(ඉන්දික අරුණ කුමාර)
පවතින අධික වැසි සමඟ නකල්ස් අධි සංවේදී පරිසර පද්ධතියට පිවිසෙන මාතලේ රත්තොට සිට රිවස්ටන් දක්වා මාර්ගයේ පස් කදු කඩාවැටීමෙන් සිදු වන අනතුරු බහුල වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ගමන් කරන්නැයි පොලීසිය සංචාරකයින්ට දැනුම් දී තිබේ.
පවතින දැඩි මීදුම් තත්ත්වයත් සමඟ මාර්ගය වඩා හොදින් නොපෙනීමෙන් වාහන ධාවනයේ දී ගැටළු මතුව ඇතැයි සංචාරකයෝ කියති.
කෙසේ වෙතත් නකල්ස් මාර්ගය හරහා ගලායන අධික ජල ධාරාවන් හේතුවෙන් මාර් ගය ලිස්සා යෑම, පස් කදු කඩාවැටීමේ අවදානම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් මේ දිනවල රිවස්ටන් සංචාරය කල්පනාකාරිව කළ යුතු බව පොලීසිය හා පරිසර අංශ සදහන් කරයි.
ඉතා පටු රිවස්ටන් මාර්ගය හරහා වාහන මාරුවීමේ දී ඉතා කල්පනාකාරි වන ලෙසත්, ප්‍රධාන මාර්ගයෙන් බාහිර ප්‍රදේශ සොදා පාලුවට ලක්වී ඇති නිසා ඉතා කල්පනාකාරීව රිය පදවන ලෙසද පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.
මෙවැනි තත්ත්වයන් පාලනය සදහා රිවස්ටන් මාර්ගය පිළිබද හොද අවබෝධයක් ඇති රියදුරන් සිය සංචාරයන් සදහා එක්කර ගැනීම වඩාත් ප්‍රායෝගික බව ද පොලීසිය පැවසීය.
පාසල් නිවාඩු සමය හේතුවෙන් පාසල් සිසුන් මෙන්නම තරුණ පිරිස් විශාල වශයෙන් නකල්ස් කරා ඇදී එති.







2025 දෙසැම්බර් මස 04
778
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
576
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්තොට හරහා රිවස්ටන් මාර්ග අබලන්