ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.
ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තු අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු ඩුබායි බලා ගියහ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ද ඊට සහභාගී වීමට නියමිතව තිබුණත් පසුව ඔහු එයින් ඉවත් විය.
වසර 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් මිග් 27 ගුවන් යානා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරගෙන යන පරීක්ෂණයකට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවශ්‍ය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.
යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී එරට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවත්වූහ. එහිදි උදයංග වීරතුංග මහතා ඉන්නා තැනක් නොදන්නා බව එම බලධාරීන් යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත මහත්වරුන් දෙදෙනාට දැනුම් දී තිබේ.
ඩුබායිහි අයත් උදයංග වීරතුංග මහතාට අයත් බව කියන ලිපිනයකට ගොස් පරීක්ෂා කළ ද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා විය.
ඩුබායි ආගමන විගමන බලධාරීන් උදයංග වීරතුංග මහතා රඳවාගත් බවට තොරතුරු ලැබුණු විගස හත් දෙනකුගෙන් සමන්විත රජයේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගියද ඔවුන්ටද උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර පොලිසියේ ඩුබායිහි සිටින නිලධාරීන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් පැමිණීමට පෙර උදයංග වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබිණි.
ගුවන් යානා වෙන් කරවා ගැනීමට නොහැකි වීම නිසා අවස්ථා තුනකදීම හත් දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ පිටත්වීම ප්‍රමාද විය. ඔවුන්ට වීසා ලැබීම ප්‍රමාද වීම මෙම ප්‍රමාදයට තවත් හේතුවක් විය.
ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර පොලිසිය උදයංග වීරතුංග මහතාට නිකුත් කර තිබුණේ ‘නිල් වරෙන්තු’ පමණකි. එම නිසා ඔහුගෙන් ප්‍රශ්න කර මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබිණි. නිල් වරෙන්තු රතු වරෙන්තු තරම් ප්‍රබල නොවේ.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගිය හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සිටි විදේශ අමාත්‍යාංශය නියෝජනය කළ පුද්ගලයකු අනෙක් පිරිසට නොදන්වා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු විමසා තිබූ අතර පසුව දේශපාලනික මට්ටමින් එය අවසන් විය.
අනෙක් පිරිසට කලින් මෙරටට පැමිණි විදේශ අමාත්‍යාංශයේ නිලධාරියාට තර්ජනාත්මක දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බව ද දැනගන්නට තිබේ. ඔහුගේ බිරිඳට අනතුරක් වේ යැයි යන බියෙන් අදාළ නිලධාරියා කිසිවකුටත් දැනුම් නොදී ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තවදුරටත් වාර්තා විය.
- 055
COMMENTS
ඔය ගමන් වියදම් මහජනතාවගේ මුදල්, බැරි වැඩ කරන්න එපා, දැනට ලංකාවේ තිබෙන ඩීල් දේශපාලනය නිසා හොරුන් විසින්ම හොරුන්ව රකින ක්‍රියාත්මක වැඩසටහනක්! නැතිනම් ෆොන්සේකා මැතිතුමන් ලව්වා අල්ලා ගන්න තිබුණා!!!
දේශපාලන පටු අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා ඡන්ද කාලයේ කල මෙවැනි මහජන රැවටීම් වලට මහජන මුදල්ම ලක්ෂ ගණනින් භාවිතා කිරීම ලාංකික ජනයා ලැබූ භාග්‍යයකි.
මාසයක් විතර ඩුබායි ගිහිල්ලා හෝටල්, ටැක්සි, කෑම, ගුවන් ටිකට්වලට ගෙවන්න වෙන්නේ අහිංසක ජනතාවගෙන් සූරාකන සල්ලියි. ලංකාවේ කී දෙනෙක් තුන් වේල කන්න සල්ලි නැතිව ඉන්නවද? මහජන මුදල් නාස්ති කරන මේවගේ ප්ලෑන් එකක් නැති ආණ්ඩුවකට වැඩි ආයුෂ නැහැ.
