(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් යාමට නොහැකි දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා හැරුණු විට සජිත් පේ‍්‍රමදාස, නවීන් දිසානායක, හරීන් ප‍්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රුවන් විජයවර්ධන යන නායක පෙළක් සිටින බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේද කීය.
‘‘ දැන් ආයේ දවස ගානේ පතාලය ගැන කතා කරන්න පටන් ගෙන තියෙනවා. එක්කො පාතාලයේ කෙනෙක් මැරෙනවා නැත්නම් ආරක්ෂක අංශයේ කෙනෙක් මැරෙනවා. මේ පාතාල සිද්ධීන් මුල් කරගනිමින් අපේ විරුද්ධ දේශපාලන කණ්ඩායම් ආණ්ඩුවට පහර දෙන්න උත්සාහ කරනවා.
මේ පාතාල කාරණාවේදී කරුණු දෙකක් තියෙනවා. පාතාලය මර්දනය කළ යුතුයි කියල එක කණ්ඩායමක් කියනවා. පාතාලය වුණත් පව් අප්පා බල්ලො බලල්ලූ වගේ මරන්න හොඳ නැහැ කියලා මානව හිමිකම් ඇතුළු තව කණ්ඩායමක් කියනවා. මේකත් අර අන්තිමේදී නෝනයි මහත්තයයි බූරුවා කරේ තියාගෙන ගිය කතාව වගේ තමයි. පාතාලය මර්දනය කරද්දීත් අපිට චෝදනා කරනවා. නොකරන කොටත් අපිට චෝදනා කරනවා.
2001 වසරේදි අපේ රජයක් යටතේ තංගල්ල බන්ධනාගාරයේ විශාල විරෝධතාවක් පැවැත්වුණා. එවිට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ ජෝන් අමරතුංග මහතායි. ඔහුට මෙම විරෝධතාවය මර්දනය කරගන්න බැරිවුණා. එම වකවානුවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා පාතාල කල්ලි නායක ජූලම්පිටිය අමරේට කතා කරලා මෙම විරෝධතාවය නැවැත්තුවා.
මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අය පාතාලය සමඟ සුහද ඇසුරක් පැවැත්තුවා. ජූලම්පිටිය අමරේ, චන්ඩි මල්ලිලා එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරගෙන ගියා.
පහුගිය රජය ඇතිකරපු කණ්ඩායම් තමයි අද මේ හිස ඔසවලා තියෙන්නේ. රජයක් විදියට මේවාට විරුද්ධව කටයුතු කරන විට කවුරු හරි කිඹුල් කඳුළු හෙලනවා නම් කවුරු හරි අපිට චෝදනා කරනවා නම් ඒක අපේ සමස්ත ප‍්‍රජාවටම කරන එරෙහි කමක් විදියට අපි සළකනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ සියලූම සැප සම්පත් දීලා කේ. පිව තියාගෙන හිටියා. පිල්ලේයාන්ව තියාගෙන හිටියා, කරුණා අම්මාන්ව තියාගෙන හිටියා. කරුණා අම්මාන්ව ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහතා තියාගෙන හිටිය විතරක් නෙමෙයි ඇමැති කමක් දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිත් කළා.
අපේ එක්සත් ජාතික පක්සය මෙහෙම තනතුරක් දුන්නනම් කොහොම හිටියිද. අපි එදා කොටි නැලෙවුවෙත් නැහැ. අද නලවන්නෙත් නැහැ කියලා අපි විශේෂයෙන්ම කිව යුතුයි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් පාර්ලිමේන්තු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා
ප‍්‍රශ්නය : 2020 ජනාධිපතිවරණය සඳහා යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් එය එක්සත් ජාතික පක්ෂයට අභියොගයක්ද?
පිළිතුර : ඔව් ඇත්තටම අපිට අභියෝගයක් වෙයි. මොකද දැන් හිට්ලර් කෙනෙක් එක්කනේ ඉදිරිපත් වෙන්න වෙන්නේ. ඒ නිසා අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
ප‍්‍රශ්නය : බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත කිරිම පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බවට චොදනාවක් එල්ල වෙනවා?
පිළිතුර : ඥානසාර හිමිගේ නඩුව ඇහුවේ අධිකරණයෙන් මිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් නෙමෙයිනේ. මේකත් දේශපාලන වාසියට හරවගන්න ඇතමුන් උත්සාහ කළා. රැඳවියෙක් විදියට බන්ධනාගාර ගත වුණහම බන්ධනාගාර තුළ නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුගත වෙන්න ඕනෑ. ඥානසාර හිමියන් ස්වාමින් වහන්සේ නමක් කියලා හරි,තවත් පුද්ගලයෙක් යුද හමුදා නිලධාරියෙක් කියලා හරි, මම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් කියලා හරි නීතිය තනතුරේ හෝ වෘත්තියේ හැටියට වෙනස් වෙන්න බැහැ.
