(ටොනි කරුණානායක)
ගම්පහ වැලිවේරිය නගර මධ්‍යයේදී පානීය ජලය ඉල්ලා උද්ඝෝණයේ යෙදුන රතුපස්වල ජනයාට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර් ඇතුළු හමුදා සමාජිකයන්ට විරුද්ධව ඇති නඩුව නැවත ඔක්තොම්බර් මස 10 වන දින කැඳවන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (4) නියම කළේය.
පරීක්ෂණ අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති හෙයින් චෝදනා ගොනු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණ හමුවේ ඉල්ලා සිටියේය.
යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, ඩිංගිරි අරුණගේ සිරිසේන, ලලිත් ග්‍රේ, ජේ.එම්. තිලකරත්න යන සැකකාර යුද හමුදා සමාජිකයන් සිව් දෙනා අද(4) අධිකරණය හමුවේ පෙනීසිටි අතර ඔක්තොම්බර් 10 ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට එම සැකකාර හමුදා සමාජිකයන් සිවි දෙනාට නියම කෙරුණි.
2013 වර්ෂයේ අගෝස්තු 01 වැනිදා යුද හමුදාව එම වෙඩි තැබීම සිදු කර තිබුනි.
COMMENTS
Reply To:
-
ඔව්.. ඔක්කොම කල් දදා ඉන්න එක තමයි හොඳ. එතකොට ආයෙත් ආවොත් ඔක්කොම කුණු බක්කියට හරි නිදොස් කොට නිදහස් හරි කරන්න හරි පුළුවන් නේ. අපි වගේ හුදී ජනතාවත් මොන මොනවා හරි කරලා දේසපාලන බලය ගන්න බලන්න ඕනේ. එතකොට අපි නීතියට උඩින්, අනිත් අය යටින්. සුපිරි නේද ..? සමන්ත
මේ සිද්දියට වරදීකරුව වන සියලුදෙනාට මරණ දඩුවම දිය යුතුය