(රොමේෂ් මධුෂංඛ)
යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි දැරියකගේ සැක සහිත මළ සිරුරක් ළිඳක තිබියදී හමු වූ බවට වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.
දැරිය පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ අය විසින් සොයා බැලීමේදී නිවසට එන මාර්ගයේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී දැරියගේ මළ සිරුර පවුලේ ඥාතීන්ට හමු වී ඇත.
සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 06 හැවිරිදි ශිවනේශ්වරන් රෙජීනා යාපනය කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය.
පාසල් දැරියගේ මළ සිරුර ගොඩට ගත් අවස්ථාවේදී දැරියගේ ගෙලෙහි කිසියම් කැලළක් තිබී ඇති අතර දැරිය කිසියම් පුද්ගලයෙක් විසින් ඝාතනය කර ළිඳට දැම්මේ ද යන්න පිළිබඳව සැකයක් ඇති අතරම දැරියගේ මළ සිරුරු යාපනය මහ රෝහලට බාර දී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය වැඩිදුරටත් පවසයි.



COMMENTS
මේ රටට මොනවා වෙනවද මන්ද උතුරත් එකයි දකුණත් එකයි ඇත්තටම රටේ ආණ්ඩුවක් තියනවද ?අර හාමුදුරුවෝ කියපු දේ වත් වෙනවනම් හොඳයි කියල වෙලාවකට හිතෙනවා
පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න.හැම තැනම අපරාද
උතුරේ සමාජය වසර ගනනක යුද්දයෙන් පස්සෙ විනාශ වෙලා ඉවරයි. එය පුනරුත්ථාපනය කරන්න කාටවත් උනන්දුවක් නෑ. ඒ වෙනුවට ආයෙත් යුද්දය පටන්ගෙන තමන්ගේ බඩ වඩාගන්න ඩයස්පෝරාව බලාගෙන ඉන්නවා. ඒ පවෙන් මිදෙන්න ඒ අයට කවදාවත් බෑ.