IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රටක් ලෙස නැඟිටින්න ආකල්ප වෙනසක් ඕනෑ‘ - ජනපති

ඩයනා උදයංගනී 

කළ යුත්තේ එල්ල වන විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳිමින් ඒවා පසුපස යාම නොව රටේත් ජාතියේත් අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම යැයි  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. රටක් ලෙස නැ`ගී සිටීමට නම් සියලූ දෙනා තුළම ආකල්පමය වෙනසක් අවශ්‍ය බව   කී ජනාධිපතිවරයා තිරසර සංවර්ධන ඉලක්ක සහ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරාගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ‘තිරසර ලංකා‘ ජාතික ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සමගාමීව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණින් මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

වස විස නැති ආහාර, සුප ශාස්ත‍්‍ර වැඩසටහන්, හරිත රැකියා පොළ ආදිය ඇතුළත් ප‍්‍රදර්ශන කුටි 1000ක් මෙම ප‍්‍රදර්ශණයට ඇතුළත් අතර පරිසරයට වන විනාශය නිසා අත්වන ප‍්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කරන චිත‍්‍රපට, තරබාරුකම අඩුකරන යෝග පාඨමාලා, නාට්‍ය, නව නිර්මාණ ප‍්‍රදර්ශන, සෞඛ්‍ය සායන, විද්වත් කතිකා, සංවාද ආදී අංග රැසක් මෙයට ඇතුළත්ය.  



අදහස් (15)

රටක් ලෙස නැඟිටින්න ආකල්ප වෙනසක් ඕනෑ‘ - ජනපති

Wicky Friday, 31 March 2017 04:14 PM

සහතික ඇත්ත. කඩ පිල් වල, හන්දි ගානේ, ඔෆීස් වල මෙන්ම පාර්ලිමේන්තුවේ සිටින හැමෝගෙම ආකල්ප වෙනස් වෙන්න ඕනා තමන්ගේ රාජකාරිය හරියට කරන්න. අපි හැමෝම හිතන්න ඕන අපි ඉන්නේ මේ රටට, රටේ ජනතාවට සේවය කරන්න කියල. සිංහල කඩ වල මුදලාලිලා, සේවකයෝ පාරිබෝගිකයට හොදින් කතා කරන්න ඉගෙන ගන්න ඕන, තව දෙයක්, කෝටි ගණන් දීල වාහන අරන් සේවය කරන්න හිතෙන මැතිඇමති එලවන්න අපේ රට දියුණු වෙයි ඊට පස්සේ .

:       0       430

sagara Saturday, 01 April 2017 04:08 AM

දේශපාලුවන්ගෙන්ම පටන් ගත්ත නම් හොඳයි ආකල්ප වෙනස් කරන්න...උදාහරණයක් විදිහට කෝටි 4 වාහන නැතිව මිනිස්සුන්ට සේවය කරන්න බැහැ කියන ආකල්පය වගේ ඒවා...

:       0       296

Chandra Saturday, 01 April 2017 04:42 AM

කතාව නම් ලස්සනයි. ඒත් කවුද? දැන් උත්තර බැඳ බැඳ යන්නෙ ජාත්‍යන්තර ප්‍රජාවට ඔවුන් කියන සෑම දේටම එකඟවෙමින්.

:       1       185

chris Saturday, 01 April 2017 05:15 AM

යහපාලනය ඉවරද ? දැන් ආකල්ප එකත් නරක නැහැ අපේ රටේ උන් ඔය මොනවා කිව්වත් රැවටෙනවා... ජයවේවා !!!

:       115       143

sena Saturday, 01 April 2017 05:52 AM

ඒ කියන්නේ ඔක්කොගෙම ආකල්ප වෙනස් වෙන තුරු රට දියුණු කරන්නේ නැහැ කියන එකද?

:       39       49

daham Saturday, 01 April 2017 06:56 AM

නැගිටින්නේ කොහොමද? අවුරුදු 2කුත් ඉවර වෙලා තාම දණ ගාන්නේවත් නැහැනේ ...

:       547       607

sunil Saturday, 01 April 2017 07:00 AM

ජනවාරි 08 ට වඩා ආකල්ප අද වෙනස් වෙලා බව අපිට තේරෙනවා හොඳින්ම.

:       2       103

daham Saturday, 01 April 2017 11:29 AM

කතාව විතරයි වැඩ නැහැ

:       0       51

Lakvidu Saturday, 01 April 2017 03:40 PM

කෝ සයිටම් එකට දෙනවයි කියපු දෙපැත්තටම සාධාරණ විසදුම?

:       64       36

Reks Saturday, 01 April 2017 06:02 PM

ඔයා ඕව කියන්න කලින් අපි දන්නවා. ඔබව ඔතෙන්ට ගෙනාවේ ඔය ටික කියව කියව ඉන්න නෙවේ. කරලා පෙන්නන්න

:       0       1

kamal gamage Saturday, 01 April 2017 07:42 PM

ආකල්ප වෙනස ඔබෙන් ආරම්භ කරන්න ඕනේ ඔබ සහ ඔබ රජය කරන්නෙත් පරණ අය කල වැරදි දේවල්ම තමා. අපිට නම් වෙනසක් නොපෙනෙන්නේමය.

:       0       11

Chanak Los Angeles Saturday, 01 April 2017 08:14 PM

ඕක කියන්න ඕනේ නැහැ ජනවාරි 8 වෙනිදාට පෙර දීපු මසුරන් ආකල්ප දැන් ලස්සනට වෙනස් වෙලා තිබෙනවා කියලා.

:       0       6

sathyayaa Sunday, 02 April 2017 12:12 AM

කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නේ කකුල් දෙකෙන් මිනිසුන් රවටන්න ඇයිද මේව කියන්නේ?

:       1       5

lalithsjm Sunday, 02 April 2017 04:06 AM

පාවාදීම් නැති වෙන්න ඕන.

:       6       12

wasantha Sunday, 02 April 2017 07:38 AM

ඔබතුමා තව ඉදිරියට එන්න ඕනා. හැමෝටම ටිකක් මීට වඩා තදින් ඉන්න ඕනා....!!

:       37       65

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site