IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය 10 වැනි වරටත් වෛද්‍ය පාදෙණියට

(ඩයනා උදයංගනී)
 
 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී තිබේ. 
 
අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර මෙම තනතුරට තේරී පත්වූයේ පිට පිට දස වැනි වරටවීම විශේෂත්වයකි.
 
කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබේ. 
 
මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත්ව ඇත
 



අදහස් (10)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය 10 වැනි වරටත් වෛද්‍ය පාදෙණියට

Rata Perata Sunday, 28 June 2020 07:04 AM

මේ මාෆියාවෙන් ගොඩ එනවා බොරු...

:       0       0

de silva Sunday, 28 June 2020 07:06 AM

ඕක තනිකරම රටේ පොදු ජනතාව තලාපෙලා දමමින් දොස්තරලාගේ බඩ වඩා ගැනීමට අටවාගනු ලැබූ මාෆියා සංවිධානයක්...

:       0       0

Gamage Sunday, 28 June 2020 07:10 AM

කඩේ යනකොට ඔහොම දේවල් වෙනවා. මේ තනතුරු දැරීම අවුරුදු 3කට නැතිනම් 4කට සීමා කරන්න ඕනේ. සෑම ආයතනයකම මෙහෙම තනතුරු දිගට දරන්න දෙන්නේ නැහැ. රටේ ජනාධිපති තනතුර පවා අවුරුදු 4ට සීමා කරලා දෙපාරකට වඩා ඉන්න බැහැ කියන කොට මේ වගේ අවස්ථා දෙන්න හොඳ නැහැ. වංචාව, දූෂණය, හිස උදුම්මවා ගැනීම, සේවය නිසි ලෙස නොලැබීම, වන්දි භට්ටයින් කොටසක් බිහිවීම අපට දැකගන්න පුළුවන්...

:       0       0

sena Sunday, 28 June 2020 07:16 AM

පාදෙණිය මහත්තයාට දැන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ ආණ්ඩුවට හොඳටම හිරවෙලා ඉන්නේ... හරියට විෂදළ ගලවලා දාපු නයා වගේ... අහිකුණ්ඨිකයා නලාව පිඹිනකොට ටිකක් පෙනේ පුප්පලා පෙන්නුවා... එච්චරයි.

:       0       0

Buddika Sunday, 28 June 2020 07:19 AM

එකම පුද්ගලයෙක් 10වැනි වරට සභාපති වෙන්න ඇති. එහෙම වුණාම වෙන්නේ ඒ ආයතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොපැවතීම... ඒකාධිපති තත්වයක් ඇතිවීම.. කිසිම තැනක එකම පුද්ගලයෙක් තුන් හතර පාරකට වඩා පත් නොවිය යුතුයි.

:       0       0

kamal Sunday, 28 June 2020 08:35 AM

මේ රටේ නීතියක් තියෙනවා නේද ජනාධිපති වෙන්න පුළුවන් 2හෝ 3 වතාවක් කියලා... ඇයි ඒ නීතිය රටේ අනිත් අයට නැත්තේ? ක්‍රිකට් මණ්ඩලයට සහ ඡන්දයෙන් පත්වන සියලුම සමිති සමාගම්වලට, මරණාධාර සමිතියට පවා ජනාධිපතිට බලපාන නීතියම දාන්න බැරි ඇයි?

:       0       0

siri Sunday, 28 June 2020 08:46 AM

ඇමැති තනතුරක් බලාගෙන වැඩකළා කියලා කවුදෝ කිව්වා... බොරුවට වෙන්න ඇති මගෙ හිතේ...

:       0       0

Mahesh Sunday, 28 June 2020 09:30 AM

රනිල් වගේම චරිතයක්... ලේසියට පුටුව දෙන්නේ නෑ වෙන කෙනෙක්ට...

:       0       0

Siri Sunday, 28 June 2020 12:25 PM

සුබ පැතුම්... අනාගත රනිල් චරිතයට...

:       0       0

Kamal Sunday, 28 June 2020 02:01 PM

මෙයත් රනිල් මැතිතුමා වගේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 962 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site