( රොමේෂ් මධුෂංඛ)
යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ හය හැවිරිදි පාසල් දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු ලබන ජූලි මස 11 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ආශිර්වාදම් ග්‍රේෂියන් ඇලෙක්ස්රාජ් මහතා නියෝග කළේය.
හය හැවිරිදි සිවනේශ්වරන් රෙජීනා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඉන් ප්‍රධාන සැකකරු වූ සුලිපුරම් කාසුකුලම්හි පදිංචි සිවකුමාර් සදීස්කුමාර් නැමත්තා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ගේන් වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇත.
ශිවනේස්වරන් රෙජීනා දැරිය පාසල් ගොස් ආපසු නිවසට එමින් සිටියදී ඇගේ ගෙළ සිරකොට ඝාතනය කර අසළ ළිඳකට දමා තිබියදී දැරියගේ මළ සිරුර හමුවිය.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙකු වන අතරම මිය ගිය දැරියගේ පියා සමග ආරවුලක් තිබී ඇති බවටද තොරතුරු වාර්තා වූ බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය සුලිපුරම් දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
latha Thursday, 28 June 2018 01:45 AM
එලන්චේලියන් මහතාට මේ නඩුව බාර දෙන්න.
Sanath Thursday, 28 June 2018 02:57 AM
මේ වයසේ ළමයි දෙමව්පියන්ගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම ඇස් වගේ ආරක්ෂා කරගන්න ඕන. මත්ද්‍රව්‍ය වලින් හරි වෙන හේතුවකින් හරි මනස විකෘති වුන පුද්ගයකුට විතරයි මේ වගේ අපරාධයක් කරන්න හැකි වෙන්නේ.
padmini Thursday, 28 June 2018 04:37 AM
අර ඉලන්ගේච්චන් නඩුකාර තුමා ඉන්න නිසා ඔය පාපතරයට නිසි දඩුවම ඉක්මනින් ලැබේවි. විද්‍යා දියණියට වගේ.