(නිමන්ති රණසිංහ)
ලංකා ගමනාගමන මණ්ඩලය මගින් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් සම්බන්ධයෙන් රේගුව කරන පරීක්ෂණ නතර කිරීමට හා බදු මුදල් නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 125ක් ලබාගත් බව කියන සිද්ධියේ විමර්ශන අවසන් කර නීති අංශයට යොමු කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ අද (25) ප්‍රකාශ කළේය.
සිද්ධියේ දෙවැනි සැකකරු වූ පන්නිපිටියේ පදිංචිව සිටි නියෝජ්‍ය රේගු අධිකාරි ජගත් ගුණතිලක මහතා මිය ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයේ දී අධිකරණය වෙත වාර්තාවක් ලබාදෙන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd