IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට දෙන්නේ නෑ‘ - ජනපති

(පුෂ්පකුමාර ජයරත්න)

තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා නොදෙන බවට ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(26) ඉබ්බාගමුවේදී පැවසීය.

කුඹල්අංග අල් හමීදියා මුස්ලිම් විදුහලේ පැවැති උත්සවයකදී ජනපති එසේ කීය.

අනවබෝධයෙන් කටයුතු කරන සුළු පිරිසක් නිසා රටේ බහුතර ජනතාව පීඩාවට පත්කිරීමට ඉඩ නොතබන බව පැවසූ ජනපති ඒ සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේතම් පසුබට නොවන බවද අවධාරණය කළේය.

රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීම ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක වර්ජනයෙහි යෙදී රැකියා අහිමි කර නොගෙන සේවයට වාර්තා කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ජනපති කීවේය.

 



අදහස් (14)

‘රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට දෙන්නේ නෑ‘ - ජනපති

ධම්ම Wednesday, 26 July 2017 02:44 PM

බිම් අඟල....ෂෝක් යෙදුම සර්.

:       1011       1424

saman Wednesday, 26 July 2017 02:55 PM

එතකොට හම්බන්තොට තියෙන්නේ චීනෙද?

:       918       1521

aravinda Wednesday, 26 July 2017 03:39 PM

බොහෝ දෙනා "රට විකුණනවෝ" යැයි බෙරිහන් දුන්නාට, මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ බදු දීමක් පමණි.

:       5356       3153

sarath Wednesday, 26 July 2017 10:32 PM

අනේ මට ඔබතුමාගේ ගෙදර බදු දෙන්නකෝ අවුරුද 60 කට සොච්චම් ගානකට ,අන්න මහිලුප්පල්ලමත් අවුරුදු 150 ට බදු දෙන්න යනවලු.සුද්ද අල්ලන් හිටපු කාලෙට වැඩ ටිකක් අඩුයි .මේවා මෙයාලගේ පරම්පරා දේපල නෙවෙයි.මෙයාලට මේවා භාර දුන්නේ හරියට කරගෙන යන්නේ ,ලාභ උපයන ආයතන බවට පත් කරන්න ,නැතිව හොර මගඩි ඩීල් දාල විකුණගෙන කන්න නෙවි

:       332       2224

one srilankan Thursday, 27 July 2017 12:31 AM

,,අක්කර සිය දහස් ගණනින් බදු පදනමට කියා අවුරුදු සියගන්නන් වලට දෙනවා ,,ජනතාව රවටනවා,,,නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරලවත් නැත යනුවෙන් ට්රිනිකයක හාමුදුරුවෝ ඉදිරියේ කීව ඔබ ,,,ඒවනවිටත් කරුණු කරන සියල්ල වසන් කල දැනටමත් කෙටුම්පත් කර අවසන්,,,සෛටෙම් රෝහල අරන් කොටි 70 ගන්නේ මාසෙකට දෙන්න අරන් සිසුන් 12000 මහපාරේ තව දිගට එක්වෙනවා ,,,මේ මුදල වලින් තව වෛද්‍ය විද්‍යාල කීයක් හදන්න තිබුනද,,,මතක තියාගන්න දත් දොස්තරමහත්තයා තමා ඔබතුමාවත් ගෙදර යවන්නේ මේක යහපාලනයක් නොවේ වහ පාලනයක් ,,,මේ ලියන මම ඔබටුමට චන්න්දෙදුන් බව මට ලිකිතව ඔප්පු කරන්න පුළුවන් වාචිකව ඩඩ්ලි මහත්තයට කියල චන්න්දේ දුන්නේ බහුතර ජනතා මතයට කන්දෙන්න ,,,මේ අපරාද නවත්තන්න ,,,හොරු ඉවත් කරන්න ,,සෛටෙම් වස මේ ජාතික ප්‍රශ්නය අදම විසදන්න ,,,

:       279       923

one srilankanThursday, 27 July 2017 05:21 AM

ඔබතුමා සාපේක්ෂව හොඳ පුද්ගලයෙක්... ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන හැකිනම් පහත දේවල් කරන්න. මින්නේරි දෙවියෝ වගේ මිනිස්සු ඔබට ගරු කරාවි.. 1.ජනතා උද්ඝෝෂණයක් වෙන වහාම අභිමුඛව ඔවුන් හමු වී සකච්ඡා කර බහුතර ජනමතයට හිස නමන්න. 2. දැනට ඇති වෙන ප්‍රශ්න සියල්ල ගොනුකර බහුතර ජනමතය අනුව තීන්දු දෙන්න. රජයේ හෝ පසුගිය රජයේ දූෂිත අයට නිසි දඬුවම් දෙන්න. ජනතාව ඔබතුමාට දෙවියකු ලෙස සලකාවි..!!!

