විනීතා එම් ගමගේ
දිවයින පුරා කොස් පැල දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
‘කොස් මාමා’ ලෙසින් විරුදාවලි ලත් ආතර් වී දියෙස් මහතා කොස් පැල සිටුවීම ජනතාව අතර ජනප‍්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ආරම්භ කර වසර සියයක් පිරෙන මේ මස 11 වැනි දා පෙරවරුවේ පානදුර ජෙරමියෙස් දියෙස් විද්‍යාලයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
අපි වවලයි අපි කන්නේ තේමාව යටතේ මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බව මේ පිළිබඳව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
වස විසෙන් තොරව වගා කරන්නත්, ඒ සඳහා උපදෙස් හා අතහිත දෙමින් පොළඹවන්නටත් මෙම වැඩපිළිවෙලේ දී කටයුතු යොදන බව ද අමාත්‍යවරයා කීය.
කෘෂි කේෂත‍්‍රයට තරුණ පිරිස් පැමිණිම අවම වී ඇතැයි කී අමාත්‍යවරයා ඔවුන් මේ සඳහා දිරි ගැන්වීමට නව ක‍්‍රමය ගෙන යන බවත් විශ‍්‍රාමිකයන්ට ද මේ කේෂත‍්‍රයට එන්නට උනන්දු කරන බවත් කී අමාත්‍යවරයා ඉදිරියේ දී පළතුරු හා විවිධ ශාක වර්ගවල පැල බෙදා දීමට ද බලාපොරොත්තු වන බව කියා සිටියේය.
කොස් පැල ව්‍යාපෘතියේ දී බෙදාදීමට කටයුතු කර ඇත්තේ වසර එක හමාරකින් පීදෙන කොස් පැලයකි. අනතුරුව වෙනත් පැල වර්ග කිහිපයක පැකේජයක් ද බෙදා දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අතීතයේ විවිධ අවස්ථාවල පැල බෙදාදීම් සිදුවූ බවත් ඒවා සාර්ථක වී නම් මෙවර පැල බෙදා දීමට අවශ්‍ය නොවන බවත් කී අමාත්‍යවරයා මෙවර බෙදාදෙන සියලූ පැල පිළිබඳව පසු විපරමක් සිදු කෙරෙන බව ද කියා සිටියේය.
මේ පිළිබඳ සියලූ වගකීම් අමාත්‍යංශයේ අංශවලට බාර දෙන බවත් සියලූ දෙනා සක‍්‍රීයව ව්‍යාපෘතියට සහභාගී කර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පුරන් කුඹුරු ඉඩම් හිමිකරුවන්ගෙන් රතු නිවේදන හරයා ලබා ගෙන ඉකුත් කන්නයේ අක්කර 15000 ක් වගාකළේ යැයි ද මේ නිසා දැන් කුඹුරු පුරන්වන්නට නොදෙන බව පෙනෙතැයි ද අමරවීර මහතා කීය.
පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය මෙරට වවා ගැනීමට පියවර ගන්නා බවත් ඒ සඳහා මේ සියලූ දේ සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා කෘෂිකර්ම කේෂත‍්‍රයට එන කාන්තාවන් දිරි ගැන්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොද මෙන්ම කාලෝචිත අදහසක්. මෙම වැඩසටහන සාර්ථක වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
පැල සිටුවීම තුන් කාලයටම මහා අනර්ඝ කර්තව්‍යක්.! නමුත් ප්‍රතිඵලේ මොකක්ද? අක්කර දහස් ගණන් වලින් මේ පුංචි රටේ ඉතාමත්ම සංවේදී පරිසර කළාප සාහසික ලෙස වනසනවා. පරිසර පද්ධතියක්ම වනසලා පැළයක් හිටුවලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? තියෙන ගස් ටික ඉවක් බවක් නැතුව කපන්න දීලා පැළයක් ඉන්දවනවා. මේ රටේ වන වැස්ම 2015දී 17%යි. දැන් තවත් අඩු වෙලා ඇති. මේ අපට නැතිවෙන පිරිසිදු හුස්ම ටික ආයේ ලැබෙන්නේ නැහැ. කොන්දක් තියෙන බුද්ධිමත් නායකයෙක් නැති අඩුවෙන් මේ රට සදහටම උනත් නැසී යා හැකියි. අවංකවම පරිසර හිතකාමී නායකයෙක් අහලකවත් එන පාටක් නැහැ.
