හර්ෂණ තුෂාර සිල්වා
මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය වැනි ඒකාබද්ධව හා සම්බන්ධීකරණයක් සහිතව රාජකාරී කළ රාජ්‍ය ආයතන එසේ නොකිරීම නිසා සිදු ව ඇති හානිය ඉතා ඉහළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) ප්‍රකාශ කළේය.
සම්බන්ධීකාරණයක් පැවැතිය යුතු රාජ්‍ය ආයතන අතර එසේ සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්තිය වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (26) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා එම කරුණු කීවේය.
එහිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“ මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය යනු සහෝදරයන් සේ රාජකාරී කළ යුතු ආයතන දෙකක්. රටට ආදරයෙන් රටේ සොබාදහම, සම්පත්වලට ආදරයෙන් ඒවා සුරක්ෂිත කරමින් කටයුතු කළ යුතු රාජ්‍ය ආයතන අතරින් ප්‍රමුඛතම රාජ්‍ය ආයතන දෙකක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්න පුළුවන්.
නිසි සම්බන්ධීකරණයක් තිබිය යුතු ආයතන දෙකක් වුණත් එසේ සම්බන්ධීකරණයක් නොවීම ඒකාබද්ධව කටයුතු නොකිරීම නිසා පසුගිය වසරේදී පරිසර හානි රැසක් සිදුවුණා. රටට සිදු වූ හානිය විශාලයි. ප්‍රශ්න රැසක් ඇතිවුණා.
ඒ වගේම පරිසරය ආරක්ෂා කළ යුතු මෙම ආයතන දෙක තුළ ජාවාරම්කරුවන්ගේ අතරමැදියන් සිටිනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය බලපත්‍ර දීමේ කටයුත්ත බාරව සිටිනවා. ඒ කාර්ය තුළ අතරමැදියන් සිටිනවා. ජාවාරම්කරුවන්ගේ අතරමැදියන් සිටිනවා. කාර්යාංශය තුළ තිබිය යුතු ඇතැම් ලිපිලේඛන ජාවාරම්කරුවන්ගේ අතට ගිහින් තියෙනවා.
මම පසුගිය සතියේ මුතුරාජවෙල ගොඩකිරීම් නැවැත්වීම තහනම් කළා. මුතුරාජවෙල වටිනා පරිසර පද්ධතිය විනාශ වීමේ දැඩි අවදානමකට ලක්වූ තිබුණා.
පස් කපන්න පස් පුරවන්න බලපත්‍ර දුන්නේ කවුද ? ඒ ගැන පසු විපරමක් කළා ද ? පස් කපන්න බල පත්‍රය දෙනවිට මෙන්ම එම කපන පස් දමන්නේ කොහේටදැයි බැලිය යුතුයි.
පස් කපන්න අවසර දෙමින් බලපත්‍ර දීම විතරයි කරන්නේ. පස් කපන්නේ කොහේද කපන පස් කොහේද දාන්නේ කියලා බලන්නේ නැහැ. ඒවා ගැන පසු විපරමක් කරන්නේ නැහැ. ඒ නිසා කාර්යාංශයේ වැඩපිළිවෙළ විධිමත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා” යැයි ජනාධිපතිවරයා එහිදි තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අපි කරපු දෙයක් වගේනේ...
පිටත ආයතන සමගින් පමණක් එකම ආයතනය තුලත් මෙවැනිදේ සිදුවේ. මෙවැනි ගැටළු ජනතාව සැමදා විඳින බව දැනගැනීමත් සතුටට කරුණක්.
සම්බන්ධිකරණය කියනකොට අපට මතක් වෙන්නේ සම්මුති ආණ්ඩුවේ නායකයින් අතරත් මීට වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇතිකරගෙන වැඩ කටයුතු සිද්ධ කලොත් 2020 දී " පරාද වෙන එක නවත්වා ගන්න පුළුවන් වෙන බවයි.
"යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසිකරපන්" කියුවලු. මෙයාට අමු කැවිලද ? අගමැති ජනපති අතරවත්, මැති ඇමතිවරුන් අතරවත් සම්බන්ධීකරණයක් නැතුව රාජ්‍ය ආයතන අතර කොහෙද සම්බන්ධීකරණයක් ?