:       135       15

upali Thursday, 27 July 2017 03:16 AM

අවුරුදු 99 කට බදුදෙනවා කියන්නේ වික්ක වගේ තමයි..චිනුන්ගේ සහ ඉන්දියන් කාරයන්ගේ වහලුන් බවට ලංකාවේ ජනතාව පත් වෙයි..ඉදිවෙමින් පවතින තායිලන්ත ඇල මාර්ගයත් එක්ක සිංගපුරුවට අහිමවන ස්ථානය හම්බන්තොටට ලැබෙන නිසා අනාගතයේ රටට ලැබෙන උතුම් අවස්ථාව නැතිකරන ඔබලාගේ නම් ඉතිහාස පොතේ කොහොම ලියයිද කියල හිතාගන්න බැහැ. අපි ඔබලා තව ඉතාමත්ම ටික කාලයක් ජිවත් වෙයි. අනාගත පරපුරට තමයි දුක් විදින්න වෙන්නේ.. අපේ රටට සැබවින්ම ආදරෙයි නම් ලංකාවේ අනාගතය විනාශ නොකර ඉතුරු කාලය සාමකාමිව පින්දහමක් කරලා පැත්තකට වෙලා ජීවත් වුනොත් නරකද..එහෙම නැතිනම් තම බලය පාවිච්චි කරලා සිංහල බෞද්ධ නායකයෙක් විදිහට එඩිතර තීරණයක් අරගෙන සැබවින්ම බද්දට හෝ සින්නකරට අපේරට ඔබතුමාගේ කාලයේදී විකුනන්නේ නැහැ කියලා තීරණයක් ගන්න..එවිට සියලු ජනතාව ඔබතුමා සමග ඉදියි ඔබතුමාගේ නමත් රන් අකුරින් ඉතිහාස පොතේ ලියවෙයි....

:       374       1144

vipula Thursday, 27 July 2017 04:27 AM

ඔබ තුමා රැවටෙන එක දැන් නම් සීමාව ඉක්මවා ගිහිල්ලා

:       1       270

saman Thursday, 27 July 2017 04:33 AM

එතකොට මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදුදෙන්න හදන්නේ අපිද. 150 කියන්නේ සදාකාලිකවම දුන්න වගේ නේද. අපිට තව බොරු නොකර ගෙදර ගියොත් හොදය නේද?

:       1       213

සජින්ත Thursday, 27 July 2017 04:54 AM

මහින්ද මහත්තයාගේ පැත්තට කමෙන්ට් දාන උදවියටයි කියන්නේ. ගෝල් ෆේස් එක ඉස්සරහට ගිහින් බලන්න චීනෙට සින්නක්කර ඉඩම් දීපු හැටිත්...

:       709       6

surangaThursday, 27 July 2017 08:20 AM

මහින්ද මහත්තයා දුන්න නිසා, මමත් දෙනවා, මම දුන්න නිසා මට පස්සේ ඉන්න කෙනත් දෙනවා. හරිම ෂෝක්....

:       2       121

saman Thursday, 27 July 2017 05:00 AM

මෙතුමාගේ කතානම් දැන් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ...

:       1       145

de silva Thursday, 27 July 2017 08:47 AM

ඔබතුමාගේ කතාව හරි... ඉඩම් දෙනකොට දෙන්නේ අඟල් ගණනින් නොවේ.. හෙක්ටයාර් වලින් , රට දියුණුකරන්න ඕනේ නම් ශ්‍රී ලංකික සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාට පහසුකම් සලසන්න. නිතරම මුහුද දෙස බලාගෙන විදේශ ආයෝජකයෝ එනකන් ඉන්න එපා.

:       0       33

Senarath Thursday, 27 July 2017 10:08 AM

තව අවුරුදු 10ක් 15ක් යනකොට හම්බන්තොට වරාය කියන්නේ ඉතාම වැඩ අධික වරායන්ගෙන් එකක් බවට පත්වෙනවා. ඒ බව දන දැනම මේ කරන්නේ හෙන ගහන අපරාධයක්... මේක අවුරුද් 25කට දුන්නා නම් කමක් නැහැ. තව අවුරුදු 99ක් යනකොට බදු ප්‍රවාහනය නැව්වලින් කෙරෙන එකකුත් නැහැ. දැනට ලෝකේ දියුණු වෙමින් යන විදියට... මෙයා කියපුවා හරියට කරනවා වගේ නං කියනවා. මේවාට වගකියන්න ඕනේ අයට හොඳක් නම් වෙන්නේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site