රුක් රෝපණ ව්‍යාපෘති යටතේ පැල දසලක්ෂ ගණනින් දේශපාලකයින්ගේ සුරතින් ලක්මවගේ කුසතුළ සිටවූ බව අපි දැක ඇත්තෙමු. පසු විපරම් නැත. කොස් පැල දස ලක්ෂයක් සිටුවීමේ අදහස අගය කරමි. පාසල් දරුවන් ඔවුන්ගේ උපන් දිනය සැමරීම සඳහා වටිනා එක ගසක් ඔවුන්ගේ ගෙවත්තේ හෝ වෙනයම් පොදු ඉඩමක සිටුවීමටත්,එම ගස ඔහුගේ හෝ ඇයගේ නමින් නම් කර දෙමාපියන්ගේ උපකාර ඇතිව නඩත්තු කිරීමේ වගකීම පැවරෙන වැඩ පිළිවෙලක් පාසල හරහා යෝජනා වෙන්නේ නම් සාර්ථක කර ගත හැකියි සිතමි.
මේක හොඳ වැඩක් අනාගතේ කොස් කොළ කාල ජීවත් වෙන්න පුළුවන්
රාමා ඔබතුමාගේ ගම කොහෙද ?හොඳට උගත් කෙනෙක් බව පේනවා.
කලෙකින් අහන්න ලැබුන හොද ප්‍රවෘත්තියක්.. මෙම වැඩසටහන ගොඩක් හොද වැඩක් අපේ රට පොඩි වුනත් කෘෂිකර්මයෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවතු වගාව ලංකාවේ තාප්ප වලට යට කරන ඉඩම් ප්‍රමානය නවත්තන්ඩ ඕන. තාප්ප දාන එක සල්ලි නාස්තියක් සහ ඉඩම් අපතේ යැවීමක්..
ඔබගේ අදහස් වලට ගරු කරන අතර ඒ පිලිබදව අවංකවම කණගාටු වන්නෙමු. පැළයක් සිටවනවා යනු කොළ හෝ ගෙඩි අනුභව කරනවාම නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන සත්‍ය කරුණකි. ( මෙම කරුණ පිලිබදව කිසිදු පක්ෂයකට කඩේ යනවා නොවේ වැරදි විදියට තේරුම් ගැනීමෙන් වලකින ලෙසද කාරුණිකව ඉල්ලමි) . අප කුඩා කළ වගා සංග්‍රාමයක් වැනි වැඩසටහනක් තිබුණු බව අපගේ මතකයේ හොදින් තිබෙන බවත් කීමට කැමැත්තෙමු. එම වකවානුවේ සිටවන ලද කොස් පැල වලින් කීපයක් දැන් මහා රූස්ස ගස් බවට පත්වී ඇති බවත් තාමත් මිනිසුන් එම ගස්වලින් පළ නෙලා ගන්න බවත් අප මෑතකදීත් දැක ඇත.එබැවින් ගණනින් විශාල පැල ප්‍රමාණයක් සිටෙව්වත් එකක් දෙකක් හෝ ආරක්ෂාවී මිනිසුන්ගේ ප්‍රයෝජනයට උදව් වෙනු යන්න අපගේ අදහසවන්නේය.
රාමා මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන අතර ඒ පිලිබදව අවංකවම කණගාටුවන්නෙමු. පැළයක් සිටවනවා යනු කොළ හෝ ගෙඩි අනුභව කරනවාම නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන සත්‍ය කරුණකි.. අප කුඩා කල වගා සංග්‍රාමයක් වැනි වැඩසටහනක් තිබුණු බව අපගේ මතකයේ හොදින් තිබෙන බවත් කීමට කැමැත්තෙමු. එම වකවානුවේ සිටවන ලද කොස් පැල වලින් කීපයක් දැන් මහා රූස්ස ගස් බවට පත්වී ඇති බවත් තාමත් මිනිසුන් එම ගස්වලින් පළ නෙලා ගන්න බවත් අප මෑතකදීත් දැක ඇත. එබැවින් ගණනින් විශාල පැල ප්‍රමාණයක් සිටෙව්වත් එකක් දෙකක් හෝ ආරක්ෂාවී මිනිසුන්ගේ ප්‍රයෝජනයට උදව් වෙනු යන්න අපගේ අදහස වන්නේය.
මුළු ලෝකයම කාලගුණ විපර්යාසයට ලක්වෙලා තියන මේ කාලයේ කන්න බොන්න පුළුවන් දේවල් මේ විදිහට වවා ගැනීම අනාගතේදී ලොකු ශක්තියක් වේවි .