IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රතන හිමි ගමන්ගත් රියේ වැදී කාන්තාවක් තුවාල ලබයි

 

( ජුඩ් සමන්ත)

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ අටවැනි සහ නව වැනි සැතපුම් කණුව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.  

රතන හිමියන් ගමන් ගත් මෝටර් රථය තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇති බව පොලීසිය කියයි. අනතුරින් පසුව ඒ සමගම පැමිණ වෙනත් වාහනයක නැගී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පිටත්ව ගොස් ඇති අතර අනතුර සිදුවන විට රතන හිමියන්ද වාහනයේ සිටි බවට රියදුරු පොලීසියට පවසා තිබේ.

මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩගංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.



අදහස් (7)

රතන හිමි ගමන්ගත් රියේ වැදී කාන්තාවක් තුවාල ලබයි

sisira Paris Sunday, 21 May 2017 10:16 AM

මේකද යහපාලනය... කියලා කියන්නේ කතාව දෝලාවෙන් හැබැයි ගමන පයින් සතුටුද දැන් ?

:       1       3

Pradeep Liyanage Sunday, 21 May 2017 10:36 AM

කවුරු වුණත් වාහනෙන් බැහැලා අනතුරට පත්වූ කෙනාගේ සුව දුක් විමසලා අවශ්‍යනම් ඒ වාහනයකින්ම රෝහල් ගතකරන්න අවශ්‍ය කටයුතු සිදුවිය යුතුයි...

:       0       3

ratna P Sunday, 21 May 2017 10:38 AM

අනේ වෙන හාමුදුරුනමක් මේ කාර් එකේ ගියානම් තුවාල කරුවාට ප්‍රතිකාර කරයි... නේද?

:       0       1

deebi Sunday, 21 May 2017 10:51 AM

සසර ගමන කෙටිකරගන්න රතන හාමුදුරුවෝ මේ කාන්තාවට ප්‍රතිකාර කරන්න ඇති....

:       0       0

chamal Sunday, 21 May 2017 01:44 PM

වාහනේ රියදුරාගේ වැරැද්දට හාමුදුරුවෝ කුමක් කරන්නද? සසර ගමනයි, යහපාලනෙයි මොනවද මේ ගැලපීම්...

:       7       17

SIRI Sunday, 21 May 2017 10:57 PM

හාමුදුරුවනේ,...ඔබ වහන්සේ රියදුරු නොවුණත්, අනතුරට පත්වූ කෙනා ගැන සොයාබලා රෝහල් ගතකිරීම නේද විය යුතුව තිබුනේ?

:       0       0

vipula Monday, 22 May 2017 03:10 AM

හැප්පුණු කාන්තාව රෝහලට ගෙන යන්න ඕනේ නිසා උන්නාන්සේ වෙන වාහනයක යන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site