ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමිල්නාඩු ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත්ට නිර්දේශ කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව අද (9) තීරණය කළේය.
තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති කේ. පලනිස්වාමිගේ නායකත්වයෙන් යුතුව අද (9) රැස්වූ එම ප්‍රාන්තයේ කැබිනට් මණ්ඩලය ඉහත තීරණය ගෙන තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත ධීවර අමාත්‍ය ඩී. ජයකුමාර් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ බව තහවුරු කළේය.
මුරුගන්, සාන්තන්, ඒ.ජී. පෙරරිවාලන්, ජයකුමාර්, රවිචන්ද්‍රන්, රොබබ් පයාස් සහ නාලිනි ශ්‍රීහරන් යන අය ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන චෝදනාවට වරදකරුවන් වී සිර දඬුවම් ලබන්නෝ වෙති.
රජිව් ගාන්ධි ඝාතන චෝදනාට වරදකරුවන් වී සිර දඬුවම් විඳින ඉහත නම් සඳහන් කළ හත්දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවස්ථා කිහිපයකදීම ඉන්දීය මධ්‍යම රජයට ලිපි යැවීය. එම සෑම අවස්ථාවකදීම තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
එම හත්දෙනාගෙන් ඒ.ජී. පෙරරිවාලන් ඉකුත් දිනෙක සමාව ඉල්ලමින් අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ සමාව ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ මැදිහත්මවී මත අදාළ අයදුම්පත ඉදිරිපත් කර තිබිණි. අදාළ අයදුම්පත සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා (6) තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දැන්වීය.
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ඉහත තීරණය ගෙන ඇත්තේ ඒ අනුවය.
මේ අනුව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට නිර්දේශ කිරීමට තීරණය කළ ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ඒ.ජී. පෙරරිවාලන්ගේ අයදුම්පත පමණක් සලකා බලන්න යනුවෙනි.
(ද හින්දු - 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ අයට හොඳ නම් අපිට මොකද?
සමාව ඉල්ලුවා කියන විට කොටි එඩිතරයි කියන කතාව පුස්සක් වෙනවා. මෙතන බුදුදහම කදිම පිළිතුරක් සපයනවා. දඬුවමට බිය, අකමැති පුද්ගලයා සියලු පවින් අත්මිදිය යුතුය .
රජීව් මිනීමරු ප්‍රබාකරන් සැනසීමට ලංකාවට බලකරමින් පළාත් සභා ක්‍රමය අපට ලබාදුන්නා . දැන් ඔවුන් කවුරුත් ජීවතුන් අතර නෑ. ආණ්ඩුකාරයින් මහා ඇමතිවරුන් පළාත් සභා ක්‍රමය තුල සුර සැප විඳිමින් මහජන මුදල් සූර කනවා. ඒ මදිවට ලක්ෂ හයේ පුටු, කොටි ගණන් දොරවල් යෙදු සභා ගොඩනැගිලි. මේ රටට අබ සරණයි.
ජීවිතයක වටිනාකම දැනෙන තුරු මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවා...
ලෝක ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක්. අපේ ප්‍රභාකරන් වැලිකඩ හිටියානම් ලංකාවට වෙන්නෙත් මේකම තමයි.
ඉන්දීය රජය දක්වා පමණයි. අපේ ව්‍යාපාරයක් නෙමෙයි.
ඝාතනය සාධාරණ කිරීමක්ද? ආණ්ඩුව බයවෙලාද?