(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද(12) නියම කළේය.
සැකකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මාධ්‍ය වෙත යම් යම් නිවේදන නිකුත් කිරීම තුළින් සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑමක් ඇතිවේ යැයි සඳහන් කරමින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම මත සැකකරු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
කට හින්දාමයි මෙයා නැහෙන්නේ එ්කෙන්ම තේරෙනවනේ මානසික ලෙඩෙක් කියලා. බැරිද උසස් වීමක් අරන් දෙන්නම් කියලා බේරෙන්න. ඔයවගේ දෙයක් රටේ ප්‍රබල ඇමතියෙක් කිව්වා නම් ටිකක් ඉවසන්න පුළුවනි. මේ අන්කුට්ටෙකුට මෙහෙම කරන්න පුළුවන් වුණානම් අපිට හිතාගන්න පුළුවන් ආණ්ඩුවේ තරම...
රිමාන්ඩ් එක හොඳ වැඩියි. මේ වගේ කෙනෙකුට. වෙන තැනක් ඇත්තේම නැද්ද?
එළියට දාන්න එපා... මේවගේ අයට...
පිස්සන් කොටුවේ සිටිය යුතුයි...
මහජන මුදල් ගසා කාපු හොර තක්කඩි දේශපාලුවන් රජ සැප විඳිද්දී මහජනයා වෙනුවෙන් කතාකරන, කතාකරපු හිරේ විලංගුවේ. රන්ජන් කළ දේ කළ හැටි සදාචාරයට එකඟ නැති වෙන්න පුළුවන්. නමුත් මහජන මුදල් ගසා නොකාපු රන්ජන් උත්සාහ කලේ නීතිය නවන බලධාරීන් සහ හොර දේශපාලුවන් හෙළිදරව් කිරීමටයි. ඒ හොරුන්ට අවශ්‍ය වී තිබෙන්නේ රන්ජන් නිහඬ කිරීමටයි. රන්ජන්, ඔබ අපට සැබෑ මහජන නියෝජිතයෙක්.... ඔබට ජය ලැබේවා...!!!
මෝඩ එජාපයින්ට නම් හොඳයි ඉතින් ඕවා.. අපි නම් රැවටෙන්නේ නැහැ.
දැන් නම් රංජාගේ මුහුණ හොඳයි අපායේ කැලැන්ඩරයකට...
ඡන්ද කාලේත් ලගයි නේද?