ගෞරවයක් තිබන කෙනෙක්

:       555       717

naradha Thursday, 12 October 2017 11:44 AM

රන්ජන් රාමනායකට ජය වේවා! මොහුව රටේ අධිකරණ ඇමති කල යුතුයි.

:       683       606

ආරියපාල හේවගේ Thursday, 12 October 2017 01:17 PM

අපහාස කල යුත්තේ අධිකරණයට නොව අධිකරණයට බලපෑම් එල්ල කරන දේශපාලකයින්ටය. දේශපාලකයෝ අධිකරණයට බලපෑමක් කරන්නේ නැත්නම් අධිකරණය ස්වාධින වේවි.

:       36       399

වින්සන්ට් Thursday, 12 October 2017 02:44 PM

අධිකරණයට අපහාසය කොහොම වෙතත් අධිකරණයේ ගෞරවය රැකගැනීමට කරන ලද ප්‍රකාශයකි. පෙත්සම්කරුවන් සිතන පරිදි අධිකරණය සුදෝ සුදුම වුනේනම් රටම දුෂිතයන්ගේ පාරාදීසයක් වන්නේ නැත. දේශපාලන වේදිකාවේ බහුතරය නීතිඥයන් වීම රටම දුෂණයට ලක්වීමට හේතුවී ඇත. ඇත්ත කතාකරන රාමනායක මහතා ගැන අපි ආඩම්බර වෙමු.

:       201       38

purawasiya. Thursday, 12 October 2017 03:35 PM

නීති වේදීන්ගේ අදායම් ගැන සොයා බලා බදු පැනවිය යුතුයි..

:       1       104

Chanak Los angeles Thursday, 12 October 2017 04:06 PM

රන්ජන්ගේ කීම සනාථ කිරීමට හොඳ සාක්ෂියක් හිටපු අගවිනිසුරුම සපයලා තිබෙනවානේ. මේ නඩුව ඇදිලා එන එක හොඳයි එවිට සියලුම දුෂණයන් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න ඔය අධිකරණ ක්ෂේත්‍රය තුලින් සොයා ගත හැක.

:       92       56

ලුම්බිණි Friday, 13 October 2017 12:08 AM

රන්ජන් කියපු දේ හරි.

:       113       36

Rohana Friday, 13 October 2017 12:52 AM

පසු ගිය කාලය තුලදී අග විනුසුරු ඇතුළු විනුසුරුවන්ගේ හැසිරීම දුෂිත බව පෙන්නුම්කරයි. රන්ජන් රාමනායකගේ ප්‍රකාශය නිවැරදියි. උදාහරණ දිය හැකිය. අධිකරණය පිරිහෙමින් පවතී. බන්ධනාගාරය අති දුෂිතයි. පරිපාලන සේවය දුෂිතයි ගුණාත්මක බාවය ප්‍රමිතියක් නොමැත. පොලිස් සේවය ප්‍රමිතිය කඩාවැටී ඇත. නියොජ පොලිස්පතිවරු කීදෙනෙක් චෝදනා ලබා සිටිනවාද. බැංකුවල මුල්‍ය විනයක් නැත. මේ සියලු ආයතන ප්‍රතිසංශෝධනය කල යුතුයි

:       21       55

උමේශ් Friday, 13 October 2017 04:02 AM

නිවැරදි දේ විතරක් කලාම මිනිස්සුන්ගේ හිතේ ගෞරවය නිකන්ම ඇති වෙනවා.

:       0       7

rohan Friday, 13 October 2017 06:31 AM

ඇමතිතුමනි ඔබ හොදට හෝ නරකට කියපු කතාව මම අගය කරනවා මෙරටේ නිතිය තියෙන්නත් බල පුළුවන්කාරින්ට, මේගොල්ලෝ නීති ගරුක නම් දුෂිත නැත්නම් මෙරටේ මෙතරම් අපරාද සිදුවන්නේ නැහැ. මේ අයත් කරන්නේ මුදල් වෙනුවෙන් නිතිය බල්ලට දාලා තමයි කටයතු කරන්නේ. ඇමතිතුමනි ඔබ හොරු අල්ලන වැඩේ ඉදිරියටම කරගෙන යන්න. ඔබට විතරයි ඒක කරන්න පුළුවන්. ඇත්ත හෙළිකරලා ඔබ හිරේ ගියත් ඔබට සතුටු වන්න පුළුවන් රටට වැඩක් කලා කියලා හැබැයි ඔබත් නිවැරදි වන්න

:       0       4

Nuwan Friday, 13 October 2017 07:32 AM

මොන බොරුද රන්ජන් මහතා කියල තියෙන්නේ ලංකාවේ සියලුම ක්ෂේත්‍ර දූෂිතයි අධිකරණ හැර

:       0       0

sarath elagamuwa Friday, 13 October 2017 10:02 AM

රන්ජන්ට ජයවේවා. මේ තත්ත්වය ජනතාව තේරුම් ගැනීම වැදගත්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 631 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 830 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site