බිමල් ශාමන් ජයසිංහ
යුද සමයේ උතුරු නැගෙනහිර වල දමන ලදැයි කියන රත්තරං තොගයක් සොයා අඟුරුවාතොට අකුරුකරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කළ දොඩංගොඩ හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙකු වෑන් රථයකින් පැමිණ අකුරු කරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කරන බවට පොලිසියට ලැබුන තොරතුරක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ වෑන් රථයක් හා ඉඩම හෑරීමට ගත් භාණ්ඩ කිහිපයක්ද සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අපභ්‍රංශයක්ද ඒ..? එතකොට අඟුරුවාතොට අයත් කළුතර දිස්ත්‍රික්කයත් අයිති උතුරට හෝ නැගෙනහිරටද..? හපොයි මේ අලුත් සීමානිර්නෙන් කරල තියෙන හරියක්..
උතුරු නැගෙනහිරලු... අඟුරුවාතොටලු... අකුරු කරවිට ලු මට නම් තේරෙන්නේ නෑ.
මේ කතාව තනිකරම පොලිසියෙන් ගොතපු බොරුවක්. ලකුණු දමාගැනීමට වැඩ බැරී නිලධාරීන්ගේ විහිළු වැඩක්.
ඔයිට ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුවෙන්ම කොච්චර ඉඩම් හෑරුවාද හංගපු රත්තරන් හොයලා? වහපු නාන තටාක පවා ගොඩ දාලා බැලුවේ. දැන් මිනිස්සුන්ට ඒවා අමතකයි. හැබැයි හම්බ වෙච්ච දෙයක් නැහැ.
අඟුරුවාතොට තියෙන්නේ උතුරෙද? නැගෙනහිරද? දන්නේ නැති නිසා අහන්නේ.