මෙවැනි අත්අඩංගුවට ගැනීම්වලදී පිළිගත් ක්‍රමවේද අනුගමනය නොකළ නිසා මේ පුද්ගලයාට සර්පයෙක් වගේ ලිස්සලා යන්න එහි ගිය නිලධාරීන්ම පිහිට වුණු බව නොකියාම බැරිය! කිසිම රහස්‍යතාවයක් නොමැතිව රටපුරා අඬබෙර ගහමින් විනෝද ගමනක් යන විදියට ගිය මොවුන්ට මේ චූදිතයා කුදලාගෙන ඒමට බැරිවීම ගැන රටවැසියා මෙන්ම එයාගේ ගෝලබාලයන් පවා හාස්‍යයට පත්වූ බව තේරෙනවා! රාජ්‍ය මට්ටමින් පවා මේ ගැන උදාසීන වී තිබෙන බව පේනවා! ශ්‍රී ලංකාවේ සිටින මෙයාගේ හෙන්ච්චයියන් සෑහෙන විදියට ඔහුට උපකාර කරලත් තිබෙන බව පේනවා. මේ පුද්ගලයා මෙසේ "හොරා-පොලිස්" සෙල්ලම මගින් කට්ටි පනිමින් සිටින්නේ ඔහු රටේ සම්පත් ගිලදමා රටේ නීතියට බයවී සිටින නිසා නොවේද?
තර්ජනය කරන්න ඇත්තේ වෙන කවුරුවත් නොවෙයි. පවුලේ එවුන්ම වෙන්න ඇති.මුන්ගේ පිළිලය අවසන් නොකලොත් ලොකු වින්නැහියක් මේ රටට වෙන්නේ කොන්ද පන නැති ආණ්ඩුවක්.මේ දෙයවත් හරියට කරන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නේ?
අපේ රට , රටක් නොව ව්‍යපාරයක් එක එක්කෙනා අවුත් හම්බකරගෙන තමන්ට පහසු රටකට ගිහින් ජිවත් වෙනවා අන්තිමට ව්‍යපාරය බන්කොලොත් වෙනකොට වගකිම ගන්න අයිතිකාරයෙක්වත් හොයාගන්න නා
ඕව ඔක්කොම අපි රවටන්න කරන බොරු නාඩගම්
බලු බෙටි පුච්චන් කනවා හොඳයි මෙහෙම නව නින්ගිරා විඳිනවට වැඩිය. සද්ද දාගෙන ගියේ අල්ලන් එනවා කියල, අන්තිමට කුජිත වෙලා, වසුචි නාගෙන හිස් අතින් එන්න උනේ. ජාත්‍යන්තර හොරු අල්ලන්නේ කොහොමද කියල ගෝටගෙන ඉගෙනගන්න, කොහොමද සද්ද නැතුව KP ගෙනාපු හැටි! අන්න ගේම්, ජෙහාන් බ්‍රෝ පරාදයි! මේකත් ආණ්ඩුවේ වැඩ වගේ, සද්දෙයි අධෝමුකවායු ගඳයි විතරයි.
කුජීතයි අප්පා...! සද්දෙයි ගඳයි විතරයි, වැඩ නෑ!
අපරාදේ රටේ සල්ලි . නීති විශාරදයෝ දන්නේනතුවද ගියේ ලංකාවේ අපි හරි පවු දෙසපලකයෝ අපිට විහිලු කරනවා අපහස කරනවා
හූ හූ හූ .....හොරු ඇල්ලුවාදෝ. අනේ පව් ශ්‍රී ලංකා පොලිසිය සහ ආණ්ඩුව. ජාත්‍යන්තර පොලිසිය පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන්නේ නෑ.
පළමුව ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයකින් රතු වරෙන්තුක් නිකුත් කර ඇති පුද්ගලයෙකුට උදයංග වීරතුංගට මහතා යනුවෙන් ඇමතීම ගැන කනගාටු විය යුතුයි. එසේනම් සේම හොරෙකුටම මහතා යනුවෙන් ඇමතිය යුතුය. දෙවනුව රතු වරෙන්තු රැගෙන ඔහු කුදලාගෙන ඒමට ගිය පොලිස් නිලධාරීන්ට අපහස වෙන ලෙස සහ සමච්චලයට පත් වන ආකාරයට (රතු වරෙන්තු ගෙන ඩුබායි ගිය අය හිස් අතින් එති... ලෙස) මෙය ලියා තැබීම ගැන කනගාටු විය යුතුය තෙවනුව උදයංග වීරතුංග හොරෙන් පන ගොස් සිටින බව සදහන් නොකර සිටීම ලැජ්ජාවට කරුණකි
මේ හිස් අතින් යන එන අයගේ ගමන් ගාස්තු ගෙවන්නෙත් මහජන බදු මුදල් වලින්ද?
