(දයාරත්න ඇඹෝගම, මොහොමඩ් ආසික් සහ ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
දිවයිනේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරී සංගමය මෙහෙය වු උද්ඝෝෂණ රැසක් අද (16) දිවයින පුරා පැවැත්විණි.
මධ්‍යම රජයේ මෙන්ම පළාත් සභාවල පවතින රැකියා පුරප්පාඩු වහා පිරවීමට රජය පියවර ගත යුතු බව උද්ඝෝෂකයින් පැවසු අතර එසේ නොමැතිව සම්මුඛ පරීක්ෂණ පවත්වමින් උපාධිධාරින් රැවටීම වහා නවත්වන ලෙසද ඔවුහු රජයට බල කර සිටියහ.



මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට විරෝධතාව

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උද්ඝෝෂණය


අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය
COMMENTS
'90 දශකයේ මුල භාගයේ සිට පටන් ගැනුණු ප්‍රවනතාවයක් නම්, බොහෝ ආයතනවල උපාධියක් වැනි අධ්‍යාපනික සුදුසුකම් ලැබූවන්ට වඩා වෘත්තීය අධ්‍යාපනක් ලැබූවන් ඉදිරියෙන් සිටීමයි. ඊට හේතුව විය හැක්කේ වෘත්තීය අධ්‍යාපනය ලැබූවන් රැකියාවට පැමිණෙනවිටම ඔවුන්හට රැකියාව පිළිබඳ යම් දැනුමක් තිබීමයි. යථාර්තය නම්, ලංකාව වැනි රාජ්‍ය අාදායම අඩු රටක, විශාල රාජ්‍ය අංශයක් ගොඩනැගිය නොහැකි අතර, අද පුද්ගලික අංශය රාජ්‍ය අංශය මෙන් 6 ගුණයක් රැකියා උත්පාදනය කරයි. එමනිසා, මේ උපාධිධාරීන් කලයුත්තේ සුළු රැකියාවක් හෝ කර, යම් වෘත්තීය අධ්‍යාපනක් ලබා රැකියා වෙළඳපොළට අතුල්වීමයි.
පාරට බැහැලා වෙලාව කන්නේ නැතුව ඉරිදා ඉංග්‍රීසි, සිංහල පත්තර අරගෙන වේකන්සි වලට ඉල්ලුම් කරන්න. ඇබෑර්තු 20000ක් තියෙනවා.
තමුන්ගේ වටිනා කාලය කා දැමීමක්... පුද්ගලික අංශයට යන්න බයයි... අයිස් ගහන්නද ආණ්ඩුවට යන්න හදන්නේ ...
වෘත්තියක් පුහුණු වුණාම වැඩ කරන්න සිද්ද වෙනවා. ඊට වැඩිය මේ ක්‍රමය හොඳයි. බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ රස්සාවල් ඉල්ලලා පාරේ ලගිනවා. ඊටත් පස්සේ මොකක් හරි රජයේ රස්සාවක් හොයාගෙන එතන ඉඳලා අයිස් ගහනවා. හොට බිම අැණුනාම මහජන මුදල් වලින්ම පින් පඩි (පෙන්ෂන්) ගන්නවා. මුළු මහත් ජීවිත කාලයම රටට බරක්...
උපාධියට සරිලන රැකියා දෙන්නේ නම් එය ප්‍රශංසා කළයුතු ක්‍රියාවක්. ඒත් මේ අයට මෙහෙම පාරවල් ගානේ අරගල කරමින් ජේවීපී එකේ පදේට නටන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මේ තියෙන්නේ ජේවීපී පෝස්ටර්.ඉස්සර තිබූ භීෂණයට පෙර අරගලවලදී භාවිතා කළේත් මේ වගේ පෝස්ටර්. උපාධිධාරීන්ගේ තුවාලයේ මුවාවෙන්, වාසි ගන්නේ ජේවීපී එකයි. මේ වැඩෙන් ඒ අයට රජමඟුල්...
මේකේ අදහස් දාන අය උපාධිදාරීන් දිහා බලන්නෙම වපර ඇසින්. රජයේ රැකියා දසලක්ෂයට අනුව උපාධිදාරීන් රජයට බඳවා ගන්න පුලුවන් .
