IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


රැකියාවලට සේවකයින් බඳවාගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

(ඩයනා උදයංගනී)

රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  පැවසීය.

මීට පෙර මෙම වයස් සීමාව වයස අවුරුදු 15 ක් වූ අතර ඒ අනුව තව වසරකින් එය ඉහළ නංවා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 16 තෙක් අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපන ලැබිය යුතු බවට වන නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීම මෙහිදී සිදුවන බව ඇමති රමේෂ් පතිරණ මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව 1954 අංක 19 දරන (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, (135 අධිකාරිය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත යන පනත් හා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958-10-31 දිනැතිව අංක 11573 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස වන කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.



අදහස් (8)

රැකියාවලට සේවකයින් බඳවාගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Prabha Thursday, 17 September 2020 03:33 PM

ළමා කාලය 16 සිට 18 දක්වා වැඩි කළා නේද? එතකොට මේ වැඩ ගන්න යන්නේ ළමා වයසේ අයගෙන්නේ..

:       362       410

PradeepThursday, 17 September 2020 04:11 PM

ළමයින්ගෙනුත් වැඩ ගත්තට කමක් නෑ කියලා ඔය කට්ටිය ඩිස්ලයික් දාලා කියලා තියෙන්නේ... එයාලට කවුද කියලා වැදගත් නෑ. වැඩේ කෙරෙනවා නම්..

:       411       168

PrabhaThursday, 17 September 2020 06:19 PM

දෙයක් කියවාගැනීමේ හැකියාව සහ අවබෝධ කරගැනීමේ හැකියාව අතර වෙනස.. අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ.

:       0       1

සෝමපාලThursday, 17 September 2020 11:07 PM

ඔය උතුමන් වහන්සේලා සමහර විට අහලත් ඇති මේ රටේ ඉන්නවා දුප්පත් කියලා මිනිස්සු කොට්ටාශයක්. ඔවුන් දවසට වේල් 3ක් කන්නේ නෑ. අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, හපුතලේ, නුවරඑළිය විතරක් නෙමේ කොළඹත් එහෙම අය ඉන්නවා. ඔවුන්ගේ ගොඩක් අය උසස්පෙළ කරන්නේ නෑ. ඒ මොලේ නැති නිසා නෙමේ පවුලේ අය බඩගින්නේ ඉද්දී ඉගෙන ගන්න ඒවා නෙමේ මතක් වෙන්නේ... තමන්ගෙ නංගි, මල්ලි බඩගින්නේ අඬන හැටි, ඒවට අම්මා, තාත්තා දුක් සුසුම් හෙලන හැටි... ඉතින් ඔවුන් දවසෙ පඩියට කුලියට වැඩට යනවා, හේන් කොටනවා, කුඹුරු කොටනවා. ඔය වයස 15 ඉඳන් 16ට ගෙනාපු එකත් ලොකු දෙයක්... ඉස්සෙල්ලා ඔවුන්ගේ ආර්ථික තත්වේ දියුණු කරලා තමයි ඕක 18 කරන්න ඕනේ. නැත්තන් ගොවියන් වස බොයි කියලා ප්‍රවෘත්ති අහන්න ලැබෙයි...

:       0       2

gomis Thursday, 17 September 2020 05:42 PM

අවුරුදු 16ක ළමයෙක් සාමාන්‍ය පෙළ සුදුසුකම් නැතිනම් ඉතින් කම්කරු පියන් වගෙ අත පල්ලෙන් යන ආත්මයක් නැති සදහටම ණය, උකස් කාක්කට දෙකට නැවෙන සමාජයක තමයි ඉතින්.. දුප්පත් දරුවන්ට ඉගෙනුමට අතහිත දීමයි.., ආණ්ඩුවේ, සමාජයේ යුතුකම.

:       0       0

Champa Thursday, 17 September 2020 06:02 PM

ආණ්ඩුවේම තීරණ ආයතනයකින්, ආයතනයකට යන්නේ ඉබි ගමනින්. මේ වයස අවුරුදු 16 නෙමෙයි දැන් 18 වෙන්න ඕනේ.

:       0       1

එරා Thursday, 17 September 2020 06:23 PM

සාමාන්‍ය පෙළ විභාගය පෙර පරිදි අවුරුදු 15දී, එනම් 10 ශ්‍රේණියේදි පවත්වන්න. ලන්ඩන් A/L අවුරුදු 16දී අවසාන කළ හැක... අපේ දරුවෝ තව අවුරුදු 4ක් පාසැලේ නාස්ති කරනවා.

:       0       0

Raveendra Thursday, 17 September 2020 06:46 PM

අනේ රමේෂ් දොස්තර මල්ලියේ..මලය 2වෙනි 3වෙනි පන්තියේදී ඉලක්කන් අඩු වැඩි කිරීම ඉගෙන ගත්තේ නැතිව කොහොමද දොස්තර විභාගේ සමත්වුනේ..? ගණිතය දැනුම දොස්තර විභාගෙට ඕනේම නැද්ද? අවුරුදු 16ට වඩා අඩුද අවුරුදු 18? ළමාකාලයේම රැකියාවක් කිරීම සුදුසුද? අප විශ්වාස කරනවා අවම වයස "අවුරුදු 10ටම වැඩි" කරා නම් වඩාත් සුදුසු නොවේද?

:       0       94

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site