ජනාධිපතිතුමනි දුප්පත් මිනිහෙකුට අද වැලි, ටිකක් ගන්න සල්ලි නෑ වැලි ප්‍රාදේශිය සබා වලට එකතු කරගෙන ජනතාවට සාදාරන මිලට විකුණන ක්‍රමයක් හදන්න එතකොට ඔය අතර මැදී පගා ගන්න ආයතන එකක් වත් ඕනෙනෑ මේවා අද ඔක්කොම ජාවාරම් කාරයෝ අතේ එයාලට නිලදාරී උඩු කරනවා
මෙතුමා මෙච්චර කාලයක් හිතන් ඉදලා තියෙන්නේ එහෙම සම්බන්ධීකරණය ක් තියෙනවා කියලා වෙන්න ඇති
ඔබ තුමා පත් කරලා තියෙන්න ඔය වගේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම , අයුතු දේවල් නැති කරලා ඒක නැවත ගොඩ ගන්න. එක අමතක කරලා මිනිසුන් ඉදිරියේ නොහැකියාව කියලා මිනිසුන්ගෙන් සහනය බලාපොරොත්තු වෙන්න එපා.
අදාල නැති මැති අැමෙති වරු වෙනත් අමාත්‍යංශ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ සම්බන්ධයක් තිබිලද අගමැති එකක් කරනවා ජනාධිපති වෙනස්කරනවා මුළු රජය තුලම සම්බන්ධීකරණයක් නැ
නියෝග, අණ කිරිම, හා වගකිම් පැවරිම වගේ කළමනාකරණ උපාංග තියෙන්නේ ඔකට තමා. දුක කීම නායත්වය නොවෙි. අවශ්‍යතාවය හදුනාගෙන කොක්කෙන් හෝ කෙක්කෙන් වැඩ කරවා ගත යුතුය. එයයි නායත්වය. ප්‍රතිපල රටට ජනතාවටය.
මහාම මහා විකාරයක් මේක පහුගිය කාලෙම අපි ඇහුවේ අරක නැහැ මේක නැහැ කියනවා මිසක් කෙරිච්ච දෙයක් නැහැ මාසෙකට කෝටි කියක් මහජන මුදල් මෙයාලා වෙනුවෙන් වැය කරනවාද?
හොදට පාරක් තාර දල හැදුවට පස්සේ ජලසම්පත් මණ්ඩලෙන් ඇවිත් පාර කපල බට දානවා, ආපහු ටික දවසකින් ටෙලිකොම් එකෙන් ඇවිත් අපහු පාර කපලා කේබල් දානවා. ඔය වගේ සුළු දේවල වලට සම්බන්ධීකරණයක් නැති රටේ තව මොන සම්බන්ධීකරණද.?
රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් කොහොම තියෙන්නද ජනාදිපති සහ ආණ්ඩුව අතර සම්බන්ධීකරණයක් නැති කොට. ජනාදිපතිත් රජයේ කෙරුවාවල් දැනගන්නේ පත්තරෙන්. පත්තරේ විස්තරේ වැටෙන්නේ දවස් දෙකක් පමාවෙලා එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි .
තමුන් කැබිනට් එකේ ප්‍රධානියා හැටියට, එකත් එක්ක හරියට සම්බන්ධ වෙනවද? අනුන්ට කියන්න ඉස්සරවෙලා තමන් හැදෙන්න.
ලෝකෙ පුරා රවුම් ගහලා, පත්වෙලා අවුරුදු 3ක් ගියාට පස්සෙ තමයි මෙතුමට තේරෙන්නෙ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක්නෑ කියලා. අපිනම් ඕක අවුරුදු ගානක් තිස්සෙ දන්නවා.
මේ කමෙන්ට් දැක්කම රටේ ජනතාවගේ නියම අප්‍රසාදය මෙයින් නියමෙටම පේනවා. 2020 සොරි තමයි.
මොන ආණ්ඩුවේ රාජ්‍ය ආයතන අතරද දන්නේ නැහැ සම්බන්ධීකරණයක් නැත්තේ? පැහැදිලි නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේද , එහෙමත් නැතිනම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේද? ලෝකේ එකම රට ආණ්ඩු දෙකක් තියෙන සහ ඊට අමතරව නිල නොවන ආණ්ඩුවකුත් තියෙනවා.