නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇත.
නව හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ද ආරක්ෂක ලේකම් ලෙස හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ද පත්වීම් ලැබ සිටිති.
ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් හිස් වු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පත් වී තිබේ.
COMMENTS
රෝහිත බෝගොල්ලාගම මහත්තයා කියන්නේ මිනිස්සු ඡන්දෙන් පරද්දල ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට මේ විදිහට පස්සේ දොරෙන් රජයේ තනතුරු දෙන එක ඉතාම වැරදි වැඩක්... මේ වගේ මිනිස්සුන්ට එපා වූ චරිත නැවතත් කරළියට ගෙනෙන්න එපා. මේ රටේ ඔය තනතුරු දෙන්න උගත් බුද්ධිමත් මිනිස්සු ඇත්තේම නැතිද?
පත්වීම් තුනක් නම් නිවැරදියි. එක් අයෙක් නම් කොහාටවත් ගැලපෙන කනෙක් නොවේ.
කොහොම හරි බෝගොල්ලාගම මහත්තයත් එහෙනම් ආයෙත් මතු වුණා.
රෝහිත බෝගොල්ලාගම මහතා විදේශ ඇමති කාලේ සිරි ලංකාවට අාවේම නැති තරම්නේ...
එතකොට රෝහිත බෝගොල්ලාගම මැතිතුමා කොහෙද.....?
මේ වගේ දේශපාලකයෝ නිසා ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැත. සියලුම ආණ්ඩු තම තමන්ගේ අය පුරවා ගන්නවා මිසක් රට සහ පුරවැසියන්ගේ දියුණුව උදෙසා වැඩ කරන්නේ නැත... අහෝ ඛේද ජනක තත්වයකි.
කොටින්ට මිදි අරන් ලෙඩ බලන්න ගිය අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද?
නැගෙනහිර පලාත අර ලෙකු එකාගෙ නඩවට පැටලෙච්ච අර ලමයගේ අප්පච්චිටනේ. හරි එහෙනම් අර ලොකු එකාගෙ නඩුවත් අහවර වෙයි වගේ.
මොන තරම් පුටු වෙනස් උනත් රටනම් එතනමයි.
ඉතාමත්ම හොඳ වෙනසක් හැටියට කියන්න පුළුවන්...
ඔය රෝහිත බෝගොල්ලාගම සහ ඔස්ටින් ප්‍රනාන්දු කියන මහත්වරු දෙන්නා නැතුවම බැරිද?