IMG-LOGO

රජයේ රොහල්වල වැඩවරන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල වැඩ කරති

(ඔගස්ටින් ප‍්‍රනාන්දු)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ දිනවල රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් දියත් කර ඇතත් එම වෛද්‍යවරුන් හලාවත නගරයේ පිහිටි පෞද්ගලික රෝහල්වල සුපුරුදු ලෙසින් චැනල් සේවයේ යෙදුන ආකාරය අද (23) දැක ගත හැකි විය.

සයිටම් ආයතනයට එරෙහි විරෝධතාව අතරතුර දි සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්ව විද්‍යාල සිසුන් ඉවත්කිරීමට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින්  මෙම වැඩ වර්ජනය සිදු වෙයි.

මෙම වර්ජනය හේතුවෙන් හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලේ වෛද්‍යවරු බාහිර රෝගින්ට ප‍්‍රතිකාර නොකළහ.

මේ අතර හලාවත නගරයේ පවත්වා ගෙන යන සියලුම පෞද්ගලික රෝහල්වලට පැමිණෙන ඕනම රෝගියකුට අද දවස පුරා ප්‍රතිකාර ලබා දුන් අයුරු දැක ගත හැකි විය.



අදහස් (12)

රජයේ රොහල්වල වැඩවරන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල වැඩ කරති

aravinda Friday, 23 June 2017 02:15 PM

ඔය ඔක්කොම වර්ජන, තර්ජන, ගර්ජන දුප්පත් මිනිහා යන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට විතරයි. පස්ස දොරෙන් ඔක්කොම චැනල් කඩ අරගෙන වැඩ... ආණ්ඩුවත් නිදිනේ !!!

:       19       381

karolis Friday, 23 June 2017 02:26 PM

අනේ ඉතින් මොන්ටෙරෝ එකක් ගන්න තියෙන ආසාවනේ. ගෙයක් දොරක් අනිත් දොස්තර මහත්වරුන්ට වඩා ලොකුවට හදා ගන්නත් එපෑයෑ ඉතින්...

:       19       333

jagath Friday, 23 June 2017 02:44 PM

හලාවත නම් වූ මේ නගරය අමෙරිකාවේ පිහිටා තියනවා විය යුතුය. මොකද ලංකාවේ හලාවත නම් නගරයේ එවැනි දෙයක් කිසිසේත්ම සිදුවිය නොහැක. එහි දොස්තරවරු ජනතාවගේ බදු මුදලින් ඉගෙනුම ලබා අපගේ ජනතාවට කිසිදාක වර්ජන නොකර සේවය කරති. මෙය ජී.එම්.ඕ.ඒ. එක අපහසුතාවයට පත් කිරීමට වෙනත් රටක වෛද්‍යවරු කිහිප දෙනෙක් කළ වැඩක් විය යුතුය. ඇමෙරිකාවේ එහෙම වෙතත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       244       1008

mangala Friday, 23 June 2017 03:42 PM

කළුතරත් එහෙමයි. රජයේ සේවයෙන් අස්වූ දොස්තර කෙනෙක් පුද්ගලික රෝහලේ opd එකේ වැඩ. හලාවතත් එහෙම වෙලා වගේ. දැන් තමයි වෙලාව සයිටම් දොස්තරලට ඇවිත් OPD වැඩ කරන්න කියමු.

:       0       0

සිරි Friday, 23 June 2017 05:40 PM

නිදහස් අධ්‍යාපනය සුරකින්න උත්සාහ කරන දොස්තරලා නිදහස් සෞඛ්‍ය සේවය ගැන නොසලකන්නේ ඇයි?

:       0       1

ajit Friday, 23 June 2017 07:00 PM

මොකද්ද මේ වෙන්නේ? කවද්ද මේක ඉවර කරන්නේ? කවුරුහරි මැරෙනකම් ද ඉන්නේ...?

:       0       0

Appuhami Friday, 23 June 2017 08:02 PM

හොඳ වැඩේ.... යහපාලනයට ඡන්දේ දුන්නාට...

:       0       3

ravin Saturday, 24 June 2017 01:28 AM

ඔක්කොම රජයේ රෝහල් පෞද්ගලික කළාම ප්‍රශ්නය විසඳෙනවා.

:       0       0

Kariyawasam Saturday, 24 June 2017 03:48 AM

කෝ ඉතින් නිදහස් සෞඛ්‍ය සේවය? රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේවට මොකද කියන්නේ! ඒවාට සටන් නැහැ.

:       0       0

ජගත් ලියනගේ Saturday, 24 June 2017 04:49 AM

ඔයවගේ දොස්තර වරුන්ට කියන්න ඕන " දොස්තර " කියන නම නෙවෙයි . " මාර දූතයෝ" කියලා... ඒ අයට යන්න වෙනම අපායකුත් හැදෙයි.

:       0       2

larry Saturday, 24 June 2017 06:03 AM

ඔව්... ජාඇල පුද්ගලික ක්ලිනික් එකකුත් 6 සිට 10 දක්වා විවෘතව ඇත.

:       0       0

roshan Saturday, 24 June 2017 06:28 AM

ඇයි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක වරදක්ද.. ස්ට්‍රයික් නොකර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site