IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රොටුඹ අමිල-කළුවා තවදුරටත් රිමාන්ඩ්

(  ප්‍රියංකර  ගමගේ)
 
අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ  රණවකගේ ධම්මික නුවන් රණවක  හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්ච්චි මෙනවිය අද (07) නියෝග කළාය.

 
මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම  ඔහුට විරුද්ධව ඇති චෝදනාව වේ.
 
එය ඩුබායි සිට මෙහෙයු බවට  දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශන වලදී  අනාවරණය වීම හේතුවෙන් සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රිමාන්ඩ් බන්ධනාගාරයට පත්වූ අතර එම අපරාධය සඳහා සහයදීමේ චෝදනාව යටතේ රණවකගේ ධම්මික නුවන් හෙවත් කළුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
 
එසේම පසුගිය මැයි මස අට (08) වන දින මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස චෝදනා ලැබ සිටින ඉහලගේ නදීෂාන් ප්‍රදීප් චාමර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කර ඇත.
 
තවද මෙම අපරාධය සඳහා ආයධ ලබා දීම අනාවරණය වීම හේතුවෙන් ඉදිරියේදී සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
 මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් අමිල සම්පත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  අතර රණවකගේ ධම්මික නුවන් පසුගිය අප්‍රේල් මස 05 දින රහස් පොලිස් ගුවන්තොටුපල ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මැයි මස 06 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 



අදහස් (1)

රොටුඹ අමිල-කළුවා තවදුරටත් රිමාන්ඩ්

de silva Wednesday, 08 May 2019 12:43 AM

මිනීමරුවෝ ඔක්කොම ඉන්නේ සුදු කමිස ඇඳලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site