(රොමේෂ් මධුෂංඛ)
මැයි 08 වැනි දාට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි. රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි 08 වැනිදා පලාලි හීදී පවත්වන බවත් කයිතඩි වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් නියමිත බවත් පළාත් ආණ්ඩුකාරවරයා කියයි.
යාපනය නගරය මේවන විට සම්පූර්ණයෙන් අපිරිසිදු තත්වයක පවතින බැවින් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත් වීමෙන් අපිරිසිදුවූ සියලූ ස්ථාන පිරිසිදු කරන බව ඒ මහතා පවසයි.
හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බව පැවසූ ඒ මහතා යාපනය නගරයේ සියලූම ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳී පවතින ස්ථාන සුද්ධ පවිත‍්‍ර කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කරයි. මෙම කටයුත්ත සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව විශේෂ කාර්යය භාරයක් කරනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශය හරහා බාලදක්ෂ කණ්ඩායම් ද දායක කරගනු ඇතැයි ද ඒ මහතා පවසයි.
උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අධ්‍යාපනික උපකරණ ලබා දීමේ අවස්ථාකවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.



COMMENTS
අපි නම් දැනගෙන හිටිය ඔහොම කියයි කියල. මොකද පහුගිය දවස්වල TNA එකෙන් කියල තිබුන රණවිරු දිනේයේ උත්සව තියන්න දෙන්නේ නැහැ කියල! එක හින්ද රණවිරු දිනයේ හමුදාවට කානු සුද්ද කරන්න පුළුවන්. ඇත්තටම මේකට වෙන දවසක් ඇත්තෙම නැද්ද??
දොරේ ගලන සංහිදියාව. එම දිනය සිහිකිරීමට මේ ආණ්ඩුවට තරමක ලැජ්ජාවක් තියෙන බව කියන්න ඕනේ.
පිස්සුද . රටේ රණවිරුවන් ලව්වා යාපනයේ කුණු කාණු සුද්ද කරන්න .හමුදාව අවමානයක් කරන්න එපා . කොහෙද පළාත් සභා. නගර සභාව . මාසික වැටුප් ලබන කම්කරුවන් .
නයිනට කිරිපොවන්නා වගේ.......හැදිලා වරේල්ලා කෝ සිංහලයට කොටන්න හැමදේම උතුරට අැයි ?
පළාත් සභාවක් ඉන්නේ මොකටද ,මේ ආණ්ඩුකාරය නම් නිවටයෙක්.ආණ්ඩුකාරයාට තියෙන අයිතිය මොකක්ද හමුදාවට වැඩ බාර දෙන්න
හොද අරමුණක්.. සාමාන්‍ය ජනතාවත් එකතු කර ගන්න.
චන්න, හමුදාව ලවා යාපනය පිරිසුදු කරන්න ප්‍රථම, ඔයාගේ ඔලුව හමුද්දව ලවා පරිසුදු කරගන්න.
යාපනේ මොනවා සුද්ද කලත් අපට කමක් නැ හැබැයි පළාතේ ජනතාව හා නගර සබාව එක්ව කිසිම රණවිරුවෙක් මේ කටයුතු වලට යොදවන්න බැ
කොටින්ට මහ විරු දිනය සමරන්න දෙනවා, අපිට රණවිරු දිනය සමරන්න දෙන්නේ නැතිව අපේ රණවිරුවෝ බාල්දු කරලා යාපනේ කුණු සුද්ද කරවනවා. අනේ අපොයි රටකට උන දෙයක්. දැන් අපේ මිනිස්සුන්ට යුද්ධයක් තිබුන කියල අමතක වෙලා වගේ.
හොඳ අදහසක්, රණවිරුවන් සම්බන්ධයෙන් උතුරේ ජනයා අතර ඇති ප්‍රතිරූපය නගා සිටුවීමට මෙවැනි දේ අවශ්‍යයි. මීට ඉස්සර රණවිරුවන් කුණු ඇදලා නැති ද? සුපිරි පුත්තුන් වෙනුවෙන් කම්කරු වැඩ කරලාම නැතිද? එහෙම ඔවුන්ට වැටුප් ගෙවන, දීමනා ගෙවන සියලු වරප්‍රසාද වෙනුවෙන් වියදම් කරන පොදු ජනයා වෙනුවෙන් ශ්‍රමදානයක් පවත්වල හොඳ හිත පවත්වා ගැනීම වරදක් වන්නේ කෙසේද?
හමුදාව ලව්වා කාණු සුද්ද කරනවා කියල ඒ දවස්වල බෙරිහන් දුන්න නේද? දැන් එ්කත් කරවන්නේ රණවිරු දිනේම..