(ඉෂාන් සංජීව)
රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි මාසයේ විවෘත කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට සැළසුම් සහගතව රට පුරා මාර්ග පද්ධතිය දියුණු කිරීම ජාතික රජයේ අරමුණ බවත් නිසි සැළසුම් සහගත බව නිසා රාජගිරිය ගුවන් පාලමේ වැඩ වසරකට පෙර නිම කිරීමට හැකියාව ලැබුණු බවත් අගමැතිවරයා කීය.
ඔහු මේ බව පැවසුවේ වැඩ අවසන් වෙමින් පවතින රාජගිරිය ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවට අද(21) එක්වෙමිනි.



COMMENTS
කෝ මේකේ ගුවන් පාලමේ ෆොටෝස් .. අගමැති වෙන පාරක්ද ගිහිල්ල තියෙන්නේ ?
හ්ම්ම් මේක පටන්ගත්තේ ගෝටා මතකයේ හැටියට ඉවර වෙන්න තිබුනේ වසර දෙකකට ඉහත කමක් නැහැ හොඳ වැඩක් ඉවර කරපු එක ඡන්දය කාලේ මේකට වෙන් කරපු සල්ලි මහින්ද මහත්තයගේ කටවුට් වලට ගිය නොවැ...
ගොඩක් හොද වෙඩක්. මේකෙන් මාර්ග තද බදය ගොඩක් අඩු වෙනවා. ඕක හදන්න තිබ්බේ 2012 දී. බොහොම ඉස්තුතියි අගමැතිතුමනි.
යන්තම් එක වැඩක් කරා. වැඩේ ප්‍රමාණයට වඩා මිනිස්සු ගිහිල්ලා ඉන්නවා විවෘත කරන්න. මේ රටවල් වලනම් වැඩේ අවසානයේ ඉංජිනේරුවා අවසන් පරීක්ෂණය කල විගසම පාර අරිනවා.
වසරකට කලින් වැඩ නිමකරන්න ඔය ගුවන්පාලමේ විතරක් නෙවේ අනිත් පාලම් මාර්ග වලත් තිබුණා අර මහබැංකුවේ සල්ලි ටික තිබුනානම්.
ගෝඨා මහත්තයා නම් පාර්ලිමේන්තුව වටරවුම කිට්ටුව පොල්දූවේ හොඳට තිබුන මං තීරු 6 ක කොන්ක්‍රීට් පාලම කඩලා යකඩ පාලමක් හැදුවා, යටින් බෝට්ටු සවාරි යන්න පුළුවන් වෙන්න . අන්තිමට අලුත් එකත් ලේන් 6 යි . දැන් පාර ලෙවල් නැහැ. ගැට්ටක්. කොන්ක්‍රීට් පාලම තරම් අලුත් එක කල් තියෙන්නෙත් නැහැ . කෝට්ටේ මාදින්නාගොඩ තනි ලේන් එකේ අබලන් යකඩ පාලමත් හදලා දෙනවා නම් පින් සිද්ධ වෙනවා අගමැති තුමා.
ඉක්මනට ගුවන් පාලම විවෘත කරන්න. මෙතන වාහන පෝලිමක් ඇත්තේ අර ප්‍රසිද්ධ පරණ බිල්ඩිම බලන්න එන සංචාරකයින්ගෙන්...
රටක් දියුණු කරනවා කියන්නේ, පාරවල් හදන එකටවත් ඡන්ද තියනවා කියන එකටවත් නෙවෙයි............ කියලා නොදැන ප්‍රතිචාර දාන පිරිස සිතිය යුත්තේ වසර 20 ක පමණ පෙර දැක්මක් ඇතිව එයට අවශ්‍ය දැනුම සහිත පිරිසක් බිහි කර නවීන ලෝකය ට මුහුණ දෙන්න යන මේ හෙමින් ගමන ඉතා වැදගත් බවයි. කියවන්න ලී කුවන්යුගේ චරිතාපදානය පොත.
