(අජිත් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
 
ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන පාරේ සංඛපාල ප‍්‍රදේශයේදී අද  (27) අලූයම මගී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව උඩවලව පොලිසිය පවසයි.
 
 මියගොස් ඇත්තේ සහ තුවාල ලබා ඇත්තේ ඇඹිලිපිටිය තුංකම ටී 5 ඇල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.
 
කොළොන්නේ සිට ඇඹිලිපිටිය හරහා කොළඹ බලා ධාවනය වන ලංගම බස්රථය සහ ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.
 
 ලොරි රථයේ ගමන් ගත් පස් දෙනා අත්නගල්ල ප‍්‍රදේශයේ සිට ආපසු එමින් සිටි පිරිසක් බව පොලීසිය කියයි.අනතුරු පන්දර පහට පමණ සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
 
තුවාලකරුවන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇත. උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

( ඡායාරූප -අජිත් ශාන්ත උදය)