IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යල කන්නයේ කුඹුරු වගාව ඉහළට


 
විනීතා එම් ගමගේ
 
ඉදිරි යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළ යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
 
කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02කට ආසන්න ප‍්‍රමාණයක් වුවත් ලැබුණු වැසි හේතුවෙන් වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් 538,399ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. 
 
මේ නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා  කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
පසුගිය දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකටම ලැබුණු වර්ෂාව හේතුවෙන් මේ වනවිට සෑම ජලාශයක්ම සියයට 75 /90ත් අතර ප‍්‍රමාණයකින් ජලය පිරී ගොස් ඇති අතර ප‍්‍රදේශ කිහිපයකට පමණක් තවමත් නිසි පරිදි වර්ෂාව නොමැති හෙයින් එම ප‍්‍රදේශවල පමණක් අවම කුඹුරු ප‍්‍රමාණයක් වගා කිරීමට සිදුවී ඇති  බව ද එම නිලධාරියා  කීය.
 
වගා කරන කුඹුරු ප‍්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2018 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර ප‍්‍රමාණය ද කිසිදු හිඟයකින් තොරව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා   ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

මෙවර යළ කන්නය සඳහා රජය   සහනාධාරය යටතේ නිකුත් කරන පොහොර ප‍්‍රමාණය මෙ. ටො. 162,179.97කි. මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය සඳහා රජය විසින් වෙන් කර තිබෙන මුදල රු. මි. 9,551,774,330කි.
 
රජය විසින් කළින් පැවැති ක‍්‍රමයට අනුවම පොහොර ලබා දීමට පියවර ගෙන ඇති අතර වී වගාව සඳහා ලබා දෙන පොහොර මිටියක් රු. 500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්ද, සෙසු වගාවන් සඳහා යුරියා පොහොර මිටියක් රු. 1500කට නියෝජිත ආයතනවලින්ද මිල දී ගත හැකිය.



අදහස් (1)

යල කන්නයේ කුඹුරු වගාව ඉහළට

Athula k Tuesday, 03 July 2018 08:44 AM

හීනෙන් කියවනවද කොහෙද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site