2020 දී වන බල පෙරළියත් සමග ඔහු නිදහස් වේවි. දැන් කල උතේ ඔහු නැතිව නඩු අසා එක පාර්ශිකව තීන්දු තීරණ ගැනීමයි.
ඔන්න ඔහොමයි හොරුන් අල්ලන්න යන්නේ. ජනතාවගේ සල්ලි හොරකම් කරපු එකාව අල්ලන්න කියමින් ජනතාවගේ සල්ලි වලින් හොඳ රට සවාරියක් ගහල කට්ටිය ආවා. අල්ලන්න තව හොරුත් ඉන්නවා. පිටරට යන්න බලා ගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. රටත් ඔහේ යන්නම් වාලේ යනවා. දැන් බලන් යන කොට හොරු විතරක් නොවෙයි හොරු දෙස ඇස් පියාගෙන බලා ඉන්න පිරිසත් නිරුවතින්. හොරු අල්ලන්න ගිය අය ඇඳුම් ඇඳගෙනද ගියේ කියල මෝඩ ප්‍රශ්න නම් අහන්න එපා. චිරන් ජයතු වීර තුංග!
මේවට කියන්න දෙයක් නැහැ ආණ්ඩුව බබ්ම්බු ගහනවා අපේ රට එහෙ ඉන්න එවුනුයි මෙහෙ ඉන්න එවුනුයි කනවා ,ඔවුන් අල්ලන්න වෙන නීති නැද්ද මු න් ආණ්ඩුවට නෙමයි ගහන්නේ ජනතාවට .මහා මැතිවරණ ඉල්ලන්න වියදම් කරන්නේ ඔය ගොල්ල තමයි
මේ ගොල්ලෝ ඩුබායි යනකොට නම් හිස් අතින් ගියා වෙන්න පුළුවන්. ඒ වුණාට ආපහු එනකොට නම් කීයටවත් හිස් අතින් එන්නේ නැහැ. බැගේජ් එලවුන්ස් එකේ කිලෝ විස්සට හෝ තිහට හරියන්න ඩුබායි මෝල් පැත්තේ ගිහින් ඩියුටි ෆ්‍රී පැත්තෙත් ගිහින් එනකොට කොහොමද හිස් අතින් වෙන්නේ?
මිනිසුන්ගේ නොදැනුවත්කම නිසයි මේ සේරම විකාර. ඉන්ටර්පූල් වෙබ් අඩවියට පිවිස බලන්න උදයංගට රතු වරෙන්තු තිබේද කියා? මේවා සේරම ජනතාව රවටන්න කියන ලොකු කතා. උදයංග සමහර විට සොරකම් කරන්නත් ඇති... නමුත් පාලකයින් කියන මේ බොරු කතා එකවරම විශ්වාස කිරීමෙන් සිදුවන්නේ මෙම පාලකයන් ගැන විශ්වාස කර පුද්ගලයින් අපේක්ෂා භංගත්වයට පත් වීමයි. මේ සියල්ල ෆෝක්ස්වැගන් වගේ ජනතා ආකර්ශනීය කතා මිස වෙන කිසිවක් නොවෙයි.
උදයංග වීරතුංගව ලංකාවට ගෙනත් පරීක්ෂණ පැවැත්වූවා නම් එම පරීක්ෂණවලදී දැනට ඇමතිකම් සහ රජයේ ලොකු තනතුරු දරන කිහිප දෙනෙකුම අහුවෙනවා. එමනිසා ඔහුව ලංකාවට නොගෙනෙන විදිහට කුමන්ත්‍රණ ආණ්ඩුව තුළම සිදුවෙනවා. මේකට තවත් උදාහරණයක් මම දෙන්නම්... ලංකාවේ අධිකරණ කිහිපයක්ම අසන මිනීමැරුම් නඩු ගණනාවකට අවශ්‍ය ප්‍රධාන සැක කාරයෙක් වන කොස්ගොඩ නදුන් ඉතාලි පොලිසියෙන් අල්ලගත්ත වෙලාවේ මෙහාට ගෙනාවේ නැත්තේත් මෙවැනිම හේතුවක් මතයි.
අයියෝ හොරු ඇල්ලුවද ?