අනේ ළමයිනේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රැකියාවන් දෙන්නත් කියන්න එපා. මේක අපේ රටේ අවුලක්. එක්කෝ අධ්‍යාපනය රටේ විතරක් නෙවේ ලෝකේ අනිත් රැකියාවන්ටත් සරිලන විදියට වෙනස් කරන්න ඕනි. එහෙම නැත්නම් කලින්ම කියන්න ඕනි, අපි ඔයාලට ඉගෙන ගන්න පහසුකම් දුන්න, රැකියාවක් හොයාගන්න එක තමන්ගේ වගකීමක්, රැකියාවකට සරිලන උපාදියක් ලබා ගැනීමම ළමයින්ගේ වගකීමක්. හැමදැම ඉල්ලනවා. ඉතින් කොහොමද රටක් ගොඩ යන්නේ. එක්කෝ හොර කනවා, එක්කෝ බකන් නිලන් ඉන්නවා, එක්කෝ හැම වෙලේම මොනවා හරි ඉල්ලා ඉල්ලා මහා පාරේ. පුදුම මිනිස්සු ඉන්න රටක් නේ අපිට තියෙන්නේ. එක්කෝ පිට රට රැකියා හොයා ගන්නකො.
එක්කෝ රැකියා වෙළෙඳපොලට ගැලපෙන උපාධියක් තෝරාගන්න ඕනා. නැත්නම් මහජන මුදල් නාස්තිවෙන විදියේ අනවශ්‍ය උපාධි නොකර ඉන්න ඕනා. උපාධියක් මහජන මුදලින් අරගෙන රස්සාත් ඉල්ලන එක විහිළුවක්නේ දරුවනේ.
මහින්දගේ කාලේ ඔය උපාධිධාරීන්ට රැකියා දීල රජයේ සේවය ලක්ෂ 11ක් කළා. අවුරුදු 10 ට හතර ගුණයක්. ඒ වෙච්ච නාස්තිය නිසා අදටත් රට ණය ගෙවනවා. මිනිස්සු බදු ගෙවනවා. උගුරට හොරා බෙහෙත් බොන්න උත්සාහ කරන එක දැන්වත් නවත්තමු.
රැකියා අවස්ථා ඇති කිරීම සහ ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම රජය කල යුතු දෙයක්. ඒත් රජයේ රැකියාවක්ම ලබා දෙන්න කියල ඉල්ලන එක නම් අසාධාරණ ඉල්ලීමක්.
මෙයාලාට වීදි නෙවෙයි පුරන් වෙච්ච කුඹුරු වලට බසින්න කියන්න.
ප්‍රතිපත්ති සම්පාදකයින් දුර දකිමින් සැලසුම් සම්පාදන කරන්නේ නම් රැකියා විරහිත උපාධිධාරීන් බිහිවෙන්නට හේතුවක් නැත .තම රට තුල පමණක් නොව විදේශයන්හිත් බිහිවෙන රැකියා සඳහා ඉදිර්පත් කිරීමට සුදුසු දැනුමින් යුත් පිරිසක් සුදානම් නොකිරීම දරුවන්ගේ වරදක් නොව පාලකයින්ගේ වරදකි. වැඩි ඉගෙනීමක් නැති දිළිඳු අසරණ කාන්තාවන් කිසිදු ලැජ්ජාවකින් තොරව අරාබිකරයේ වහල් වෙළදාමට සුදානම් කරන පාලකයෝ බුද්ධිමත් තරුණ දරුවන් නොසලකා හරිති. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නේ රටේ බුද්ධිමත් කොටසයි.ඔවුන්රටටත්, අනාගත ලෝකයටත් ගැලපෙන උසස් අධ්‍යාපන සැලැස්මක් වෙත යොමු කිරීම රජයේ වගකීමයි. නිදහස් අධ්‍යාපනය ලබා රජයේ රැකියා ඉල්ලන්නේ "අයිස් ගහන්නයි අවලාද නගන්නෝ සත්‍ය නොදනී ඔවුන් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන විට එය ජවිපෙ වැඩකියි තප්පු ලති. නිර්මාණශීලි දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙනුවට අට සමත් කූට ව්‍යාපාරවල නියුතු නුගතුන් ප්‍රතිපත්ති තිරකයින් ලෙස තෝරා යවන අපි මන්ද බුද්ධිකයින් නොවන්නේද?