කොළඹ මාර්ග තදබදය යම් පමණකින් අඩු කරන්න නම් ගුවන් පාලම් 20 වත් උවමනාය..........රටට අලුතෙන් ගෙන එන වාහන වලට සහ තෙල් වලට ගහන බද්ද මේ සදහා ප්රමාණවත්ය කරන්නේ නැති එක තමා වරද.............
මේ වගේ තමන්ගේ පුද්ගලික මුදල් ඇති පදම් වියදම්කර රටට සේවයකරන නායකයන් සිටීම අපි කොච්චර පින් කර ඇද්ද ??? දැන් මේ විවෘත කිරීමට අවිල්ල ඉන්න පිරිස කන්නේ බොන්නේ ඔක්කොම යාන වාහන, මුර සුනකයන්, " මිනිස් පැය " සෑම දෙයක්ම මේ උන්දැගෙ ගෙදරින් ගෙනාව මුදල් නිසා මහා ජනතාව වන අපට කිසිම බරක් නැහැ. අවංකව බලන්න අපෙන් ගන්න බදු මුදල් ඔක්කොම ඉතුරු වෙලා මහා බැංකුවේ තියන්න තැනක් නැහැ.. අනේ වාසනාවන් මේවගේ නයකයාන් අවුරුදු 60 , 70 තිස්සේ සිටීම අප තවමත් දියුණුවෙමින් පවතින රටක් නොවැ.
පන්නිපිටිය කොට්ටාව මංතීරු 2ක මාර්ගය මංතීරු 4 දක්වා පළල කරලා සංවර්දනය කලත් පාරේ වාහන තදබදය අවසන්වෙලාද? කොහෙත්ම නැහැ. කොට්ටාව මංසන්දිය පළල කර සංවර්දනය කළා. වාහන තදබදය අඩු උනාද? නැත. ඇතැම් දිනවල බොහොවෙලාවක් කොට්ටාව හන්දියේ වට රවුමේ වාහන හිරවී මොන පැත්තකටවත් යන්නට බැරි තරමට වාහන සිරවී තිබෙනවා. පන්නිපිටිය ධර්මපාල පාලේ දරුවන්ට ප්‍රවේසමෙන් පහසුවෙන් පාසලට යන්න, එයින් පිට වෙන්න ගුවන් පාලමක් මහා වියදමක් දරල හැදුවා. ඒත් පාසල් දිනවලදී වාහන තදබදය අඩුවුනාද? නැත. තවමත් සමහර දරුවන් එම පාලම භාවිතා නොකර මහා මාර්ගයෙන්ම පාර දෙපැත්ත පනිමින් සිටී. මහල්වරාව හන්දිය, මොරකැටිය හන්දියේ ඇතිවෙන වාහන තදබදය නිසා කොට්ටාවේ සිට පන්නිපිටිය සඥා පුවරුව දක්වා සතියේ දිනවල මහත් වාහන තදබදයක් ඇති වෙනවා. ඒවාට විසදුමක් පෙනෙන තෙක් මානේ නැත. මාර්ග සංවර්දන අධිකාරියට පින්සිද්ද වෙන්න පන්නිපිටිය කන්ද කපාපු ස්ථානයේ මාර්ගය පස්පුරවා මංතීරු 4කට සංවර්දනය කල නිසා මෙම ස්ථානයේ අද වාහන තදබදයක් නැහැ. එක ගුවන් පාලමක් සාදා විවෘත කල පලියට කොළඹ නගරයේ වාහන තදබදය අඩුවන්නේ නැහැ. දිගු දැක්මක් සහිතව මාර්ග සංවර්දනය කිරීමයි අවශ්‍ය වන්නේ.
හොද දෙයක් හොඳ විදියට දකින්නේ කීයෙන් කී දෙනාද? තමන්ගේ පාට කන්නාඩිය දාගෙන කොමෙන්ට්ස් දෙන්නේ. සමහර ව්‍යාපෘති පටන් ගන්නේ එක රජයකින් ,ඉවර කරන්නේ තව රජයකින්. ඒවාට අයිතිය කියන්න කාටවත් බැහැ. සේරම මහජන මුදල්. නමුත් මා දන්නා තරමට මෙය මේ රජයේ වැඩක්
රවීන්ද්‍ර ඔයා නිදන් ඉදලද ඇහැරුනේ.