උන්හහන්සේ සිරගත වීම පිළිබඳවත්, යළි ඇප ලබාගෙන එළියට ඒම පිළිබඳවත් අපේ දේශයක්, කෝපයක්, තරහක් වෛරයක් නැහැ. උන්වහන්සේට නිදුක් නිරෝගීභාවය මෙන්ම සංසුන් මනසක් ලැබේවා කියලා තමයි අපි ප‍්‍රාර්ථනා කරන්නේ.
COMMENTS
මේක හරියට රනිල් නැතිව යුඇන්පීයට ගමනක් නැතුව වාගේ.
යුඑන්පි එකට වික්‍රමසිංහ නම නැතුව කතා කරන්න බෑ වගේ තමයි.
පුළුවන්. පුළුවන්. මොකැයි බැරි. යන්න පුළුවන් වළ පල්ලට.
ඉතින් රනිල්ටත් කියන්නකෝ දාල යන්න කියලා
නායකයෝ නොවෙයි ඉන්ෙන් හොරු.
ඊට ඉස්සර වෙලා කියමු බලන්න යූ.ඇන්.පී.යට රනිල් එලවාගන්න පුළුවන්ද කියලා...
ඒකාබද්ධයට විතරක් නොවේ අපේ රටටවත් ඉදිරි ගමනක් නැහැ!
රනිල් හිටියි කියලත් යූ. එන්. පී යට ගමනක් නැහැ. එහෙම ගමනක් තිබෙනවා නම් 30 වතාවක් පරදින කොට රනිල්ගෙන් වැඩක් නැහැ කියලා අයින් කරන්න ලැහැස්ති වුනේ, සිරිකොතට ගල් ගැසුවේ, කෝ 2014 ජනාධිපති කමට ඉල්ලුවාද? විහින් තමා රවට්ටා ගන්නවද නැතිනම් ඔහේලගේම ජනතාව රවට්ටනවාද?
හලෝ ඔහේ නම් කිව්ව පෙළ ඉන්නවා තමයි. ඔවුන් දේශපාලඥයෝ මිස රටේ රාජ්‍ය නායකත්වයක් උසුලන්න පුළුවන් මිනිස්සු නොවෙයි. ඔය කියන ප්‍රේමදාසට රාජ්‍ය නායකත්වයක් උසුලන්න තිබෙන සුදුසු කම මොකක්ද? තාත්තා ජනාධිපති වෙලා හිටපු එකද? විකාර කියන්න එපා හලෝ. ජනතා මුදලින් ගෙවල් හදා පවුලේ කෙනෙකුගේ උපන් දිනේට ගෙවල් ටික බෙදෙනවා හැරෙන්නට රටේ සංවර්ධනය සඳහා ගෙනා යෝජනාවක් කියන්න...
හලෝ කාටත් නීතිය සමාන නම් කොහොමද ලංකාවේ බෞද්ධ නොවන ආගම්වල ආගමේ හැටියට නීති තිබෙන්නේ?
හලෝ කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලා එල්.ටී.ටී.ඊ. එක අතහැරලා විශාල අවදානමක් අරගෙන සිංහලයාගේ පැත්තට ඇවිත් සිංහල අපිට යුද්ධය දිනා ගන්න කරපු මෙහෙවර කළාද? අලිමංකඩ කියන්නේ පාමංකඩ කියා හිතුව ඔහෙලා යුද්දෙ ගැන මොනවාද දැනගෙන සිටියේ? අපිට කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලාට සන්සන්දනය කළාම වැදගැම්මකට නැහැනේ...
රාජපක්ෂ නාමය නැතුව ඒකාබද්දයට විතරක් නෙමේ මුළු ලංකාවටම ඉදිරි ගමනක් නෑ. මොකද ජනතා ප්‍රසාදය දිනාගත්ත වෙන එකම නායකයෙක්වත් නෑ අනිත් එකම පක්ෂකයවත්. රාජපක්ෂ කෙනෙක් යටතේ අවුරුදු 10ක් වේගයෙන් ඉදිරියට ගිය රට තමයි 2015 රිවස් ජියර් එකට දැම්මේ මෙයාල. දැන් අපි යන්නේ රිවස් එකට.
ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ පාතාලයෝ බෙහෙතකට හොයා ගන්න බැරිව සිටියේ 2015 මේ ගොල්ලෝ අවා විතරයි ටිකට් එක යවලා පාතාලයෝ ගෙන්න ගත්තේ. දැන් උන් හන්දියක් හන්දියක් ගෑනී මිනී මරනවා. තංගල්ල බන්ධනාගාරයේ විරෝධතාවය නවතා ගන්න බැරි මිනිස්සුද ලෝකේ දරුණු ත්‍රස්තවාදය නවත් වන්න හැදුවේ.
වැඩකට නැති කතාවක්
පළමුව ඔබ ඔබගෙන් එම ප්‍රශ්නය විමසා පිළිතුරක් ලබා ගෙන සසදා බලන්න.